• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම මවිත කරන්න ඉන්කාවරුන්ට තිබුණු රහස් බලය මොකක්ද?

April 25, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයම මවිත කරන්න ඉන්කාවරුන්ට තිබුණු රහස් බලය මොකක්ද?
Share on WhatsAppShare on Facebook

ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාර ගැන කතා කරද්දී ඉත්තා යන නාමය මුලින්ම කියැවෙන වචනයක් බවට පත්ව තිබේ. පුරාවිiාඥයන්ගේ මතයට අනුව ඉන්කා ශිෂ්ටාචාරය ලෝකයේ පැවැති ප්‍රබල සහ බලසම්පන්න ශිෂ්ටාචාරයකි. ඇමෙරිකාවේ අන්දීස් කඳු පන්ති ආශ්‍රිතව බලවත් අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි ඉන්කාවරුන්ට එවකට ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසුවූ බවයි වාර්තා වෙන්නේ. එම අධිරාජ්‍ය දකුණු ඇමෙරිකාවේ ඉක්වදෝර්, පීරූ, බොලිවියා හා චිලී දක්වා පැතිර තිබුණු අතර එය ක්‍රි.පූ. 1200 සිට 16 වැනි සියවස දක්වා ඉදිරියට පැවැති බවටත් වාර්තා වෙනවා.

එවකට ඉන්කා අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය වූයේ කපුස්කෝ නගරයයි. එය වර්තමාන පේරූ රාජ්‍ය අසල පිහිටා තිබූ අතර, ඉන්කා ජනතාව අන්දීස් කඳුවැටියේ ඉහළ මුදුන්වල නිවාස ඉදිකරගෙන සිය ජීවිකාව පවත්වාගෙන ගිය අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වූයේ ගොවිතැනයි.

කුලගෝත්‍ර ප්‍රශ්නය ඉතා ඉහළින් සැලකූ ඉන්කාවරුන් ප්‍රධාන වශයෙන් ගෝත්‍ර තුනකට බෙදී සිටි බවයි පැවසෙන්නේ. ඒ අනුව උසස් යැයි සම්මත පන්තිය ප්‍රභූවරුන්ගෙන් සමන්විත වුණා. පහත් යැයි සම්මත පන්තිය වහලුන් ලෙසත්, යුද සිරකරුවන් සහ වහලුන්ගේ දරුවන්ද වහල් කුලයටම අයත් වූ අතර, ඉන්කාවරුන් අතර තවත් විශේෂ කාරණාවක් දක්නට තිබුණා. එනම් යම් විශේෂ ක්‍රියාවක් හෝ හපන්කමක් කරන යුද සෙබළුන්ට, කලාකරුවන්ට ඉන්කා ප්‍රභූ පන්තියට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. ඊට අමතරව ප්‍රභූභාවය ලැබීමට හැකි තවත් ක්‍රමයක් ලෙස සැලකුවේ සිය කැමැත්තෙන්ම අධිරාජ්‍ය නීතියට එකඟව ගම් ප්‍රධානී තනතුරක් ලබා ගැනීමයි. ඒ අනුව එම පුද්ලගයාගේ පවුලේ සමීපතමයන්ටත් ප්‍රභූභාවය හිමි වන නමුත් ඔවුන්ට ලේ උරුමයෙන් ප්‍රභූභාවය ලැබූවන්ට ලැබෙන සියලු වරප්‍රසාද භුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊළඟට වැදගත්ම කාරණය වන්නේ ඔවුනොවුන් අතර විවාහ කටයුතු සිදු නොකිරීමටත් ඉන්කාවරුන් ඉතා කල්පනාකාරී වුණා.

ඉන්කා රාජධානියේ අධිරාජ්‍ය හැඳින්වූයේ ඉන්කා හෝ සෆා ඉන්කා යන නම්වලින්. ඔහුට ඉතා ඉහළ ගෞරව සැලකිලි මෙන්ම වරප්‍රසාදත් හිමි වුණා. ඒ අතර විශේෂිත දේවල් ලෙස රන් භාජනයක ආහාර ගැනීමට ලැබුණු අතර, එක ඇඳුමක් එක් වරක් පමණක් ඇඳීමත් ඔහුගේ සම්ප්‍රදායක්. සිය සහෝදරියම බිරිය ලෙස තෝරා ගැනීමේ ක්‍රමයකුත් අධිරාජ්‍යයාට තිබූ බවත් පැවසෙනවා. රාජධානියේ ප්‍රධාන නගරයේ සිට පාලන කටයුතු කිරීමට පුරුදුව සිටි අධිරාජ්‍යයාට සියලු වැසියන් ඉතා බය පක්‍ෂපාතීව සැලකූ බවටත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා.

ඉන්කා රාජධානියේ ජනතාවගේ ප්‍රධාන ජීවිකාව වී ඇත්තේ ගොවිතැනයි. ඇඳුම් පැලඳුම් සහ බොහෝමයක් අත්‍යවශ්‍ය දේ තමන් විසින්ම පිළියෙල කරගැනීමේ හැකියාවක් සහ දක්‍ෂතාවක් ඉන්කා ජනතාව සතු වුණා. ඉරිඟු, තක්කාලි, අල, පලතුරු ආදිය ඔවුන්ගේ වගාවන් අතර ප්‍රධාන වූ අතර ඌරන්, තාරාවන් හා බල්ලන් ඇති කිරීමේ පුරුද්දක්ද ඉන්කා ජනතාව අතර බහුලව දක්නට ලැබුණු දෙයක්.

මේ සියලු කටයුතු සඳහා ඉන්කාවරුන්ට ප්‍රබල සහයක් දැක්වූ ඉල්මා නම් සත්ව කොට්ඨාසය ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනයට සහාය ලබාදෙන ගමන්ම, ලොම් සහ කිරි ලබා දීමෙන්ද ප්‍රමුඛ තැනක් ගත්තා.

මේ සියල්ල අතරේ ඉන්කාවරුන්ගේ මනා හැකියාවනුත් දක්‍ෂතාවයනුත් ලෝකය හමුවේ කතාබහට ලක්වූයේ ඔවුන්ගේ ඉදිකිරීම් තාක්‍ෂණය හරහායි. ඉතා ඉහළ අති නවීන යන්ත්‍ර සූත්‍රවලට පවා පහසුවෙන් කළ නොහැකි ආකාරයේ ශෛලමය ඉදිකිරීම් ඉන්කා රාජ්‍යයේ අභිමානය ලෝකයට කියාපෑවා.

එය දැනට සොයාගෙන ඇති ඉන්කා රාජධානියේ ගොඩනැඟිලි ඉදිකිරීම්වල ඇති තියුණු සහ මනා නිමාවෙන් පැහැදිලි වෙනවා. දැවැන්ත ගොඩනැඟිලි මහා මාර්ග මෙන්ම කඳු මුදුන් යාකර ඉදිකර ඇති පාලම්ද විස්මිත නටබුන් අතර නොනැසී පවතිනවා. ඒ අතර ඉන්කාවරුන් නිම කළ අලංකාර කැටයම් යෙදූ විවිධ උපකරණ පුරාවිiාඥයන් සහ ලෝකවාසීන් මවිතයට පත්කළ දේවල්. ඉන්කා කාන්තාවන් අත්කම් ගෙත්තම් ආදිය හසළ නිපුණත්වයක් තිබූ අය බවයි පැවසෙන්නේ.

අදටත් ප්‍රධාන නගරයේ විශාල ගල් පවුරු අංශුමාත්‍රයකින් හෝ වෙනසක් නොමැතිව පවතින අතර ඒවායේ ගල්කුට්ටි ඉතා සියුම් ලෙස එකට පුරුද්දා ඇති අයුරුත් දක්නට ලැබෙනවා. අතිවිශාල බරකින් යුතු ගල්කුට්ටි මෙසේ පවුරු සකස් කිරීමට යොදාගෙන ඇති අතර ඒවා ඉතා සූක්‍ෂ්මව මනාලෙස කපා ඇති අයුරුත් විස්මයජනකයි.

ලෝහ කර්මාන්තයේ ඉතා ඉහළ දක්‍ෂතා ඇති ඉන්කාවරුන් අවි ආයුධ නිපදවා ඇති අතර ඒවා ගෝත්‍ර අතර සටන්වලදී භාවිතයට ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 12 වැනි සියවසේ සිට අතීතයට දිව යන ඉන්කා ශිෂ්ටාචාරය වරින්වර අධිරාජ්‍යයන් 13 දෙනකු යටතේ පාලනය වී ඇති අතර පුරාවෘත්තවලට අනුව මේ අධිරාජ්‍යය ආරම්භ කර ඇත්තේ පකාරිටම්පු නම් ප්‍රදේශයේ සිට එහි පැමිණි සොහොයුරන් හතරදෙනකු විසිනි.

ඉන්කාවරුන් ස්වභාවධර්මයා දේවත්වයෙන් සැලකූ අතර හිරුට – සඳුට තරුවලටත් දේවත්වයෙන් සලකා ඇත.

එසේම මේඝ ගර්ජන නම් බල සහිත දෙවියකු උදෙසාත් පුදපූජා පවත්වා තිබෙනවා. ගුප්ත දේ ගැන නොපෙනෙන බලවේග ගැන අසීමිත විශ්වාසයකින් කටයුතු කළ ඉන්කාවරුන් සිය හැකියාවන් සහ නිපුණතාවයන් සඳහාත් එවැනි ගුප්ත බලයන් භාවිත කළාද යන්න සැකසහිතය. ඇතැම් විට ඔවුන් සතුව එවැනි නොපෙනෙන ශක්තීන් තිබුණාදැයි සැක කිරීමට සාධාරණ හේතු නැතුවාම නොවේ.

කෙසේ නමුත් මිනිස් බිලි පූජා පැවැත්වීම කෙරේ වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන ඉන්කාවරුන්ට ඒ සඳහා වැඩිපුරම තෝරා ගන්නේ ළමයින් සහ කන්‍යාවන්ය.

මේ සියලු කාරණා සමගින් ඉන්කාවරුන් සිය අනන්‍යතාවයත් අභිමානයත් ගොඩනඟමින් අදටත් නොනැසී පවතින විස්මිත රාජධානියක නටබුන් ඉතිරිකර ගොස් ඇති අතර එම ඇතැම් නිර්මාණ කෙසේ කළාදැයි අදටත් අබිරහසකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

S-lon සමාගමට COVID-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති සහතිකකරණය

Next Post

කොරෝනා එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය ජුනි 24 සහ ජූලි 16! දෙන අය තවම තීන්දු කර නෑ!!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.