LOLC ලයිෆ් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය මගින් පසුගියදා කොළඹ රමාඩා හෝටලයේදී සංවිධානය කරන ලද වාර්ෂික අන්තර් රක්ෂණ සමාගම් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියේ අනුශූරතාව ජය ගැනීමට සමත් විය. මේ වසරේ තරඟාවලියේ දෙවන ස්ථානය LOLC ලයිෆ් හිමිකරගත්තේ ක්ෂේත්‍රයේ තරඟකරුවන් විසි දෙනෙකු පමණ අභිබවමිනි. LOLC ලයිෆ් මෙම තරඟාවලියේ පළමු ස්ථාන 3 අතරට පැමිණි අඛණ්ඩ 3 වන වසර මෙයයි.
අන්තර් රක්ෂණ සමාගම් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය රක්ෂණ ප්‍රජාව අතර මිත්‍රත්වය හා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද්දකි. රක්ෂණය, ඉතිහාසය, භූගෝලය, විද්‍යාව, සාහිත්‍යය හා විනෝදාස්වාදය, කාලින තොරතුරු, බුද්ධි පරීක්ෂණ මෙන්ම තාර්කික ඥානය මත පදනම්වූ ප්‍රශ්න එහිදී තරඟකරුවන් වෙත යොමු කෙරිනි.











