විiාව අතින් විශාලතම දියුණුවක් ලබා ඇති නව කාලපරාසයක සංකීර්ණ සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබේ. එම සමාජයේ රිද්ම රටාව අනුව බලන විට අප අනුගමනය කරන ඇතැම් කරුණු ප්‍රායෝගික දැයි තීරණ කිරීම අවශ්‍ය වේ. මේ යුගයට ගැළපෙන ලෙස ක්‍රියාත්මක විය යුතුයි. එබැවින් ජ්‍යොතිෂ මතය අනුව මියගිය අයකු භූමදාන කිරීමට හෝ ආදාහනය කිරීමට අඟහරුවාදා මෙන්ම සිකුරාදා අසුබ යැයි මතයක් පැතිර ඇත. කෙනකු මියගිය පසු තත්කාලීන කාලය අනුව පංචාංගය හෝරා යනාදී කරුණු සැලකිල්ලට ගෙන පලාපල විමසීමක් කරනුයේ ඔහුට ඇති ආදරය, ළෙන්ගතුකමටත් වඩා ජීවතුන් අතර සිටින නිවෙසේ අයට අපල තත්ත්වයක් ඇති වේවිද යන්න සැකයක් ඇති නිසාය.
මෙහි ශාස්ත්‍රීය ආගමක් ඇති ආකාරය පැහැදිලිය. එහෙත් අවසන් කටයුතු සඳහා කුජ දින ශුක්‍ර සිකුරුදාටත් වඩා අඟහරුවාදා අවසන් කටයුතු යොදා නොගනී.
එසේ කළොත් ප්‍රාණකරුවන්ට හා ස්ථානයට විපත් කරදර ගෙනදේ යැයි සිතීම ගැනත් කුඩා මොළයෙන් කල්පනා කිරීම මැනවි.
නොවැළැක්විය හැකි හේතූන් නිසාම අඟහරුවාදා දිනවල අවමඟුල් කටයුතු කළ තැන් ගණනාවක්ම දැඩි පරීක්‍ෂාවකට ලක්කළෙමු.
ඒ කිසිම තැනක අබමල් රේණුවක තරම් අයහපත් කිසිවක් යෙදී නොතිබුණි. සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා වූ පලියටම ඒ දිනයන්ද හැමවිටම යහපත් නොවන බැව් දක්වමු.
රික්තා අග්නි දෝෂ එකී දිනවලට යෙදෙන අවස්ථා කොතෙකුත් ඇත්තේය.
බ්‍රහස්පතින්දා දින ඒවා යෙදීමෙන් අසුබ තත්ත්වයක් උදා වෙයි.
ගොවිතැන්, මැණික් කර්මාන්තයන්ටද අදාළ සුබම නැකැත් අඟහරුවාදා යෙදෙයි.
රත්නපුරේ මැණික් පතල් හිමියෙකුට අඟහරුවාදා නැකැතකින් වටිනාකමකින් යුක්ත මැණික් ලැබූ බැව් අප අත්දැක ඇත්තෙමු.
ගෘහ කර්මාන්ත, විවාහය, හිසකෙස් කැපීම, කන්විදීම, බත් කැවීම අකුරු කියැවීම වැනි කාර්යයන් සඳහා අඟහරුවාදා දවස ගැනීම අසුබ වුවත් අවමඟුල්වලට අඟහරුවාදා යොදා නොගැනීම තේරුමක් නැති නිෂ්ඵල වැඩකි. මරණයකදී තුන්දවස, හත්දවස වෙනුවෙන් දන්දීම පවා ඇතැම් අය කුජ දිනට නොගනී.
ගංගා නම් ගංගාවේ නාන බමුණන්ට නෑකම් අවහිරය මඟහරවා ගැනීමට මෙවන් අදහසක් ජනයා අතර ප්‍රචලිත කළාද යන්න කුකුසකි. අඟහරුවාදා අවමඟුලක් ගැනීම පමණක් නොව අපේ රටේ විශේෂයෙන් කාන්තාවෝ සිකුරාදාද ස්නානය නොකරති. ශුක්‍ර හා ආර්ත වානු ධාතුවලට සිකුරාදාත් බලපාන බැව්ද එක්තරා මතයකි. දැරියක් මල්වර වීම ඉරිදා සිදුවුවහොත් අඟහරුවාදාත් කෙම්මුර දිනය බදාදාත් සිකුරාදා ස්නානය නොකර දිනයක් ලෙසත් සලකා සති ගණන් හිරකර හේතු ගාල්කරනු ඇත. මෙහි විiාත්මක ජ්‍යොතිෂමය පදනමක් තිබේ.
බ්‍රහස්පතින්දාත්, සුබ නැකැත් නොගැළපුණහොත් තවත් ප්‍රශ්නය දිග්ගැසේවි. ඒ පිළිබඳව පසුව කතාබහ කරමු.
මේ කියවන ඔබ බුද්ධිමත් නිසා ගැටලුවක් ඇති නොවේවි. අප අතර පවත්නා මතිමතාන්තර තවදුරටත් එලෙසින්ම භාවිත කිරීමට ඉඩ හැරීමෙන් ඉදිරි ගමනට බාධාවක් වනු නිසැකයි. දැන් නම් කොරෝනා වැලඳී මියගිය විට අඟහරුවාදා, සිකුරාදා පසෙක තබා සෞඛ්‍යමය හේතූන් මත නිසි කළමනාකරණයෙන් යුතුව අවසන් කටයුතු කිරීමට අකැමැත්තෙන් වුවද සිදුවී ඇත. මේ බියකරු මහා වසංගත රෝගයෙන් කෙනකු මියගිය පසු කිසිම කෙනෙක් මළසිරුර බදාගෙන අඬන්නට නොයයි. දෑස්වල කඳුළු වේළී තිබේ. බයත්, ත්‍රාසයත්, සැකයත් සිත් කැකෑරී කරකවා අතඇරියාක් මෙන් ලොවම සියලු දෙනාම තුළ සිටින බව නොරහසකි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











