මෙරට ප්‍රමුඛතම බැංකුව වන ලංකා බැංකුව BOC දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘BOC රන් කැකුළු Smart’ ළමා ඉතිරි කිරීමේ ගිණුම මගින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. මෙහිදී පෙර පාසල් සහ 1 ශ්‍රේණිය සඳහා ඇතුළත් වන නවක සිසුන්ට ඔවුන්ගේ ‘BOC රන් කැකුළු Smart’ ගිණුමට රුපියල් 1500ක් තැන්පත් කළ විට පාසල් බෑගයක් හා රු.500 සිට 1500 දක්වා තැන්පතු සඳහා අලංකාර පින්තූර පොතක් ත්‍යාග වශයෙන් ලබාදීමට කටයුතු සූදානම් කොට තිබේ.
ඊට සමගාමීව රට පුරා තෝරාගත් වෙළෙඳසල් වෙත ‘BOC රන් කැකුළුSmart’ පාස් පොත හෝ ‘කාඩ්පත’ ඉදිරිපත් කිරීමෙන් මිලදී ගන්නා භාණ්ඩ සඳහා සුවිශේෂී වට්ටම් ලබාගත හැකි අතර, ‘BOC රන් කැකුළු Smart’ සිදුකරන සෑම තැන්පතුවක් සඳහාම උපරිමය රුපියල් 1000කට යටත්ව මුදල් ත්‍යාගයක් ලබාදීමට ලංකා බැංකුව කටයුතු කරයි.











