• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොමඩි කිරුල ශ්‍රියන්තටද?

September 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වෙනකොට ටිකක් අමුතු කතාබහක් කරළියට ඇවිත්. ආරංචිය හැටියට නම් කතාවට ඇමැති කෙනෙක් සම්බන්ධයි. කොහොමත් ඉතින් ඇමැතිලා ගැන කරළියට එන කතා ටිකක් නොවේ නොසෑහෙන්න අමුතුයි කියලා කවුරුත් දන්නවනේ. හැබැයි මේ කියන ඇමැති ඊටත් වඩා අමුතුයි කියල තමයි ආරංචි වුණේ. මේ ඇමැතිට හදවතක් ඇත්තෙම නැහැ කියලත් කතාවක් තියෙනවා. ඉතින් අන්තිමට බල්ලෙක්ගෙ හදවතක් ඇමැතිට බද්ධ කරපු කතාවකුත් ඇහෙනවා. කොහොමින් කොහොම හරි අන්තිමේ රතිඤ්ඤා සද්දයත් ඇහුණත් හැංගෙන්න දුවන මේ අපූරු ඇමැති ගැන විස්තර හොයලා බලද්දි තමයි අපිට දැනගන්න ලැබුණේ. මෙයා ගැන හරියටම දැනගන්න නම් කතා කරන්න ඕන හොඳම කෙනා අපේ රටේ දක්‍ෂ, ජනප්‍රිය වගේම කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා කියලා. මෙරට සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව යන ත්‍රිත්ව මාධ්‍යයම සිය රංගන කුසලතාවයෙන් හැඩවැඩ කළ, ඒ වගේම මෙරට නිර්මාණය වූ තුන්වැනි ටෙලිනාට්‍ය වන පළිඟු මැණිකේ තුළින් ටෙලිනාට්‍ය කලාවට පිවිස තවමත් ත්‍රිවිධ කලාකෙතම පෝෂණය කරමින් සිටින ශ්‍රියන්ත මෙන්ඩිස් නම් වූ ඒ විශිෂ්ට කලාකරුවා අපව පිළිගත්තේ සිය සුපුරුද, සුහදශීලී සිනාවෙන්මයි. අපි ඉතින් මේ අමුතු ඇමැති ගැන ආරංචියෙන්ම කතාව පටන් ගත්තා.
ළඟදි ඇමැති කෙනෙක් වෙන්න යනවා කියලා ආරංචි වුණා?
ඔව්… ඇමැති කෙනෙක් වුණානේ. ඒ “ජයශ්‍රී ඇමැතිතුමා” චිත්‍රපටයේ. මේ ඇමැති සාමාන්‍ය ඇමැතිවරුන්ට වඩා වෙනස් ඇමැති කෙනෙක්. කොහොසත් බලය ලැබුණාම ගොඩාක් අය වෙනස් වෙනවනේ. චීන කියමනක් තියෙනවනෙ මිනිසකු හඳුනාගන්න ඔහුට බලය දෙන්න කියලා.
එතකොට ළඟදි ජනාධිපති තරගයකට ඉදිරිපත් වෙනවා කියලත් ආරංචියක් ලැබුණා?
ජනාධිපති තරගයටත් ඉදිරිපත් වෙනවා. ඒ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” කියන ෆිල්ම් එකේ. මේ වෙනකොට ඉතින් සියල්ල තෝරන්නේ රියැලිටි තරගවලින්. නළුවෝ නිළියෝ හොඳම කුක්ලා, හොඳම ගායකයෝ.ඔය වගේ හැමදේම සුපර් ස්ටාර්වලින්ම තෝරන එකේ, ජනාධිපතිත් ඒ විදියටම තෝරන්න තමයි ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ලෑස්ති වෙන්නේ.
එතකොට ජයශ්‍රී ඇමැතිතුමා චිත්‍රපටයයි, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයයි දෙකේම ඔබ කොමඩි චරිතද කරන්නේ?
කොමඩි චරිතයක්ම කියන්න බැහැ. පොඩි සීරියස් චරිතයකුත් මේ තුළ තිබෙනවා.
ඉදිරියේදී කොමඩි චරිතවලටම කොටුවෙයි කියලා හිතෙන්නෙ නැද්ද?
අපෝ නැහැ. එහෙම වෙන්නේ නැහැ. චිත්‍රපට කිහිපයකම එකිනෙකට වෙනස් චරිතවලින් මාව දැකගන්න ලැබෙනවා. ඒ අතර මිදුණු විශ්වය චිත්‍රපටයේ චරිතය වෙනස්. ඊළඟට ගේම් චිත්‍රපටයේ මම උසස් පොලිස් නිලධාරියෙක්. උතුරු සුළඟ චිත්‍රපටයේ ගම් භාර ගොවියෙක්. මේ චරිත ගත්තාම ඒවා එකිනෙකට වෙනස්. අනෙක් එක ලෝකයම කොමඩි වුණු වෙලාවක අපි ටිකක් කොමඩි වුණාම මොකද?
සිංහල සිනමාවේ විජය නන්දසිරි මහත්මාගෙන් හිස්වුණු කොමඩි කිරුළ ඊළඟ හිමිකරුවා ශ්‍රියන්ත මෙන්ඩිස්ද?
අනේ නැහැ. අනෙක් එක විජය නන්දසිරි මහත්මයා කොමඩි නළුවෙක් විදියට මා දකින්නෙ නැහැ. ඔහු හොඳ දක්‍ෂ නළුවෙක්. ඒ වගේම හොඳ නිර්මාණශීලී හැකියාවක් තිබුණු චරිතාංග නළුවෙක් විදියටයි මම ඔහුව දකින්නේ.
මේ වන විට ඔබ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කොපමණ ප්‍රමාණයකට දායක වෙලා තියෙනවාද?
චිත්‍රපට නම් 50ක පමණ රඟපාලා තියෙනවා. ටෙලිනාට්‍ය නම් 200ක විතර රඟපාලා තියෙනවා. අනෙක් කාරණය තමයි මං ලංකාවේ නිර්මාණය වුණු 3 වැනි ටෙලිනාට්‍ය වන “පළිඟු මැණිකේ” ටෙලිනාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. එදා සිට තවමත් ඉතින් රංගනයේ යෙදෙමින් ඉන්නවා. සිනමාව, රූපවාහිනිය, වේදිකාව කියන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම මාව දකින්න පුළුවන්.
චිත්‍රපට 50ක්, ටෙලිනාට්‍ය 200ක් ඔබත් සමඟ සිටි රසික පිරිසට මොනවද කියන්න තියෙන්නෙ?
විෂම කැරකෙන ලෝකය ගැන අවධානයෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ශ්‍රියන්ත මෙන්ඩිස් නම් දක්‍ෂ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියාගෙ හෙට දවසෙ ප්‍රාර්ථනාව මොකද්ද?
ඔව්. හෙට දවස හොඳවෙලා හැමෝටම සතුටින්, සමඟියෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ලංකාවේ ජන සමාජයේ සිතුම පැතුම් හඳුනාගත් නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කඩවර කියන්නේ යක්ෂයෙක්ද? දෙවියෙක්ද?

Next Post

සෆාරි යන්න කියාපු ගම Udawalawa Safari Village

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.