සෆාරි කිව්ව ගමන්ම අපේ මතකයට නැඟෙන තැනක් තමයි උඩවලව. සෆාරි යන්න කැමැති ගොඩ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නෙත් උඩවලව. කොළඹ ඉඳන් උඩවලවට කිලෝමීටර් 175ක දුරක් තියෙනවා. ඉතින් මෙච්චර දුරක් ගිහින් එක පාරටම සෆාරියක් යනවට වැඩිය පොඞ්ඩක් නිවාඩු පාඩුවේ ඉඳලා, පොඩි විවේකයක් අරගෙන ඒ ගමන යන්න තමයි ගොඩක් අය කැමැති. අන්න ඒකට ගැළපෙනම තැනක් ගැන තමයි අද කියන්නේ. මේ නවාතැනේ නම Udawalawa Safari Village Hotel. ඒ හින්දා මේ නවාතැන ගැළපෙන්නෙම සෆාරි යන්න බලාගෙන උඩවලවට එන සංචාරකයන්ටම තමයි.
උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 05ක් දුරින් පිහිටි මේ නවාතැන පිහිටි භූමිභාගය අක්කර 04කට වඩා විශාලයි. මීට 28 වසරකට පෙර ආරම්භ කළ මේ හෝටලය පිහිටි ප්‍රදේශයත් වනාන්තරයකට නොඅඩු අසිරියකින් යුක්තයි. ඒ හින්දා දැඩි නියං කාලයටත් මේ හෝටලය අවට ඒ තරම් දැඩි රස්නයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ කුරුලු විශේෂ බොහෝ ප්‍රමාණයකුත් සැරිසරන බව දැකගන්න පුළුවන්.
පරිසරවේදියකු සහ වනාන්තර ගවේෂකයකු වන ජයන්ත කුමාර මහතාගේ අදහසක් අනුව 1992 වසරේදී තමයි Udawalawa Safari Village හෝටලය ආරම්භ වෙලා තියෙන්නේ. හෝටලය අවට අද දක්නට ලැබෙන වන ගහනයෙන් 90%ක්ම ඊට පසුව වගා කළ බව තමයි ජයන්ත කුමාර මහත්තයා අපි එක්ක කිව්වේ. මේ වන විට සුවපහසු කාමර 19කින් සහ නිකේතන 03කින් සමන්විත මේ හෝටලය තුළ ඇති පිහිනුම් තටාකයද සියලුම පහසුකම්වලින් යුක්තයි. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සෆාරි ගමන් පහසුව සහ කැමැති අයට කෑම්පින් කිරීම සඳහා අවශ්‍ය උපකරණත් මේ හෝටලයෙන්ම ලබාගත හැකි වීම නිසා ඔබේ සංචාරය ඉතාම පහසු එකක් වනවා නොඅනුමානයි.
උඩවලව ජාතික වනෝද්‍යානය විතරක් නෙවෙයි, උඩවලව ඇත් අතුරු සෙවණ, මඩුවන්වෙල වලව්ව, මදුනාගල උණු වතුර ළිං බලන්න යන්නත් මෙතැන ඉඳන් ගතවෙන්නේ පැය එකහමාරක් වගේ කාලයක් විතරයි.
මීට වඩා වැඩි විස්තර මොකටද? අපි කියන්නේ ඇත්තද බොරුද කියලා ගිහිල්ලම බලන්නකෝ.
S and K Safari Village (Pvt) Ltd තමයි මේ වන විට හෝටලය පාලනය කරන්නේ. 0757960361ට හරි 0112591728 හරි කතා කළොත් මේ ගැන හැමදේම දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් www.safarivillagehotels.com වෙබ් අඩවියට පිවිසුනත් හරි.
චන්දන පොන්නම්පෙරුම