• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මලක් වගේ ලස්සන පද්මිණි ස්ත්‍රිය

February 6, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
මලක් වගේ ලස්සන පද්මිණි ස්ත්‍රිය
Share on WhatsAppShare on Facebook

මනුෂ්‍යයන්ගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා සුපරීක්‍ෂාවෙන් බලා සුබ – අසුබ හඳුනා ගැනීම අංග ලක්‍ෂණ විද්‍යාව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාවයි. දේහ ලක්‍ෂණ විද්‍යාව පුළුල් වපසරියකින් හෙබිය. එහි අංග ලෙස දේහ ලක්‍ෂණ විද්‍යාව, හස්ත රේඛා විද්‍යාව හා ශබ්ද විද්‍යාව හෙවත් ධ්වනි මුඛ ශාස්ත්‍රය දැක්විය හැකිය. මෙම විද්‍යාව න් ගුරු මුෂ්ටි සහිත වූ නිසාම අප අතරින් ගිලිහෙමින් පවතී. අංග ලක්‍ෂණ විද්‍යාවදී ස්ත්‍රී දේහ ලක්‍ෂණත්, පුරුෂ දේහ ලක්‍ෂණත් වෙන් වෙන්ව හඳුනාගත හැකිය. දේහ ලක්‍ෂණ විද්‍යාවට මෙතරම් වටිනාකමක් හිමි වන්නේ යමෙකුගේ ගත ලකුණු බලා ඒ තුළින් ඔහු කවර ආකාරයේ චරිතයකින් හෙබි පුද්ගලයකුද යන්න පූර්ව නිගමනය කර මනාව අවබෝධ කරගත හැකි බැවිනි. දැඩි ආයාසයක් දරා හැසිරීම් රටාව, ඉරියව්, කතාව, සිනහව ආදිය ව්‍යාජව මවා පෑවද, ජන්ම පත්‍රය සියුම් ලෙස වෙනස් කෙරුවද හස්ත රේඛාත්, දේහ ලක්‍ෂණත් කිසිදා එලෙස වෙනස් කළ නොහැකිය. මෙම ශාස්ත්‍රය පිළිබඳ නිවැරැදි දැනුම ලොකු, කුඩා භේදයකින් තොරව අප කා හටත් ප්‍රයෝජනවත්ය. හසළ අත්දැකීම් සමූදායකින් පරිපූර්ණත්වයට පත්වීමට වඩා ඉතා පහසුවෙන් මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයන් පහසුවෙන් හඳුනාගත හැකිය. දේහ ලක්‍ෂණ විද්‍යාවේදී පලාපල පවසනුවස් ශරීරයේ විවිධාකාරයේ පිහිටීම්, හැඩහුරුකම්, ඉරියව් සහ සුවිශේෂී ලප, කැළැල් ආදිය භාවිතයට ගැනේ. මෙම විෂය හස්ත රේඛා විද්‍යාව මෙන්ම ප්‍රායෝගිකය. පරීක්‍ෂණාත්මකය. සාපේක්‍ෂය. කෙසේ මුත් මෙතුළින් ක්‍ෂණික උසස් විමර්ශනාත්මක ඥානයක් ලබාගත හැකිය.

විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තම නෙත ගැටෙන සුන්දර සිත ඇදී යන තරුණියගේ හෝ තරුණයාගේ හෝ සත්‍ය වූ චරිත ස්වභාවයන් අනාගත තත්ත්වයන් මනාව අවබෝධ කරගත හැකිය. මෙම විiාව නිවැරැදිව හදාරා ප්‍රගුණ කිරීම තුළින් ප්‍රාථමිකව තමාට තමාවම නිවැරැදිව හඳුනාගත හැකිය. මෙම ශාස්ත්‍රය හොඳාකාරව දන්නෝ කිසිදා කිසිවකුගේ රැවටීම්වලට භාජනය නොවේ. තවද මෙම ශාස්ත්‍රය තුළ එක් දේහ ලක්‍ෂණයකින් තවත් දේහ ලක්‍ෂණයක් නිශේධනය වන අවස්ථාද වෙයි. එනිසා අංග ලක්‍ෂණයන් දුටු පමණින් හොඳින් නොවිමසා අවසන් නිගමනයනට නොයෙදිය යුතුය. යමකු සතු අංග ලක්‍ෂණ ඔහුගේ ජන්ම පත්‍රය තුළින්ද දැකිය හැකිය.

දේහ ලක්‍ෂණ විද්‍යාවට අනුව ස්ත්‍රින් වර්ග සතරක්ද, පුරුෂයන් වර්ග සතරක්ද වෙයි. එනම් ස්ත්‍රින් පද්මිණී, චිත්‍රිනී, සංඛිනී හා හස්තිනී ලෙසද, පුරුෂයන් ශශ, මෘග, වෘෂභ හා අස්වස ලෙසද වර්ග කර ඇත. මෙම ලිපියෙන් ස්ත්‍රින් වර්ග සතර අතුරින් පද්මිණී ස්ත්‍රිය කෙබඳුද යන්න හරියාකාරව නිවැරැදිව හඳුනාගනිමු. පද්මිණිය ස්ත්‍රින් වර්ග සතර අතුරින් උත්තම ගණයේ ලා සැලකෙයි. පද්මිණී වර්ගයේ ස්ත්‍රියක් සොයා ගැනීම ඉතා දුෂ්කරය. ශාස්ත්‍රයේ සඳහන් වන අන්දමට පද්මිණී වර්ගයේ ස්ත්‍රියක් තම භාර්යාව ලෙස ලබනුයේ පෙර පිනකටය. ඇය සත්‍ය වශයනේම බුදුදහමේ සඳහන් මාතෘ භාර්යා ගණයේ ලා වැටේ. පද්මිණී වර්ගයේ ස්ත්‍රියකට ආවේණික සුවිශේෂී වූ අංග ලක්‍ෂණ ගණනාවකි.
ඒ මෙසේය.
* ඇස් අග රතු පැහැතිය
* සම ඉතා මෘදුය
* පියයුරු වටකුරුය, අලංකාරය
* සිහින්, සිනිඳු රෝම සහිතය
* ශරීරය රතු-සුදු මිශ්‍ර පැහැපත් වර්ණයෙන් යුක්තය
* වරලස කළුය, දිගැටිය, අලංකාරය
* වරලස රැලි සහිතය, මෘදුය
* කටහඬ සිහින්ය, ප්‍රියමනාපය
* උකුල පළල්ය
* කෙන්ඩා යුවල මසින් පිරී ඇත
* පාදයේ නහර ඉල්ප්පී නැත
* අත්ල ළා රතු පැහැතිය
* නියපොතු පටුය, දිගටිය, රතු පැහැතිය
* ඇඟිලි සිහින්ය, දිගය
* මූණ සිහින්ය
* ඇවිදින විට අඟපසඟ නොසෙල්වෙයි
* ඇස් නෙලුම්මල් පෙතිවලට සමානය
* නාසයේ සිදුරු කුඩාය
* ශරීරය හැඩය, සිහින්ය
* පියයුරු දෙක අතර ඉඩක් නොමැතිසේ එකට තදවී ඇත
* ලම්භකර්ණ ආකාරයේ කන් ඇත
* ඇහි බැම පටන් ගැන්ම මහත් වී අවසානයේ සිහින් වෙයි
* නිතර කලබලයෙන් අවට බලයි
* සිහින් තොල් සහිතය
* දත් අතර හිදැස් නැත. දීප්තිමත් සුදු පැහැතිය. අලංකාරය
ඉහත සඳහන් වූයේ පද්මිණිය සහ දේහ ලක්‍ෂණය. මීට පරිබාහිරව ඇය හඳුනාගත හැකි ඇය සතු චරිත ලක්‍ෂණ හා ගතිගුණ මෙසේය.
* ඉතා පිරිසුදුව අඳියි – පළඳියි
* ශරීරය පිරිසුදුව පවත්වා ගනී
* ඥාතීන්ට, හිතවතුන්ට ළැදිය
* ඉතා කරුණාවන්තය
* කාර්යයෙහි දක්‍ෂ වෙයි
* පිදිය යුත්තන් පුදයි
* ස්වාමියාට භක්තිමත්ය. ඉතා ආදරය කරයි
* ප්‍රිය, මිහිරි වචන කතා කරයි
* නිරෝගීය
* සුදු පැහැයට ප්‍රිය කරයි
* ආගම-දහමට ඉතාම ළැදිය
* බුද්ධිමත්ය, උගත්ය
* තම අත්දැකීම් ජීවිතයට ප්‍රායෝගික කරගනී
* මල් වැවීම් වැනි කෘෂි කටයුතුවලට හිතය
* ශරීරය හොඳින් ආවරණය වනසේ විලිබිය ඇතිව ඇඳුම් අඳී
* හොඳ පෞරුෂයකින් යුතුය. එහෙත් ආඩම්බර නැත
බ ආදරය උතුම්කොට සලකයි. සැමියාගෙන් ආදරය නොඅඩුව ලබයි. සැමියා දිළිඳු වුවත් ඔහුට අසීමිතව ආදරය කරයි
* ලද දෙයින් සතුටු වෙයි
* නිවෙස අලංකාරව, පිරිසුදුව තබාගනී
* සමතැන නොව නිසිතැන පතයි
* පතිනියකි, සීතාවකි
* පරාර්ථකාමීය
* බොහෝ විට දීර්ඝායුෂ හිමිය
* නිතර සැපෙන්, සතුටින්, සිනහමුසු මුහුණින් සිටියි
* වගකීමෙන්, සැලකිල්ලෙන් කටයුතු කරයි
* නිහතමානීය, කීකරුය, ඉවසිලිවන්තය
* තම සැමියාගේ නුගුණ කිසිවිට කතා නොකරයි. එනම් ගෙයි ගිනි පිටට නොදේ
පද්මිණිය සතු දේහ ලක්‍ෂණයන්, ඈ සතු චරිත ලක්‍ෂණ හා ගතිගුණත් ඉහත ආකාරය. ඉහත සඳහන් වූ ලක්‍ෂණ අතරින් අර්ධයකට වඩා හිමි වන වනිතාවන් නිසැකවම පද්මිණියන්ය. එනමුත් ඇතැම් පද්මිණී වර්ගයේ ස්ත්‍රීන් තුළ සෙසු ස්ත්‍රි වර්ගයන්ගේ ලක්‍ෂණද අඩු-වැඩි වශයෙන් පැවැතිය හැකිය. එනමුත් කැපී පෙනෙනුයේ පද්මිණී ස්ත්‍රියගේ ලක්‍ෂණමය.

දැන් ඔබ අංග ලක්‍ෂණ විiාව හෙවත් දේහ ලක්‍ෂණ විද්‍යාවේ සඳහන් පද්මිණී වර්ගයේ ස්ත්‍රිය සම්බන්ධව හොඳින් දැනුවත්ය. මෙම දැනුම උපයෝගී කරගෙන රූපය, අඟපසඟ, සිනහව, කතාව, ගමන වැනි ඈට වශී නොවී මිල කළ නොහැකි කරුණාවන්ත බව, ගුණවත් බව, දැහැමි බව, නිහතමානී බව, කීකරු, සරල, චාම් බව හා විශේෂයෙන් ආදරණීය බව වැනි උතුම් ඥානයන්ගෙන් යුත් පද්මිණියක තම අනාගත සහකාරිය ලෙස ඥානාන්විතව තෝරා ගන්න. ඔබ විශේෂයෙන් තරුණියක් නම් පද්මිණිය සතු ගතිගුණ හැකිතාක් ඔබේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න. එවිට ඔබගේ අනාගත ගෘහ ජීවිතය ඉතාම සාර්ථක, සැපත, සතුට උතුරා යන ප්‍රීතිමත්, වාසනාවන්ත එකක් වනු නියතය.
ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

එයා මාව ගොඩක් සප්‍රයිස් කරනවා

Next Post

සචිනිගේ ෆෝන් හොරා හුටපටය

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.