• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

වාස්තු දෝෂ නසන විශේෂ පූජාවක්

December 26, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
වාස්තු දෝෂ නසන විශේෂ පූජාවක්
Share on WhatsAppShare on Facebook

ග්‍රහ මණ්ඩලය කිසි දිනක එකම ආකාරයකට පිහිටා තිබෙන්නේ නැත. එය විවිධාකාර වෙනස්කම්වලට යොමුවෙමින් නිතරම සිය පිහිටීම වෙනස් කරයි. එය ස්වභාවය වුවද එමඟින් මිහිපිට වෙසෙන ජීවීන්ට කෙරෙන බලපෑම සුළුපටු නොවේ. එහිදී මිනිසාට බලපාන සහ මුහුණදීමට සිදුවන සියල්ල උත්පත්ති කේන්දරයේ නිසියාකාරයෙන් සටහන් වෙන අතර, එය එම ජන්මියා පෙර ආත්මයන්ගේ කළ පින්, පව් අනුව සිදුවන බවද පැවසේ.

කෙසේ නමුත් ඉහත සඳහන් කළ ග්‍රහ බලපෑම් සහ ග්‍රහ දොස්වලට අමතරව මිනිසාට තමන් ජීවත් වෙන නිවසේ පිහිටීම අනුව යෙදෙන ග්‍රහ දෝෂවලට මුහුණදීමට සිදුවන්නේය. මෙය බොහෝදුරට දුරදිග නොබලා නොසිතා කරනු ලබන ඉදිකිරීම්වලින් ඇතිවන අයහපත් තත්ත්වයකි. එහිදී දොර ජනෙල්වල පිහිටීම, කාමර බිත්ති, වහල මෙන්ම නිවසින් පිටත ඇති වැසිකිළි, ළිං ආදියත් මාර්ග පිහිටීම්, මුළුතැන්ගේ පිහිටීම් ආදිය හේතුවෙන්ද වාස්තු දෝෂ ඇතිවෙයි. මෙම දෝෂවලින් සිදුවන බලපෑම සුළුපටු නොවේ. එය විවිධාකාරයෙන් මිනිසාට බලපායි.

මෙහිදී දෝෂවලට ලක්වීමෙන් පීඩාවට පත්වන්නන් ඉතා කල්පනාකාරීව කටයුතු කර තම තමන්ගේ දෝෂ දුරු කර ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නැතහොත් තත්ත්වය දරුණු අතට හැරී අනිසි ප්‍රතිඵලවලට ලක්වන්නට සිදුවන්නේද ඒ අයටමය. එනිසාම වාස්තු දෝෂවලට මුහුණපා සිටින අයට ඊට කළ හැකි පිළියම් ගැන දැනීමක් ඇත්නම් එය වැදගත් වෙයි. එසේම හැකි ඉක්මනින් වාස්තු ශිල්පය මැනවින් දන්නා, වාස්තු ශිල්පියකු ලවා සිය නිවස පරීක්ෂා කරවාගෙන දෝෂ ඇති තැන් හඳුනාගෙන ඊට යෙදිය යුතු හොඳම පිළියම් යොදන්නට හැකිනම් වඩාත් සුබදායකය. එයින් තම මුදලත්, කාලයත් ඉතිරි වෙනවා පමණක් නොව සෞඛ්‍ය තත්ත්වයද ආරක්ෂා වනු ඇත.

යම් ලෙසකට ඔබ පදිංචි නිවසට කොඩිවින, අණවින, හදිහූනියම් වැනි බලපෑමක් ඇතැයි සිතේනම් ඒ සම්බන්ධව හොඳ දැනීමක් සහ අවබෝධයක් ඇති ගුප්ත වෛද්‍ය හෝ ඇදුරකු කැඳවා අපල දෝෂ ඉවත් කරගත යුතුය. එසේම ග්‍රහ දොස් ඇතැයි සිතේ නම් නොපමාව ප්‍රවීණ ජ්‍යොතිෂයකු හමුවී කේන්දර පරීක්ෂා කරවාගෙන ඔබට ඇති දෝෂ සහ අපල හඳුනාගෙන ඊට සුදුසු පිළියම් සිදුකර ගැනීමත්, බෝධිපූජා, දේව පූජා ආදියෙන් සෙත සලසා ගැනීමත් සුබ වනු ඇත.

කෙසේ නමුත් අපල ඇති සැමදෙනා පන්සිල්පද ආරක්ෂා කරමින් දහමෙහි හැසිරීම වටිනා කටයුත්තකි. එමගින් අපලවල යම් අඩුවක් හෝ සහනයක් ලැබෙන්නට හැකි අතර, ඉහත සඳහන් සියලු ආකාරයේ අපල ඇති අයට පොදුවේ කළ හැකි විශේෂ පහන් පූජාවක් මේ සමඟ ඉදිරිපත් කරන අතර මෙමඟින් තම තමන්ගේ අපල තත්ත්වයන් දුරුකර ගැනීමට සහනයක් ලැබෙනු නිසැකය.

ඉතා පිරිසුදු පොල්තෙල් බෝතලයක් ගෙදරම සිඳගෙන එය ඉතිපිසෝ ගාථාවෙන් 1008 වරක් පිරිත් කරගෙන ආරක්ෂා සහිතව වෙන්කර තබා පසුව දිනපතා ඉතා හොඳින් පිරිසිදු වී තෙල්, මල්, පහන් පුදා තිසරණ සහිත පංච ශීලය සමාදන් වී ත්‍රිවිධ රත්නය වැඳපුදා සෙත් පිරිත් ගායනයෙන් පසු දෙවියන්ට පින්දී, අමතර පහනක් රැගෙන එය පිරිත් කළ පොල් තෙල්වලින් දල්වාගෙන එහි දැල්ල දෙස බලා තමන්ට ඇති අපල උපද්‍රව සිහියට නඟගෙන උතුම් වූ බුද්ධ බලයෙන් සියලු අපල දුරුවේවායි සිතා පිරිසුදු සිතින් ප්‍රාර්ථනා කරන්න. මෙය දිනපතා උදේ හෝ සවස සිදුකරන්න. කෙටි කලක් තුළදී ඔබට යම් සහනයක් ලැබෙනු ඇත. එසේම ඔබටත් ඔබගේ පවුලේ අයටත් තිබූ අසනීප රෝග පීඩා දුරුවී සැනසීම ළඟාවනු ඇත. මේ ආකාරයෙන් නිතිපතා පූජාව කළ හැකි නම් එය සියලු දෙනාටම යහපත් ප්‍රතිඵල අත්කර දෙනු නිසැකය.

පහන දල්වා ගායනා කළ යුතු ගාථා

සබ්බේ සත්තා සුඛප්පත්තා
අවේරාච අනාමයා
දීඝායුකෝ අඤ්ඤ මඤ්ඤං
පිය පප්පොත්තු නිබ්බුතිං

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතානු බුද්ධානු සාසනං

සබ්බේ බුද්ධා බලප් පත්තා
පච්චේ කානඤ්ච යං බලං
අරහං තානඤ්ච තේජේන
චිත්තං පාජේති මුඤ්චතී

SendShareShare
Previous Post

මට තියෙන්නෙ වෙනම අනන්‍යතාවයක්

Next Post

මොබිටෙල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පහේ ශිෂ්‍යත්ව පාසල් අයදුම් ඩිජිටල්කරණය කරයි

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.