• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට තියෙන්නෙ වෙනම අනන්‍යතාවයක්

December 26, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මට තියෙන්නෙ වෙනම අනන්‍යතාවයක්
Share on WhatsAppShare on Facebook

මම නිර්මාණ කරන්නෙ මාකටින්වලට නෙමෙයි…

ඔපෙරා කරන එක ලංකාවේ අමාරු වැඩක්…

ඉන්දිකා උපමාලි කියූ සැණින් ඔබගේ මතකයට එන්නේ ‘සඳ පහන් රැයක’ ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි හුරුබුහුටි ගායිකාවද? ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදුණු නැට්ටුක්කාරීද? ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘අග්නි’ ඔපෙරාවෙන් මිනිස් කටහf`ඞ් අපූර්වත්වය කියාපෑ ශිල්පිනියද? ඔබේ මතකය ඔය කුමන තැනක නතර වුවත් ඒ සෑම තැනකදීම ඔබට හමුවන්නේ ඒ සෑම ක්ෂේත්‍රයකදීම රසික හදවත් ආකර්ෂණීය කරගත් කලාකාරිනියකි. දැඩි නිහැඬියාවකට පසු ඉන්දිකා ගැන නැවැත කතාබහක් ඇතිවූයේ ඇයගේ අලුත්ම ගීතයත් සමගයි.
‘ඔන්න’ත් එක්ක නැවතත් ඔබ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනව?
‘ඔන්න’ කියන්නෙ මම අලුතින්ම එළිදක්වපු ගීතය. ගීතය අලුත් වුණාට, ගීතයෙ වැඩකටයුතු පටන් අරන් සෑහෙන කාලෙකට පස්සෙ තමයි අපිට ගීතය එළිදක්වන්න පුළුවන් වුණේ. මං අශෝක හඳගමගෙන් කරපු ඉල්ලීමකට අනුව ඔහු ලියපු ගීත දෙකෙන් එකක් තමයි මේ ‘ඔන්න’ කියන ගීතය. ගීතයෙ සංගීතය කරපු කසුන් කල්හාර අවුරුදු දෙකක් විතර කාලයක් ගත්ත මේ ගීතයේ සංගීතය සඳහා.
ගීතයේ සංගීතය වෙනුවෙන් ඒ තරම් කාලයක් බලාගෙන ඉන්න ඔබට පුළුවන් වුණාද?
ඇත්තටම ඔහුට ඕනෙ වුණේ වඩා හොඳින් ගීතයේ සංගීතය නිර්මාණය කරන්න. ඔහු මගෙන් ඉල්ලීමක් කළා මේ වැඬේ හොඳට කරන්න ඕනෙ වැඩක්, මේකට මට ටික කාලයක් දෙන්න කියල. නිර්මාණයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ඔහුට උවමනා කාලය ලබාදෙන්න මම එකඟ වුණා. ඊට පස්සෙ ගීතයෙ තනුව නිර්මාණය වුණාට පස්සෙ ගීතයේ කූටප්‍රාප්තිය විය යුතු ස්ථානය පිළිබඳව ගීත රචකයාට තනුවෙ යම් වෙනසක් සිදුකිරීමට උවමනා වුණා. නමුත් කසුන් ඊට කැමැති වුණේ නෑ. ඒ ඇතිවුණ ප්‍රශ්නය නිරාකරණය කරගන්නත් ටික කාලයක් ගතවුණා.
‘ඔන්න’ කියන්නෙ දැවැන්තයන් දෙදෙනෙක් අතර ගැටුමක් නිර්මාණය කළ ගීතයක්?
මේ දෙදෙනාම ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් අත්දැකීම් සහිත දැවැන්ත චරිත දෙකක්. ඔවුන්ට උවමනා වුණේ තමන් දායක වෙන නිර්මාණය සඳහා උපරිම සාධාරණය ඉටුකරන්න. ඒ වෙනුවෙන් තමයි එහෙම පොඩි ගැටලුවක් මතුවුණේ. ඉන් පසුව දෙදෙනාම එක තැනකට ඇවිල්ල කලින් තිබුණට වඩා පොඩි පොඩි වෙනස්කම් කීපයක් එක්ක ගීතයේ වැඩ අවසන් කරගන්න පුළුවන් වුණා.
කොහොම වුණත් ඔබ නිර්මාණයක් සඳහා සැලකිය යුතු කාලයක් ගත කරනව?
මම නිර්මාණයක් කරන්නෙ මාකටින් පැත්ත මූලික කරගෙන නෙමෙයි. හැමතිස්සෙම මගේ නිර්මාණ තුළින් බලාපොරොත්තු වෙන්නෙ ගුණාත්මක යමක් දෙන්න. ඒකට ගායනය, පද රචනය, සංගීතය යන හැම පැත්තක් පිළිබඳවම මම සැලකිලිමත් වෙනව. අපේ නිර්මාණ රසවිඳින රසිකයන්ට ඉතාම නිවැරැදි යමක් දෙන්න ඕනෙ කියන මතයෙ තමයි මම හැම තිස්සෙම වැඩ කරන්නෙ. ගීතයක් එළියට දැම්මහම ඒක මිනිස්සු අතර කාලයක් පවතින්න නම් ඒ සඳහා යම්කිසි කාලයක් අරගෙන නිවැරැදිව යමක් කළාට ඒ කාලය අපතේ යන්නෙ නෑ කියල තමයි මම හිතන්නෙ.
ඒ කියන්නෙ ඔබ තෝරාගත් පද රචකයන්, සංගීතඥයන් පිරිසක් එක්ක පමණද වැඩ කරන්නෙ?
මම ඇත්තටම එහෙම පිරිසක් එක්ක තමයි බොහෝදුරට වැඩ කරන්නෙ. ඒ අතර සමහර නිර්මාණත් තියෙනව මම තෝරාගෙනත් කරල ඒත් මට සෑහීමකට පත්වෙන්න බැරිව තවම එළිදක්වල නැති නිර්මාණ. මොනයම් හේතුවක් මත මම කියන දේ සංගීතඥයන්ගෙන් හරි පද රචකයගෙන් හරි සිදුවෙලා නැත්නම් ඒ නිර්මාණය කරන එක මම ඔවුන්ටත් කරන අසාධාරණයක්. ඉතින් බොහෝම සැලකිලිමත්ව මම මේ නිර්මාණයක් එළිදක්වන්නෙ. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ පවා කැසට් පටයකට කරපු නිර්මාණ ඒකකාරී නිසා ඒ වැඬේ අතරමග නතර කරල දැම්ම.
ගායිකාවක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න ඔය කරන තෝරාගැනීම බාධාවක් වෙන්නෙ නැද්ද?
කාට හරි එහෙම හිතෙනව නම් ඒක අපේ සංගීත ක්ෂේත්‍රයේ තියෙන ගැටලුවක්. මම ගායිකාවක් විදිහට ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. ගායිකාවක් විදහට මට ගොඩනැඟිල තියෙන්නෙ වෙනමම අනන්‍යතාවයක්. ඒ අනන්‍යතාවය ගොඩනැඟෙන්නෙත් මම මෙතුවක් කල් කරපු ගුණාත්මක නිර්මාණත් එක්ක. මම හැම වෙලාවෙම පෙනී ඉඳල තියෙන්නෙ එම නිර්මාණ වෙනුවෙන්. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි එක අවස්ථාවක මගේ ගුරුවරයා වුණු ප්‍රේමසිරි කේමදාස ‘ප්‍රේමසැඳෑවෝ’ කියන වේගරිද්මයේ කැසට් පටය සඳහා මට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම. මට ඒ කාලෙ පවා ශක්තියක් තිබුණ මගේ ගුරුවරයාගේ ආරාධනාවට පවා එරෙහි වෙන්නෙ. ඒ පන්නරය මට ලැබුණෙත් ඒ ගුරුවරුන්ගෙන්ම තමයි. ඉතින් ඒ තෝරාගැනීම් එක්ක ඇත්තටම ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න එක මෙතුවක්කල් මට ප්‍රශ්නයක් වෙලා නෑ. ඒකට තවත් හේතුවක් තමයි මම ආර්ථිකමය වශයෙන් ඒ මත යැපෙන්නෙ නැති වීම.
ඔය ආකාරයට ඔබ ගොඩනැඟෙන්න හේතුවෙන්නෙ ඔබ කළ හැදෑරීමත් එක්ක කියල කිව්වොත්?
අනිවාර්යයෙන්ම ඒක එහෙම තමයි. ඒ අධ්‍යාපනය මම නොලැබුවා නම් අද මම ඉන්නෙ මෙතන නෙමෙයි. මම ගාල්ලෙ ගමකින් ආපු කෙනෙක්. ගායිකාවක් වෙනව කියල හීනයක් දකින්නවත් පුළුවන් පරිසරයක නෙමෙයි මම හිටියෙ. සංගීතය කියන එක විශ්ව භාෂාවක් විදිහට දකින්න පුළුවන්කම ලැබුණෙ පාසල් ශිෂ්‍යාවක් විදිහට මම කේමදාස මාස්ටර් ළඟට ආවට පස්සෙ. ඒ හරහා තමයි මගේ රසිකත්වය පුළුල් වුණේ. රසිකත්වය කියන එක පුද්ගලයකුට ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. රසිකත්වය කියන එකත් මිනිසා තුළ වගා කරන්න ඕනෙ දෙයක්. ඒක කුඩා කාලයෙ ඉඳල ප්‍රගුණ කළ යුතු දෙයක්. අපිට උගන්වන ගුරුවරුන්ගේ දැක්ම, ඔවුන්ගේ ආකල්ප පවා ඒ සඳහා බලපානව. කේමදාසයන්ගේ ඉගෙනීම තුළ මගේ සංගීතය කවදාවත් කිසිම දේකට සීමා වුණේ නෑ. යම්කිසි අවස්ථාවලදී ගුරුවරයාට එහාට ගිය තෝරාගැනීම් කිරීමට පවා මගේ රසිකත්වය ගොඩනැඟුවෙ ඒ ගුරුවරයම තමයි.
ඔබේ ගුරුවරයා වුණු ප්‍රේමසිරි කේමදාසගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමේ අදහසක් ඔබට නැද්ද?
ඇත්තටම එහෙම අදහසක් මට තියෙනව. ප්‍රේමසිරි කේමදාස මහත්මයගෙ මානසවිල, සොඳුරු වර්ණදාසි, අග්නි ආකාරයේ ඔපෙරාවක් කරන්න මම උත්සාහයක් ගත්ත. ‘කුවේණි’ කියල නම් කරපු ඒ නිර්මාණයේ පෙළ රචනා කළේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මය. මගේ ශිෂ්‍යයාවන් යොදාගෙන එහි පුහුණුවීම් ආරම්භ කළා. ඔපෙරාවක් කරන එක ලංකාව වගේ රටක ඉතාම දුෂ්කර වැඩක්. මොකද ඒ සඳහා පුහුණු ශිල්පීන් අපිට නැහැ. ඒ ශිල්පීන් නඩත්තු කරන්න පුළුවන් පරිසරයක් නැහැ. ඔය දුෂ්කරතාත් එක්ක කොහොම හරි කුවේණි පිටපතේ අවසන් ටික අපිට ඉවර කරගන්න බැරි වුණා. එහි පටිගත කළ කොටස් මම ගාව සුරක්ෂිතව තියෙනව. කවද හරි පුළුවන් වුණ දවසක යළි ඒ වැඬේ සඳහා අතගහන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නෙ.
රංගන ශිල්පිනියක් විදිහට ඔබව දකින්න නොලැබෙන්නෙත් ඔය කියන තෝරාබේරාගැනීම රංගන ක්ෂේත්‍රය කෙරෙහිත් බලපාන නිසාද?
ඇත්තටම මට එක තැනකදි ඒ සම්බන්ධයෙන් මට තීරණයක් ගන්න වුණා මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ස්ථිර ආචාර්යවරියක් බවට පත්වුණ වෙලාවෙ. ඒ මට තීරණය කරන්න වුණා රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරනවද, සංගීත ක්ෂේ්‍රයේ වැඩ ඉදිරියට කරගෙන යනවද කියල. ඒ වෙලාවෙ මම ගත්ත තීරණය තමයි සංගීතය පැත්තට වැඩි බරක් දෙන්න ඕනෙ කියන එක. හේතුව තමයි මට වැඩි යමක් කරන්න පුළුවන් සංගීත ක්ෂේත්‍රය කියන එක කියල මට හිතුණ නිසා. ඒ හේතුව නිසා රංගනයෙන් මම ගොඩක් දුරට ඈත්වෙලා ඉන්නෙ. නමුත් මට හොඳයි කියල හිතෙන චරිතයක් ලැබුණොත් ඒ සඳහා සලකා බලන්නත් මගේ අදහසක් තියෙනව.
ඔබව ඉදිරියෙදි දැකගන්න පුළුවන් වෙන්නෙ මොන වගේ නිර්මාණවලින්ද?
මගේ සරල ගීත කීපයක්ම මේ වන විට කරල තියෙනව. ඒව ඉදිරියෙදි මගේ යූටියුබ් චැනල් එක හරහා එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

LEE-LEE සහ GR-MR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

වාස්තු දෝෂ නසන විශේෂ පූජාවක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.