• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කළණ කොහෙද පනින්න හදන්නෙ

September 14, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

කලා ක්‍ෂේත්‍රයට පිවිසීමට උපරිම කැපවීමක් කළ සුවිශේෂී පුද්ගලයෙක් අපට හමුවුණා. පසුකාලීනව ‘කූඹියෝ’ ටෙලිනාට්‍ය හරහා කළණ ගුණසේකර දෙස්-විදෙස් ප්‍රේක්‍ෂක ආදරය දිනා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් මේ දවස්වල කළණ ‘අඩෝ’ එක්ක දාන සෙල්ලම මොන වගේද කියලා දැනගැනීමට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.
“අඩෝ” ඉතින් කොහොමද?
“අඩෝ” ඉතින් පටන් අරගෙන වැඩි දවසක් නැහැ තවම. හැබැයි ‘අඩෝ’ සියලුම දෙනා වැලඳගනී.
කළණ ඕස්ටේ්‍රලියාවට පනින්න යන කතාව ඇත්තද?
ඔව් ඔව්. මම ඕස්ටේ්‍රලියාවට පනින්න හදන්නේ “අඩෝ” ටෙලිනාට්‍යයත් එක්ක. මම ජනමාධ්‍යවේදියෙක්ගේ චරිතයක් තමයි එහි නිරූපණය කරන්නේ. ඉතින් බෝට්ටුවෙන් පනින්න හදන ඕස්ටේ්‍රලියා ගමනේදී විවිධ හැලහැප්පීම් සමඟ මම ජීවත් වෙන විදිය දැකබලා ගන්න පුළුවන් “අඩෝ” ටෙලිනාට්‍ය නැරැඹුවොත්.
ඉදිරියේදී කළණගේ සිනමා ජීවිතයේ මල් පාවඩ අතුරලා නේද?
චිත්‍රපට කිහිපයක්ම තිබෙනවා තිරගත වීමට. මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” කෞෂල්‍ය මාධවගේ “ඉක්කා,” කසුන් පතිරණගේ “නයිට් රයිඩර්,” කුෂාන් වීරරත්නගේ “සූස්ති,” ප්‍රභාත් අංගම්පුලිගේ “විය සිදුර” චිත්‍රපට තුළින් දැකබලා ගන්න පුළුවන්.
ඒ කියන්නේ සිනමාවේ හීරෝ කෙනෙක් නුදුරු දිනයකදී කළණ?
හීරෝ කෙනෙක් වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. අනෙක හීරෝ කෙනෙක් වෙයි කියලා මම හිතන්නැහැ. මේ චිත්‍රපට කලාත්මක වගේම වාණිජ මට්ටමින් එකිනෙකට වෙනස් චිත්‍රපට කිහිපයක්. මොන දේ නැතත් මට මේ ක්‍ෂේත්‍රයේ චරිතාංග රංගන ශිල්පියෙක් ලෙසට කටයුතු කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නෙ.
“දුරදිග මිසයිල” චිත්‍රපටයේ ඔබේ රංගනය වෙනස් පැතිකඩකට ගෙන ගියා කිව්වොත් මම හරිද?
මෙහෙමයි. මට හැම චිත්‍රපටයක්ම විශේෂයි. එකිනෙකට වෙනස් චරිත මම ප්‍රතිනිර්මාණය කළා. හැබැයි “දුරදිග මිසයිල” චිත්‍රපටයේ මානසික රෝගයෙන් පෙළෙන චරිතයක් තමයි මම රඟපාන්නේ. ඒ චරිතය මට ටිකක් දුරින් තිබුණු චරිතයක් වුණත් මම එය මට අභියෝගයක් විදියට භාරගෙන චරිතය වෙනුවෙන් කැපවුණා.
චරිත තෝරාගැනීමේදී කළණ වැඩි අවධානයක් යොමු කරන්නේ මොන දේටද?
මම එහෙම චරිත තෝරාගන්නේ නැහැ. මාව චරිතයකට ගැළපෙනවා නම් මට ආරාධනාවක් කරනවා. ඉතින් මම පිටපත කියවලා බලනවා. මට සෙට් වුණොත් මම එවලේම භාරගන්නවා. එහෙමත් නැතිනම් ආර්ථික ප්‍රශ්න ගැනත් හිතලා සමහර අවස්ථාවල නිර්මාණ භාරගන්නවා.
ජනප්‍රිය නළුවෙක් නිසා කළණගේ සාක්කුවත් පිරිලා ඇති නේද?
මම කලින් කිව්ව දේ තමයි මට නැවත කියන්න වෙන්නේ. ආර්ථික ප්‍රශ්න ආවම මම චරිත කරනවා. මොකද වෘත්තීය රංගන ශිල්පියෙක් විදයට තමයි මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ. හැබැයි ඒ වෘත්තීමය මට්ටම ලංකාවේ නැහැ. ඒක නිසාම තමයි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන අයගෙන් ඔය ප්‍රශ්නෙම අහන්නේ.
අපි දන්නා විදියට කළණට හොඳට ලියන්න පුළුවන්. එයින් වැඩක් ගත්තොත් නරකද?
මම මූසිල කියල කවි සංග්‍රහය පොතක් එළිදැක්වූවා. එයට අමතරව දැනටමත් තිර රචනා කිහිපයක් ලියලා ඉවරයි. ලිවීම මම අත්හරින්නේ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රේටින්ග්ස්වල නම්බර් වන් ‌ප්‍රෝග්‍රෑම් එක

Next Post

දෙවියන් ඉන්නේ කොතැනද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.