• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අඹු සැමියන් විරසක කරවන වාස්තු ප්‍රශ්න

December 5, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
අඹු සැමියන් විරසක කරවන වාස්තු ප්‍රශ්න
Share on WhatsAppShare on Facebook

දෙදෙනකු කාලාන්තරයක් ආදරය කර හෝ එසේත් නැතිනම් යෝජනාවකට අනුව හෝ විවාහ දිවියට ඇතුළත් වන්නේ දහසක් බලාපොරොත්තු හදවතේ පුරවාගෙනය. එසේ විවාහ දිවියට ඇතුළත් වන අය අතරින් බහුතරයක් තමන්ටම කියා නිවෙසක් ඉදිකරගෙන පදිංචි වෙන අතර, තවත් පිරිසක් තමන්ට පරම්පරාවෙන් උරුම වූ නිවෙස වෙනස් කොට අලුත්වැඩියා කොට පදිංචි වෙන අවස්ථාද දැකිය හැකිය. එහෙත් මේ කුමන ආකාරයට විවාහයට ඇතුළත් වුවද, කුමන ආකාරයක නිවෙසක පදිංචි වුවද තමන් වෙසෙන නිවෙස ගැන ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. එසේම නිවෙසේ වාස්තු තත්ත්වයන් ගැනද හොඳින් පරීක්‍ෂා කරවාගෙන කටයුතු කිරීමද වැදගත් වෙයි. එසේ නොවන්නට විවිධ ලෙඩරෝග, පවුල් ගැටුම් ආදිය ඇති වී අසමගිය වර්ධනය වී විවාහය බිඳී යන අවස්ථාද දක්නට ලැබේ.
ගිනිකොනේ කාමර
ඇතැම් අය නිවාස ඉදිකිරීමේදී සිය නිදන කාමරය ගිනිකොනට දිශාගත කොට නිමකරවා ගනී. එලෙස ගිනිකොනට වන්නට ඉදිකළ කාමරවල නව යුවතිපතිනීන් එහි ලැගුම් ගැනීමෙන් විවාහය තුළ අසමගිය, ගැටුම් මෙන්ම අවුල් – වියවුල්ද ඇති වී විවාහය දෙදරා යන අවස්ථාද ඇත.
මෙම ප්‍රශ්නය කොතරම් දුරට බලපානවා දැයි කිවහොත් ඇතැම් පවුල් තමන්ට හදිහූනියම් කර ඇතැයි සිතා කට්ටඩියන් සොයා යන්නටද පෙලඹෙන අවස්ථා ඇත. විශේෂයෙන් ගිනිකොන දිශාව ගින්නට සුදුසු දිශාව බැවින් අඹු-සැමි යුවළකට මෙය කෙසේවත් සුදුසු නොවේ. එවැනි යුවළකට ඉතාමත් සුබ වන්නේ නිවෙසේ දකුණු දිශාවට බරව ඉදිකළ කාමරයයි.
බිත්ති ප්‍රමාණය වැඩි කාමර
ඇතැම් අය කාමරයේ හෝ සාලයේ හැඩය සහ පෙනුම ලබා ගැනීමට හැඩ බිත්ති යොදයි. එසේ හැඩ බිත්තියක් යෙදීමෙන් කාමරයක බිත්ති ප්‍රමාණය හතරට වඩා වැඩි වන අතර, එය එතරම් සුබදායක නොවේ. මෙවැනි නිවාසවල සිටින ලේලිලා, නැන්දම්මලා, බෑනලා, මාමලා නිතර ගැටෙන අතර, ඒ තරමටම අඹු-සැමි යුවළද ගැටීම් ඇතිකර ගනී. නව යුවළකගේ කාමරයක් හැකි තරම් විශාල වීම ඉතා සුබදායක වෙයි. කාමර කුඩා වීම අසාර්ථකත්වයට අතවැනීමකි.
වහලයටත් විශේෂ තැනක්
මුදුන් යට ලීයේ පිරිද්දුම්, කුරුපා, බාල්ක මෙන්ම අනෙකුත් යටලීවල එවැනි විශේෂිත තැන් ඉහළින් සිටින ආකාරයට ඒ යට ඇඳ තබා නිදා ගැනීම අතිශය අසුබදායක වෙයි. දකුණු දිශාවට හිස යොමුවන ආකාරයට ඉහත සඳහන් කළ අසුබතා මඟහැර ඇඳ තබා ගැනීමෙන් ඉතා සාර්ථක අඹු-සැමි ජීවිතයක් ගතකරන්නට හැකිවනු ඇත. යම් ලෙසකට ඉහත දෝෂ හසුවුවහොත් දරුපල අහිමි වීම්, ගැටුම් ඇති වීම සිදුවිය හැකිය.
ගිනිකතුර
මෙය නිවෙසේ මධ්‍යම ලක්‍ෂ්‍යයේ සිට අට දිශාවට ගමන් කරන්නකි. දකුණු දිශාවේ නිදන කාමරය හරහාද මෙය ගමන් කරයි. එනිසා එම රේඛාවට ඇඳ හරි මැදින් නොකැපෙන සේ තබාගත යුතුය. බ්‍රහ්ම පාදය හරහා එන මෙම රේඛාවට හසුවුවහොත් නව යුවළකට එය අතිශය අසුබදායක වෙයි. එයින්ද දෙදෙනා අතර, අසමගියට හේතු යෙදේ. දරුපලද අහිමි වෙයි. නිතර ගැටුම් ඇති වීම අඹු-සැමි සතුට අහිමි වීමද සිදුවිය හැකිය.
නිවෙස අසල අසුබ ගහ-කොළ
මැංගුස්, ගොරකා, කොට්ටන්, තැඹිලි, රඹුටන් ආදී ගස් නිවෙස අසල සිටුවා ඇත්නම්, එම ගස්වල සෙවණ නිදන කාමරයට වැටීම සුබ නොවේ. මෙම ගස්වල සිට අදෘශ්‍යමාන බලවේග රාත්‍රි කාලයේ නව යුවළට බැල්ම හෙළන බවට විශ්වාස කෙරේ. මෙමඟින් දරුපල අහිමි වීම, ලෙඩ රෝග ඇති වීම පමණක් නොව දෙදෙනා අතර කායික සබඳතාවල පරස්පරතා ඇති වීමෙන් ප්‍රශ්නද හටගනී.
කාමරයේ පිරිසිදුකම
බොහෝ අය තම කිලිටි රෙදි කාමරයේ ගොඩගසා තබාගනී. එය ඉතාමත් අසුබ දෙයකි. නිතරම නව යුවළකගේ නිදන කාමරය ඉතා පිරිසුදුවට, පිළිවෙළකට තිබිය යුතුය. එනිසා කිලිටි රෙදි කිසිවක් කාමරයේ නොතිබිය යුතු අතර, අනෙකුත් රෙදිද හැකි තරම් අල්මාරිය තුළ අසුරා තබන්න. රෙදි වැල් කාමරයේ ඇත්නම් එවැනි කාමර අතිශය අසුබදායකය.
කණ්ණාඩි
අඹු-සැමියන් නිදන යහන අසල කණ්ණාඩි තිබීම සුබදායක නොවේ. දෙදෙනා යහනේ නිදාගත් විට එය කණ්ණාඩියෙන් පෙනෙනවා නම් මේ තත්ත්වය තවත් බරපතළ වනු ඇත. එනිසා අඹු-සැමි යුවළක් සිටින කාමරයක ඇති කණ්ණාඩි සහ කණ්ණාඩි යෙදූ ලී භාණ්ඩ ඉවත් කළ හැකි නම් වඩාත් යෝග්‍ය වෙයි. එසේ නොමැති විට ඔවුන් අතර නොරිස්සුම්, අසමගිතා, මන්දගාමී බව, අලසකම මෙන්ම ලිංගික බෙලහීනතාවයද ඇති වෙයි. මෙමඟින් පවුලෙ සතුට, සමගිය දුරස්ව පවුල් සංස්ථාව දෙදරා යනු ඇත.
උළුහව් තැබීම
නිවෙසක මැද බිත්තියෙන් කාමර තුනකට යෑමට දොරවල් තබා ඇත්නම් එම කාමරයක් නව යුවළට වාසයට ගැනීමෙන් දැඩි අසුබතා ඇති වෙයි. නිවැසියන් අතර හොඳ හිත නැති වීම, අඹු-සැමියන් තෘප්තිමත් නොවීම, නිතරම අසමගිතා ඇති වීම ආදී බොහෝ බරපතළ තත්ත්වයන් මේ තුළින් ඇති වෙයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

ජනප්‍රිය වීමේ උණ නොතිබුණු ‘චකබ්ලාස්’ කෙල්ල

Next Post

මෙගා හදන්නෙ අගක් මුලක් නැතිව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.