ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම, කන්තලේ සූරියපුර ගොවි ගම්මානයේ වාරි ජල ව්‍යාපෘතියට දායක වෙමින් කන්න දෙකම වගා කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට සමත් වී ඇත. දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩාවට පත්ව සිටින කන්තලේ සූරියපුර සහ හැළඹයාය යන ගම්මානයන්හි ජීවත්වන ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතාව බොහෝ කාලයක් මුළුල්ලේ ගම්වාසීන් මුහුණදුන් ප්‍රධාන ගැටලුවක් වූ අතර ක්‍රිස්බ්‍රෝ සමාගම ගැමි ජනතාවගේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින් ගොවි සමිති, මහවැලි ව්‍යාපාරය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ස්ථිර ඇළ මාර්ගයක් සූරියපුර හා හැළඹයාය යන ප්‍රදේශයන් වෙත ලබා දුන් අතර මේ අනුව යල සහ මහ යන දෙකන්නයම වගා කිරීමට මේ අනුව මෙම ප්‍රදේශයන්හි ගොවි ජනතාවට හැකි වී ඇත.
මහවැලි ගඟ මෙම ගම්මානයන් පසුකරගෙන ගලා ගියද ප්‍රධාන ගංගාවේ සිට කිලෝමීටර් 4ක දුර ප්‍රමාණයකට ඇළක් නිර්මාණය කර ඉන් ජලය ලබා ගැනීමේ හැකියාව ගොවි සංවිධාන සඳහා නොවීය. මේ පිළිබඳව ඔවුන් කිහිප වරක් දේශපාලන අධිකාරිය දැනුවත් කළද එයද ඵලදායී නොවීය. ක්‍රිස්බ්‍රෝ සමාගම කන්තලේ සූරියපුර ආශ්‍රිතව මහපරිමාණ ගොවිපළක් පවත්වාගෙන යන අතර එය මුළුමනින්ම බිත්තර වී නිෂ්පාදනයට යොදා ගෙන ඇත. හැළඹයාය ගොවි සමිතිය විසින් ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ක්‍රිස්බ්‍රෝ විසින් මෙම ඇළ මාර්ගය ඉදි කරවන ලදී. මේ සඳහා තාක්ෂණික සහ අනුමැතීන් ලබාදීමට මහවැලි ව්‍යාපාරය සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. ක්‍රිස්බ්‍රෝ සමාගම සතු අතිනවීන කැණීම් යන්ත්‍ර සහ භූමි මෙහෙයුම් උපකරණ (earth moving equipment) නොමිලේ මෙම ව්‍යාපෘතියට ලබා දීමට කටයුතු කළේය.











