• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේක අලුත් නාඩගමක් නෙමෙයි පරණ නාඩගමක්

December 5, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මේක අලුත් නාඩගමක් නෙමෙයි පරණ නාඩගමක්
Share on WhatsAppShare on Facebook

මේ සින්දුව තව අවුරුදු 20කින් දැම්මත් මේකෙ කතාව අලුත්…

මේවා ආරක්ෂා කරන්න නොපෙනෙන බලවේග තියෙනවා…

සචිත් පීරිස් අපට හඳුනාගත හැක්කේ බොහෝ නිර්මාණශීලී වැඩ පිටුපස සිටි දක්ෂ තරුණ නිර්මාණකරුවෙක් ලෙසයි. ‘රාණි මුඛර්ජි’ ගීතය හරහා ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟි සචිත් නිහඬ වීම පසුපස තිබුණ සංවේදී කතාව අද නොදන්න කෙනෙක් නැති තරම්. මෙසේ කාලයක් නිර්මාණ ලෝකයෙන් ඈත්ව සිටි සචිත්ගේ අලුත් වැඩක් පහුගිය දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා. නිර්මාණශීලී මියුසික් වීඩියෝවකට යා හැකි දුර පිළිබඳව යම් ඉඟියක් ලබාදෙන එම නිර්මාණය ගැන සචිත් අපිත් සමඟ කතාබහට එක්වුණේ මේ විදිහට.
සචිත් මොකක්ද මේ නටපු අලුත් නාඩගම?
මේක අලුත් නාගඩම නෙමෙයි. මේක ‘පරණ නාඩගම’. ඒ තමයි මගේ අලුත්ම සින්දුව. මේ සින්දුව හදල දැන් ටික කාලයක් වෙනව. 2008 දි විතර සින්දුවෙ වැඩ මුලින්ම පටන් ගත්තෙ. සින්දුව ලිව්වෙ වසන්ත දුක්ගන්නාරාල. කොහොම හරි මට ආපු නොයෙකුත් ප්‍රශ්න නිසා වැඬේ ඉවර කරගන්න බැරි වුණා. ඊට පස්සෙ ආයෙත් සින්දුවේ වැඩ පටන් අරන් මියුසික් වීඩියෝ එකකුත් එක්කම පසුගිය සතියෙ සින්දුව රිලීස් කරන්න පුළුවන් වුණා.
ඇයි අලුතෙන්ම නාඩගමක් නටන්නෙ නැතුව පරණ නාඩගමක් අලුතින් නටන්න හිතුවෙ?
මම හිතන්නෙ අපේ රටේ සංස්කෘතිය, ජන සංගීතය, අපේ දේවල් කවදාවත් පරණ වෙන්නෙ නෑ. මේ සින්දුව තව අවුරුදු විස්සකින් දැම්මත් මේකෙ තියෙන කතාව අලුත්. මම හිතනව මේ ගීතය තුළින් අපේ දේවල් ගැන අලුත් විදිහට බලන්න උත්සාහ කළා කියල.
‘පරණ නාඩගම්’ තුළින් සචිත් සමාජයට යම්කිසි පණිවුඩයක් දෙන්න උත්සාහ කරල තියෙනව කියල කිව්වොත්?
ඇත්තටම මේ සින්දුව තුළින් මම උත්සාහය කළේ ‘සොබාදහමට ආදරය කරන්න’ කියන පණිවුඩය සමාජයට දෙන්න. මොකද මං හිතන්නෙ අපිට තියෙන ගොඩක් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනව අපි සොබාදහමත් එක්ක ජීවත් වුණොත්. අනිත් එක තමයි අපි සොබාදහමට සමීපව ඉන්නකොට සොබාදහමත් අපිට උදව් කරනව. ලෝකය අලුත් වෙනවත් එක්කම සමහර සාරධර්ම, සොබාදහමත් එක්ක තියෙන බැඳීම නැතිවෙලා තියෙනව. ඒක නැවැත ඇතිකරගන්න කියන පණිවුඩය දෙන්න තමයි මේ ගීතය හරහා මම යම් උත්සාහයක් ගත්තෙ.
මේ ගීතයේ වැඩ පටන්ගත්ත කාලෙත් ඔබ හිටියෙ ඔය මතයෙමද?
ඇත්තටම එතකොටත් මට ඕනෙ වුණේ මූලිකවම අපේ දේවල් රැකගන්න කියන දේ රසිකයන් අතරට ගෙනියන්න. දුක්ගන්නාරාල අයියත් එක්ක මම කතා කරල මේ විදිහට කරමු කියල තමයි සින්දුව ලිව්වෙත්. මේ ගීතයේ වීඩියෝ එක නිර්මාණය කරද්දිත් ඒ දේවල් ඔළුවෙ තියාගෙන තමයි වැඬේ කළේ.
සොබාදහම, ආගම කියන්නෙ මේ දවස්වල හොඳට මාකට් වෙන මාතෘකා. ඔබත් ඒ රැල්ල අනුව යමින්ද මේ නිර්මාණය කරන්න හිතුවෙ?
ඇත්තටම මගේ සොබාදහමට, ආගම දහමට තියෙන ළැදියාව හදිසියේම ඇතිවුණ එකක් නෙමෙයි. මගේ නිර්මාණ හරහා මෙච්චර කල් මම දේවල් කතා කළේ නෑ. මම හිතන්නෙ මගේ ජීවිතේ අමාරුම කාලෙ මට පහුකරගන්න පුළුවන් වුණේ මම සොබාදහමත් එක්ක, ආගම දහමත් එක්ක ජීවත් වුණ හින්දයි. ඉතින් මේ නිර්මාණය එහෙම රැල්ලකට හැදුණ නිර්මාණයක් කිව්වොත් ඒක වැරැදි මතයක්.
‘පරණ නාඩගම්’ හරහා ඔබට අලුත් රසික පිරිසක් අතරට යෑමේ හැකියාව ලැබෙනව?
‘රාණි මුඛර්ජී’ ඇතුළු මගේ ගීත බොහොමයක් ටිකක් වේග රිද්මයෙන් නිර්මාණ වුණ ගීත. නිර්මාණකරුවෙක් විදිහට එකම ශෛලියකටම කොටුවෙලා නිර්මාණ කරන්න අපිට බෑ. හැම ශෛලියකම ගීත නිර්මාණ සඳහා මම දායක වෙලා තියෙනව. නමුත් මේ හරහා කිසිදු බේදයක් නැතුව ලොකු රසික පිරිසක් මාත් එක්ක එකතු වුණා.
‘පරණ නාඩගම්’ මියුසික් වීඩියෝ එක නිතර දක්නට නොලැබෙන වෙනස්ම ආකාරයේ වැඩක්. ඒ ගැන ඔබට කියන්න ගොඩක් දේවල් ඇති?
මියුසික් වීඩියෝ එකේ සංකල්පය, තිරරචනය, අධ්‍යක්ෂණය යන සියලුම දේවල් කළේ මම. මොකද මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ කරපු වැඩත් එක්ක ඒ ගැන යම් අවබෝධයක් තියෙනව. අනිත් එක තමයි මේ වීඩියෝ එකේ ගුණාත්මකභාවය වැඩිකර ගන්න අපි ලෝකයේ භාවිතා වන අලුත්ම සංස්කරණ ශිල්ප ක්‍රම භාවිතා කරල තියෙනව. බලන කෙනාට ඇහැට ප්‍රිය වෙන විදිහට අපේ දේවල් නවීන තාක්ෂණයත් එක්ක ගෙනියන්න තමයි මේ මියුසික් වීඩියෝ එකෙන් උත්සාහ කළේ.
මේ සංකල්පය ගැන තව පැහැදිලි කිරීමක් කළොත්?
මිනිසුන්ගෙ එක එක විශ්වාස තියෙනව, ඇදහිලි තියෙනව. අපි ගමකට ගියොත් ඒ මිනිසුන්ට ආවේණික විශ්වාස තියෙනව. තව පිරිසක් ඒක හාස්‍යයට ලක්කරනව, පිළිගන්නෙ නෑ. උදාහරණයක් විදිහට ඉස්සර ගැමි ජනතාව ගත්තොත් ඔවුන්ගෙ ජීවිතයේ හැම දෙයක්ම ගැටගැහිල තියෙන්නෙ සොබාදහමත් එක්ක. ඔවුන් ගහකින් කොළයක් කැඩුවත් ගහෙන් අවසර අරගෙන වැඳල තමයි කරන්නෙ. අපේ විශ්වාසයක් තියෙනව මේව ආරක්ෂා කරන නොපෙනෙන බලවේගයක් තියෙනව කියල. සොබාදහමත් එක්ක බැඳිල හිටියොත් ඔවුන්ගෙ ආරක්ෂාව අප වෙත ලැබෙනව කියල විශ්වාසය බොහෝ ගැමියන් තුළ තියෙනව. තාක්ෂණයෙ දියුණුවත් එක්ක මේ හැම දෙයක්ම දැන් නැතිව ගිහිල්ල. මම හිතන්නෙ දැන් ලෝකය මුහුණදෙන බරපතළ තත්ත්වයට හේතුව වෙන්නෙ ඇත්තෙ ඒක. ගහට කොළට, සතා සිවුපාවුන්ට ආදරය කරන කෙනෙක් විදිහට මට ඕන වුණේ මේ දේවල්වල තියෙන වැදගත්කම මේ නැවැත පෙන්වන්න.
ජීවිතයත් එක්ක කරපු පොරබැඳීමෙන් පසුවද ඔබ මේ පැත්තට වැඩිපුර යොමුවෙන්නෙ හේතුවුණේ?
නෑ. ඇත්තටම මම පෙන්නුවෙ නැති වුණාට ඒ ගැන අවබෝධයකින් තමයි මම ඉස්සර ඉඳන්ම ජීවත් වුණේ. අපි ජීවත් වෙන්නෙ බුදු දහමත් එක්ක හෝ මොනයම් ඇදහීමක් එක්ක හෝ කියල කාටවත් පෙන්නන්න අවශ්‍යතාවක් මට ඒ වෙනකොට තිබ්බෙ නෑ. අපි යන්න ඕනෙ මාර්ගය අවබෝධයෙන් හදාගත්තට පස්සෙ එළියට මොන දේ පෙනුනත් ප්‍රශ්නයක් නෑ කියන මතයෙ තමයි මම ඉන්නෙ.
හැබැයි මේ නිර්මාණය හරහා ඔබ කරල තියෙන්නෙ ඒ දේ නෙමෙයි?
ඇත්තටම මේ වෙලාව මම ඒ දේවල් එළියට දාන්න හිතුවෙ මම අවබෝධ කරගත්ත දේ තුළින් තව ගොඩක් අයට ගොඩයන්න හේතුවක් වෙයි කියල හිතන හින්ද. මම කරපු දේ ප්‍රතිඵල මේ වෙනකොට මට ලැබෙමින් තියෙනව. මොකද ගොඩක් අය මට කතා කරල කියනව ඔයා කරන දේවල් තුළින් ජීවිතය ගැන අලුතින් ඉගෙන ගත්ත හා ඒ දේවල් තුළින් ජීවිතයට සැනසීමක් ලැබෙනව කියල. ජීවිතයේ මොනාද කරන්න ඕනෙ කියල කිසිම අවබෝධයක් නැතිව වැඩ කරන ගොඩක් දෙනෙක්ට මේ තුළින් යම්කිසි උපකාරයක් වෙන්න ඇති කියල මම විශ්වාස කරනව සහ මම ගොඩක් ඒ ගැන සන්තෝස වෙනව.
මේ සඳහා ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ඇත්තටම මම මෙච්චර කල් කරපු නිර්මාණවල මොකක් හරි අඩුපාඩුවකට බැනපු එක්කෙනෙක් හරි හිටිය. නමුත් තවම මේ නිර්මාණය විවේචනය කරපු කිසිම කෙනෙක් මට හමුවුණේ නැහැ. හොඳ ප්‍රතිචාර තමයි මෙච්චර කල් ලැබිල තියෙන්නෙ. ඉතින් ගොඩක් සතුටු වෙනව දිගු නිහැඬියාවකට පස්සෙ මම කරපු නිර්මාණයට මේ විදිහෙ හොඳ ප්‍රතිචාර ලැබෙන එකට.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහත්වරු අස්ගිරි මහනාහිමි හා මල්වතු අනුනාහිමියන් බැහැදකිති

Next Post

කන්තලේ සූරියපුර ජල ගැටලුවට පිළියම්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.