• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩය කලබල කළ කරන් ජොහාර්ගේ මත් සාදය

September 11, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනයක අන්තර්ජාලය කලඹාලූ පුවත් කිහිපය අතර කරන් ජොහාර් නම් ප්‍රවීණ සිනමාකරුවාගේ චරිතයට හානි වන අන්දමේ පුවතක් මතුවිය.
එහි ශීර්ෂ පාඨයෙහි සඳහන්ව තිබුණේ,
“කරන් ජොහාර්ගේ නිවෙසෙහි මතින් පිරි සාදයක්” යන්නය.
වයින් උගුරක් ආසාවටවත් තොල නොගාන කරන් මේ පුවතින් දැඩිව කලබලයට පත්විය. කරන්ගේ සිත්තැවුල වඩාත් දැඩි වූයේ ඔහුගේ මවද මෙම නරක ආරංචියෙන් චිත්ත පීඩාවට පත්ව සිටි නිසාය. තමන්ට පමණක් නොව ඔහුගේ ආරාධනය මත සාදයට පැමණ සිටි උතුරු ඉන්දියානු සිනමාවෙ සුපිරි තාරකාවන් වන දීපිකා පදුකෝන්, රන්බීර් කපූර්, සාහීඞ් කපූර්, වරුන් ධවාන්, අර්ජුන් කපූර්, මල්ලිකා ආරෝරා සහ විකී කෞෂාල්ද මත්ද්‍රව්‍ය චෝදනාවට හසුව සිටියහ.
එලෙසම වීඩියෝවෙහි හුවා දක්වන අන්දමට කරන් ජොහාර් ඇතුළුව සියලුම සුපිරි තරු පදමට මත්ව සිටින බව කාටත් හැඟී යන ආකාරයට එහි රූපරාමු පෙළගැසී තිබිණි. පන්ජාබයේ ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ චිත්‍රපටයක් තැනීමට සද්භාවයෙන් ඉදිරිපත් වූ මේ නිර්මාණශීලී සිනමාකරුවා, තමා වයින් බිඳුවක් හෝ තොල නොගාන බව ප්‍රසිද්ධියේම පවසන්නේද මහා අවංක බවකින්ය.

ඉතින්,
එහෙව් කරන් සිය මිතුරු පාර්ශ්වය සඳහා එක්වී මතින් පදම් වී අඩඅඳුරින් පිරි පාට පාට ලෝකයක සැරිසරන්නට තරම් දුර්වල අයකු වීම සැබැවින්ම ඇදහිය නොහැකිය. ඇත්තෙන්ම කරන් ජොහාර් මත්ද්‍රව්‍ය භාවිත කළ එකී වීඩියෝව සත්‍යයක්මද?
එය බොරුවක් යැයි අදහනවාට වඩා,
“ඒක නම් බොරුවක් නෙවෙයි, ඇත්තටම එයාල බඹර පදමට මත්වෙලා ඉන්නේ” යැයි කියන්නට අවැසි සාක්‍ෂි එම වීඩියෝවෙහි ගැබ්ව ඇති බව එය දකින්නකුට සිතෙනු ඇත.
“ඇත්තටම මට හිතාගන්නට බැහැ මේ ඕපාදූප පතුරුවන අයගේ මානසිකත්වය කොයිතරම් පහත්දැයි කියලා.”
කරන් ජොහාර් සිය අදහස් දැක්වීම ආරම්භ කළේ එම ආකාරයටය.
“මට ඇතිවෙන්න හිනාවෙන්න තරමට ඔය කියන ඕපාදූපය හාස්‍යෝත්පාදකයි.
ඔවුන් මා මතින් පදම්ව ඇති බව පවසන ඕපාදූපයේ සඳහන් වන්නේ මම නිතර මගේ නාසය ඇඟිලිතුඩු අගින් පිසදමන බවකි.
එතැනදී ඔවුන් මෙම වීඩියෝව නරඹන අයට හුවා දක්වන්නේ කුඩු ගහන්නට පුරුදු වූ අය හෝ වෙනත් මතකට ඇබ්බැහි වූවන් නිතර නාසය අග පිසදමන්නට හුරුවූවන් කියාය.
එහි අදහස මට හදිසි අවශ්‍යතාවක් සඳහා හෝ මගේ නාසය පිසදැමීම හෝ එය ස්පර්ශ කිරීමට නොහැකි බවය.
ඒ වගේම මට තද ප්ලෑෂරයක් සහිත විදුලි ආලෝකය හමුවේ ඇහිපිය ගහන්නට බැරිය. හිස පහත්කරගෙන සිටින්නට බැරිය.
සත්තකින්ම කියනවා නම් වැදගත් සුහද මිතුරු හමුවක් මුල්කොට මඩගසන ඔය ඊනියා වීඩියෝව රූගත කරන්නට එක් තත්පරයකට පළමුවයි මගේ අම්මා අප අතරින් නැඟිට ඉවතට ගියේ. ඈ සාදය පටන්ගත් මොහොතේ සිටම අප සමඟ සතුටුවූවා. ගීත සඳහා තාල ඇල්ලුවා. හිතලා බලන්න අම්මා ඉදිරිපිට මතින් උමතු වන්නට තරම් කරන් ජොහාර් නින්දිත වේද කියලා.”
ඒ කරන්ගේ පාපෝච්චාරණය විය.
කරන් ජොහාර් පවසන දෑ සත්‍යද, අසත්‍යදැයි දන්නේ ඔහුමය.
හැබැයි කරන් ජොහාර් බොහෝ කලබලයට පත්ව ඇත. පමණට වඩා ඔහු නිදොස් වන්නට දඟලයි. මාධ්‍ය හමුවේ තමා සදාචාරාත්මක බව පුන පුනා පවසයි.
ඔහුගේ රත් පැහැව තිබූ ඇස් දෙක පිළිබඳ තියෙන චෝදනාවට ඔහු දුන් පිළිතුර වූයේ,
“තමා එදා සෙම්ප්‍රතිශ්‍යා ගතියකින් පෙළුණු නිසා එය සිදුවූ බවය.”
මත්ද්‍රව්‍ය යැයි ඕපාදූපයා විසින් ඔප්පු කොට පෙන්වන්නට තනන තමා අත තිබූ වීදුරුවෙහි වූයේ ලෙමන් මිශ්‍ර උණුවතුර බවද කරන් කියා සිටින්නේ බොහෝ හිතේ අමාරුවෙන්ය.
“දින කිහිපයකට ඉහත මා ඩෙංගු රෝගයෙන් පෙළුණු බැවින් නිතර ලෙමන් මිශ්‍ර උණුවතුර බීමට පුරුදුව සිටියා. හිස්වෙමින් තිබෙන මත්ද්‍රව්‍ය වීදුරුවක් සමඟ මා මතින් සිටිය බව ඕපාදූප පතුරන්නන් පවසන්නේ ඇයිදැයි මට තේරෙන්නේ නැහැ. අපට ආදරය කරන, අපව අසීමිත ජනප්‍රියත්වයක් මත ඔසවා තබන ප්‍රේක්‍ෂකයන් හිටි අඩියේ මේ විදියට අපට අපහාස කිරීමට පෙලඹෙන්නේ ඇයිදැයි? දන්නේ උඩ සිටින දෙවියන්ම පමණයි,
මෙැනදී මම තවදුරටත් ඉවසා සිටින්නට තරම් මගේ හොඳ සිතුවිලි පෙරට තබමි. නමුත් ඒ මගේ සටනේ අවසන් පියවරයි. නැවතත් මෙවැනි පදනම් රහිත චෝදනාවන් ඉදිරියේ මා නීතිමය පියවරකට නොයා නොසිටින බව ඉතා මැදහත්ව කියා සිටිනවා.”
කරන් ජොහාර් කලබලයට පත්ව සිටින්නේ තමා නිර්දෝෂී නිසාද?
එහෙමත් නැතිනම් ඕපාදූපයෙහි උළුප්පා දක්වන ආකාරයට ඔහු එකී චෝදනාවට හිස නැමිය යුතු බව හෘද සාක්ෂිය පවසන නිසාද?
ඒක නම් කියන්නට දන්නේ නැත.
කෙසේ වුවද කරන් පවසන අන්දමට ඒ වීඩියෝව රූගතකර තිබෙන්නේ ඔහුමය. ඔහු කියන්නේ මත්ද්‍රව්‍ය උතුරා යන සාදයක් එහි පැවැතුණේ නම් එය වීඩියෝ කර ප්‍රසිද්ධ කරන්නට තරම් තමා මෝඩයෙක් දැයි කියාය.
සැබැවින්ම එයද ඇත්තකැයි පවසා නොසිටින්නට බැරිය.
“මට සමහර විටෙක හිතෙනවා ඇයි මම මේ ඉතා හිස් යමක් සඳහා බොරුවට උඩ පනින්නෙ කියා. සාදයත්, නිවෙසත් මගේ. ඒ නිසා යමක් සිදුවුවද මා මොනවට එය මේතරමට සාධාරණීකරණය කරම්ද?”
පීඩාවට පත් කරන් ජොහාර් එලෙසින්ද වරෙක පවසා තිබුණේ, සිය වත පුරා වූ කෝපය සඟවාලන්නට උත්සාහ දරමිනි.
ඒ නම්, “මයි කාර් මයි පෙට්‍රල්” උඹලට මොකෝ පැටන් එකේ තියරියකි.
කොයික වුවද ඕපාදූපයට ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇත.
හේතුව කුමක්ද?
උසස් යැයි සම්මත මිනිසුන් කා බී ජොලියේ ඉන්නවාට ඇතැමුන්ගේ තිබෙන ඊර්ෂ්‍යාවද?
නැතිනම්…,
ඕපාදූපයට අවැසි සාක්‍ෂි සාදයට සහභාගි වූවන්ගේ හැසිරීම් හමුවේ ඔප්පු වන නිසාද?
සත්තකින්ම එය අප නොදනිමු. දන්නේ දෙවියන්ම පමණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත්ගේ මවගෙන් මහ රෑ රනිල්ට ‌කෝල් එකක්

Next Post

මීනාට හඳහනෙන් කියූ අනාවැකිය

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.