සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිනිය ඊයේ (09) රාත්‍රියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දුරකතන ඇමැතුමක් ලබා දී තිබේ.
එහිදී සිය පුත්‍රයා බලාගන්නා ලෙසත්, කිසිදු හේතුවක් මත හෝ සිය පුත්‍රයා පක්ෂයෙන් එළියට නොයන බවත්, ඔහු වටා සිටින පිරිසෙන් සිය පුත්‍රයා හට දැඩි බලපෑම් එල්ල වන බවත් අගමැතිවරයා වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් පක්ෂයේ සියලු දෙනාම එක්ව සමගියෙන් ඉදිරියට යායුතු බවද හේමා ප්‍රේමදාස මැතිනිය අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.
මෙහිදී අගමැතිවරයාද පක්ෂයේ සමගිය සම්බන්ධයෙන් දීර්ඝව අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.