නත්තල් වාසි මල්ල ආකර්ෂණීය උත්සව දීමනාව සමඟ ශ්රී ලංකාවේ අංක එකේ සමාර්ට් ජංගම දුරකථන සන්නාමය Samsung විසින් නත්තලේ අසිරිය සැමට සතුටින් විඳගන්න අවස්ථාව සලසා දෙයි. මේ උත්සව සමය අමතක නොවන උත්සව සමයක් කිරීම වෙනුවෙන් තම පාරිභෝගිකයන්ට මාස 6ක් දක්වා නොමිලේ ඬේටා බණ්ඞ්ල් දීමනා සහ රුපියල් 4999/- වටිනා Samsung battery packs නොමිලේ ලබාදෙයි.
Samsung හී නත්තල් වාසි මල්ල ප්රවර්ධන දීමනාවේදී රුපියල් 3500ක් දක්වා වූ වට්ටම් දීමනාවට විශාල පරාසයක පැතිරුණු ස්මාර්ට් ජංගම දුරකථන රැසක් මිලදී ගැනීමේ හැකියාව ඇත. රුපියල් 85,490 සිට ඉහළට මිල සටහන් කර ඇති Samsung Galaxy A71 (6/8+128GB) දුරකථනය සමඟ සහ රුපියල් 66,790 සිට ඉහළට මිල සටහන් කර ඇති A51 (6/8+128GB) දුරකථන සඳහා රුපියල් 4999/-ක් වටිනා Samsung battery packs නොමිලේ ලබාදෙයි. මීට අමතරව පාරිභෝගිකයන්ට 8GB memory/RAM සහිතව යාවත්කාලීන කළ A51 සහ A71 දුරකථන 6GB memory/RAM තිබෙන දුරකථන මිලටම ලබාගත හැක. එසේම Galaxy A11, A21, M21, M11, A01 සහ J2 Core ස්මාර්ට් දුරකථන සඳහා මිල වට්ටම්ද හඳුන්වාදී තිබේ. තවද ප්රවර්ධන දීමනාව හරහා පාරිභෝගිකයන්ට තව තවත් වාසි ලබාදෙමින් Samsung Sri Lanka විසින් Galaxy M31, M21, M11, M01 සහ M01 Core දුරකථන සඳහා මාස 6ක් දක්වා නොමිලේ ඬේටා බණ්ඞ්ල් දීමනාවක්ද ලබාදෙයි. පාරිභෝගිකයන්ට හඳුන්වාදී ඇති සුවිශේෂී දීමනා නිසා මේ අවස්ථාවේ උපරිම ප්රතිලාභ අත්විඳින්නැයි අපි පාරිභෝගිකයන්ට ආරාධනා කරන්නෙමු.











