ප්‍රාදේශීය වතු සමාගම්වලට (RPC) අයත් වතු කම්කරුවන්ට නව නිවාස 39,150ක් නිම කිරීම සඳහා එම ආයතන විසින් ගනු ලැබූ පුළුල් ක්‍රියාමාර්ග පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) පැසසුමට ලක් කර ඇත. මෙම මස මුලට යෙදී තිබුණු ලෝක ජනාවාස දිනය සැමරීම වෙනුවෙන් වතු කම්කරුවන්ගේ සංගමය පවසා සිටියේ ප්‍රාදේශීය වතු සමාගම්, වැවිලි වෘත්තීය සමිති සහ ශ්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) මෙහෙයවීම යටතේ වතු කම්කරුවන්ට ඉදිරි වසර පහ තුළ තවත් නිවාස 10,000ක් ඉදිකර භාර දෙනු ලබන බවයි.
මිලියනයකට වඩා මඳක් වැඩි සමස්ත ජනගහනයක් සමඟ පවුල් 251,950ක් දැනට ප්‍රාදේශීය වතු සමාගම්වල සිටින නමුත් සමස්ත ලියාපදිංචි වතු කම්කරුවන් සංඛ්‍යාව 135,000ක් පමණකි. එම ආයතනවලට අයත් වතුවල වාසය කරන පවුල්වලින් 16%කට පමණ නව නිවාස ලැබී ඇති අතර 57%කට පමණ ඔවුන්ගේ නිවාස නැවත සෙවිලි කරදී ඇත.
මෙම සෑම නිවෙසක්ම පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550ක භූමි ප්‍රදේශයක ඉදිකිරීමට නියමිත අතර එක් නිවෙසක වටිනාකම රුපියල් මිලියනයකි. මේ සෑම නිවාසයක්ම කාමර දෙකකින්ද, සාලයකින්ද, මුළුතැන්ගෙයකින් සහ වැසිකිළියකින් සමන්විත වන අතර නළ ජල පහසුකම්ද ඇත- ගෙවතු වගාව සඳහා භාවිතා කළ හැකි පරිදි පර්චස් 3ක භූමි ප්‍රදේශයක්ද නිවෙස් වටා ඇත.











