ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ලබා දීමට නියමිතව තිබූ රාත්රී භෝජන සංග්රහය හදිසියේම අවලංගු කොට ඇති බව වාර්තා වේ.
අද (17) රාත්රියේදී කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදී මෙම රාත්රී භෝජන සංග්රහය සූදානම් කර තිබිණ.
නමුත් ඊයේ (16) රාත්රි කර ඇති දැනුම් දීමකින් එය අවලංගු කොට ඇති බව දැනගන්නට තිබේ.
ජනපති පදවි ප්රාප්තියේ වසරක් පිරීම නිමිති කොටගෙන මෙම භෝජන සංග්රහය සූදානම් කර තිබූ බවද දැනගන්නට ඇත.










