• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉස්සර නටපු නැටිලි දැන් බැහැ

November 8, 2020
in Heart
Reading Time: 3 mins read
A A
ඉස්සර නටපු නැටිලි දැන් බැහැ
Share on WhatsAppShare on Facebook

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා අපහාස වින්දා…

ඕනෑම චරිතයක් කිසි බයක් සැකක් නැතුව හරියට කරන සුවිශේෂී රංගන ශිල්පිනියක් ගැන තමයි ඔබට අප මේ කියන්නේ. රඟපෑමට විතරක් නෙමේ හඬකැවීමට වගේම නැටුමට දක්ෂ දනුෂ්කා ජයරත්න සමගයි මේ කතාබහ. පසුගිය කාලේ ඇය කළ සුවිශේෂී රංගනයක් වෙනුවෙන් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇයව විවේචනයට ලක්කළා. ඉතින් ඒ සියල්ලට ඇය මුහුණදුන්නේ කොහොමද කියලා ඇයගෙන් අප ඇහුවා…
ඇඳිරිනීතිය නිසා මේ දවස්වල දනුෂ්කා ගෙදරට වෙලා ඇති නේද?
එහෙම කියලත් නැහැ. බාරගත්තු ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා. එයට අමතරව හඬකැවීම් කටයුතුත් කරගෙන යන අතර ගෙදර වැඩකටයුතුත් කරගන්නවා.
ඒ කියන්නේ කාර්යබහුල ජීවිතයක්ද මේ ගෙවෙන්නේ?
එහෙමත් කියලා නැහැ. වැඩ තියෙන වෙලාවට වැඩ කරනවා. අනිත් වෙලාවට ගෙදරට වෙලා විවේකීව මගේ වැඩකටයුතු කරගන්නවා.
එහෙනම් කියමුකො බලන්න මේ දවස්වල ඒ තරම් කාර්යබහුල ඇයි කියලා?
‘ඉන්ටනැෂනල්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. එයට අමතරව ‘අග්‍රා, මුතු අහුර’ ටෙලිනාට්‍යවල හඬකවනවා.
දනුෂ්කාට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ හඬකැවීම්වලටද එහෙමත් නැත්නම් ටෙලිනාට්‍ය සඳහාද?
එහෙමයි කියලා විශේෂයක් නැහැ. විවිධ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා.
හැබැයි ඉතින් ඔය සුන්දර ප්‍රතිචාර අතර ඔබට විවේචනය කරන අවස්ථාත් තිබෙනවා නේද?
හොඳ, නරක දෙකටම මට මුහුණදීලා පුරුදුයි. සිඳු ටෙලිනාට්‍යයේ මගේ මන්ත්‍ර ගුරුකම් නිසා ගොඩක් අපහාස විඳින්න මට සිද්ධවුණා. එය ගැන මම පෞද්ගලිකවම දුක්වෙනවා. සමහරු මට පණුවො ගහපන් කියලා ප්‍රතිචාර දක්වලා තිබුණා. ඇයි ඒ තරම් මිනිසුන් මෝඩ. බලන්න බැරි නම් එය නොබලා ඉන්න එක තමයි හොඳ. මම කරන්නේ මගේ රඟපෑම. එවැනි දේවල් කියන එක වැරැදියි. ‘සිඳු’ ටෙලිනාට්‍ය ගැන විවේචනය කරන එක වෙනම දෙයක්. නමුත් ශිල්පීන්ට අපහාස කරන එක වැරැදියි.
ඒ කියන්නේ ඔබ නැවැත ‘සිඳු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ නැතිද?
මම එහෙම කරන්නේ ඇයි. මට ආරාධනා කළොත් මම මගේ රඟපෑමට සාධාරණයක් කරනවා. මට මොන තරම් නින්දා අපහාස කළත් මම ඒ චරිතය අත්හරින්නේ නැහැ. ඉදිරියේදීත් මම නැවැත ‘සිඳු’ එකේ රඟපාවි.
පසුගිය කාලේ එක්තරා නිර්මාණයක අපි ඔබගේ සුවිශේෂී රංගනයක් දැක්කා?
ඔබ ඔය කියන්නේ ‘ක්ලික්’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ඒ සැරපරුෂ චරිතය ගැන ගොඩදෙනෙක් කතාබහ කළා. එහෙම ගැහැනු මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා පිරිමි අය ඉදිරියේ චණ්ඩි පාට් දාගෙන ඉන්න එවැනි ගැහැනු චරිත. එවැනි චරිත තුළ හොඳ, නරක දෙකම තිබෙනවා. එහෙම වීමට හේතුව හොයන්නේ නැහැ කවුරුත්.
එවැනි චරිත ජීවමාන කිරීමට විශේෂ චරිත අනුකරණය කළාද?
මම කිසිම කෙනෙක් අනුකරණය කරලා රඟපෑවේ නැහැ. නමුත් එදිනෙදා සමාජයේ අපට හමුවෙන විවිධ චරිත සමඟ ගනුදෙනු කිරීමේ ආශාවක් මට තිබෙනවා. එය මට විතරක් නෙමේ මේ ක්ෂේත්‍රයට සමබන්ධ ඕනෙම ශිල්පිනියක් කරන දෙයක්. මම කිසිම රංගන පාසලක හැදෑරීමක් කරලා රඟපාන්න ආපු කෙනෙක් නෙමේ.
සැබෑ ජීවිතයේ දනුෂ්කා ඒ තරම් දරුණු නැහැ නේද?
අවශ්‍යතාවය අනුව තමයි ඉතින්. මගේ හිත ගොඩාක් නිවුණු කෙනෙක්. අනෙකාගේ දුක මගේ කියලා කටයුතු කරන කෙනෙක් මම.
එහෙම තව කෙනෙක්ගේ ජීවිතයට හව්හරණක් වෙන්න ගිහින් වැරදුණු අවස්ථා ඇති නේද?
අපෝ ඕනෑ තරම් ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. ඒ දේවල් මෙහෙමයි කියලා කියන්න බැහැ. හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම ශක්තිමත්ව මුහුණදීලා නැගිටපු ගැහැනියක් මම.
ඉස්සර නටපු නැටිලි දැන් නටන්න කැමැති නැතිද?
ඉස්සර මම පන්ති පවත්වලා නැටුම් පුහුණු කළා. ඒත් දැන් නටන්න බැහැ. එහෙම කාලෙක ඉඳලා ඒ වැඩකටයුතු නොකරපු නිසා මමත් දැන් මහත් වෙලා. ඉතින් දැන් ඉස්සර වගේ මට නටන්න බැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඩ්‍රීම් ස්ටාර්වලින් මට ලැබුණු දෙයක් නෑ

Next Post

හිටිහැටියේ එළියට ආපු ඉරා ඛාන්ගේ පිස්සුව

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.