• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිටිහැටියේ එළියට ආපු ඉරා ඛාන්ගේ පිස්සුව

November 8, 2020
in Heart
Reading Time: 4 mins read
A A
හිටිහැටියේ එළියට ආපු ඉරා ඛාන්ගේ පිස්සුව
Share on WhatsAppShare on Facebook

අමීර් ඛාන්ටත් චෝදනා…

පොඩි කාලේම මම අතවරයට ලක්වුණා..

පසුගිය සමයක තුර්කි ජනපති එර්බෝගන්ගේ සුහද හමුව නිසා දේශපාලනීය සහ ජාත්‍යමය වශයෙන් අමානුෂික මඩ ප්‍රහාරයකට ලක්ව සිටි අමීර් ඛාන්, එයට පසු බොහෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේය.

සිනමා සඟරාවක් හෝ ජාතික පුවත්පතක් හමුවේවත් සම්මුඛ කතිකාවකටවත් නොපැමිණි ආමීර් විiුත් නාලිකා ඔස්සේවත් පෙනී නොසිටියේය. පසුගිය සමයක තුර්කි ජනපති එර්බෝගන්ගේ සුහද හමුව නිසා දේශපාලනීය සහ ජාත්‍යමය වශයෙන් අමානුෂික මඩ ප්‍රහාරයකට ලක්ව සිටි අමීර් ඛාන්, එයට පසු බොහෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටියේය.

සිනමා සඟරාවක් හෝ ජාතික පුවත්පතක් හමුවේවත් සම්මුඛ කතිකාවකටවත් නොපැමිණි ආමීර් විiුත් නාලිකා ඔස්සේවත් පෙනී නොසිටියේය.තමා දැඩි කලකිරීමකට පත්ව සිටින බව පමණක් මාධ්‍යකරුවන් හමුවේ ප්‍රකාශ කළ ආමීර් තමා වෙත ඔවුන් කරන ආරාධනයන් සුහදව ප්‍රතික්‍ෂේප කළේය.

ආමීර්ගේ ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ද මඳ කලකට වාගේ නිහඬව තිබුණේය. හිටි අඩියේම වාගේ ආමීර්ගේ හිත යම් තිගැස්මකට ලක්වූයේ තම පළමු විවාහයේ දියණිය වූ ඉරා ඛාන් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මුදාහැර තිබූ වීඩියෝවක් හේතුවෙන්ය.

23 හැවිරිදි ඉරා ඛාන් පවසා තිබුණේ යම් මානසික පීඩනයක් ඇති වූ කල මුහුණ දියයුතු ආකාරය කෙසේ දැයි යන්න ගැනය. තමාද ඉතා දරුණු මානසික පීඩාවන් වෙත මැදිව සිටි බවත්, එයින් මිදීම සඳහා තමා මවුපියන් සහාය පැතූ බවත්ය.

මානසික පීඩනය යනු දරුණුතම සර්පයකු අප සිරුරේ ඉතා අප්‍රසන්න විදියට එතී සිටින්නාක් බඳු වූ අශෝභන සිදුවීමකි. එනිසා ඔබ යම් මානසික පීඩාවකට ගොදුරු වන්නේද ඒ ගැන ඔබට සමීපතම අයකු සමඟ ඒ ගැන පවසන්න.

ඒ අය, ඔබේ මවුපියන්ද, සහෝදරියන් හෝ මිතුරියන්ද විය හැකිය. ඒ කවුරු වුවද ඔබේ දුක අසන ඔබට සවන් දෙන මුදු සිත් ඇත්තකු සමඟ එය පවසන්න. පීඩනය සිත තුළ රඳවාගෙන සිටීම තුළ මරණයේ මූසල සීතල ඔබ පෙළනු ඇත.

මුල්වරට මා දැඩි පීඩනයකට බඳුන් වූයේ වයස අවුරුදු දාහතරේදීය. නිවෙසට නිතර යන එන හිතවත් තරුණ පිරිමි මිනිසකු වෙතින් මම කිහිපවිටක්ම අතවරයට පත්වූයෙමි.
අවස්ථා කිහිපයකින් පසු එම නරක පිරිමියා මා අපයෝජනයට පත්කිරීම නවතා දැමූ අතර, මම එයට පසු දැඩිව ආතතිය තුළ ගුළිවී සිටියෙමි.

පළමු වතාවේදීම එය මවුපියනට නොපැවැසීම ගැනත්, මා මෙයට අකැමැති වග පෙන්වීමට අපොහොසත් වීම ගැනත් මම මා ගැනම මනස්ථාප වූයෙමි. තාත්තාගේ හෝ අම්මාගේ මුහුණ බලාගෙන එය පවසන්නට ලැජ්ජාශීලී වූ මම ඊ-මේල් පණිවුඩයකින් සියල්ල ඔවුනට දන්වා සිටියෙමි. ඒ මොහොතේ ඔවුන් ඉතාම ළබැඳිව මට සරණය වූ ආකාරය සැබැවින්ම හැඟීම්බරය. ඉන්පසුව මම මා පිළිබඳව වූ සියලුම ඉච්ඡාභංගත්වයන් තුළින් මිදුණෙමි.වචන යනු ඉතා ශක්තිමත් මෙවලමකි. පීඩනය මුදාලීමට වචන අවැසිය. මුළුගැන්වී, ගොළු වී හොඳ වචන සහ හඬ පිටකර කඳුළු සැලීම හරහා පීඩනය පලවා හරින්න.

ඉරාගේ මේ වීඩියෝව හමුවේ දස දහස් ගණනක කමෙන්ට්ස් ඈ වෙත සටහන් කොට තිබිණි. ඒ අතර ඔවුන් තම තමා මුහුණ දුන් පීඩනයන් සහ එහි අවස්ථාවන් ගැනද සඳහන් කර තිබුණේ ඉතාම සුහදවය. වසර 9කට පසුව මෙවැන්නක් ඔබ එළිකළේ මවුපියන්ගේ දික්කසාදය ගැන තවමත් පීඩනයට පත්ව සිටි නිසාදැයි, කිසිවකු ඉරා ඛාන්ගෙන් අසා තිබිණි.
‘කිසිසේත්ම නැහැ.’

‘ඔවුන් වෙන්වූයේ ඉතාම සුහදව දෙදෙනාට දෙදෙනා යම් අමනාපයකට මැදිව එය සඟවා බොරු බැඳීමක සිටිනවාට වඩා එයින් මිදී යෑම යහපත්ය. ඔවුන් වෙන්වූයේ මගේ කැමැත්තද විමසීමෙන් පසුවයි.’
යනුවෙන් ඉරා එයට උත්තර බැඳ තිබිණි.

‘ඔබේ පියා ආමීර් ගැන මම කලකිරෙමි. ඔබ වැනි දියණියක ගැන පියකු ලෙස ඔහුට මඳක් හෝ ඔයිට වඩා පරෙස්සම් වීමට තිබිණි.

දෙවැනි වරටද ඉරාගේ අනුගාමිකයා ඇයට යම් චෝදනාවක් සටහන් කර තිබිණි.
‘දැනුවත් වීමක් සඳහා මිස මෙම වීඩියෝව විවේචන හෝ ප්‍රහාරයන් සඳහා සැකැසූවක් නොවන බව සුහදව පවසමි, යනුවෙන් ඉරා ඛාන් එයටද උත්තර සපයා තිබිණි.

කෙසේ වුවද ආමීර් ඛාන් ඉරා ඛාන්ගේ වීඩියෝව ගැන තිගැස්මට සහ අපහසුතාවට පත්ව සිටින බව කියැවෙයි. දියණියට සුහදව කතා කොට මෙවැන්නක් පළකිරීම ගැන තමා කනගාටුවෙන් පසුවෙමිය යන පණිවුඩය ඔහු ඉරා ඛාන්ට දුන් බව කියැවෙයි. ආරංචි මාර්ග තවදුරටත් පවසන්නේ ආමීර් ඛාන්ගේ ‘සෙල් ෆෝනය’ මේ දවස්වල දිගින් දිගට රිං වන බවය.’ ඉරා ඛාන්ට ඒ ගැන වගක් නැති තරම්ය. ඉරා ඛාන් පවසා සිටින්නේ තමා ‘මෝර්ටිවේටර්’ කෙනකුගේ සද්කාර්යයක් සඳහා තම අත්දැකීමක් තිළිණ කළ දුන් වගය.

‘කිසිවකුට එය සිත් රිදවීමක් හෝ චකිතයක් වූවාට තමාට කරන්නට කිසිත් නැතැයි’ යනුවෙන්ද ඉරා තවදුරටත් සටහන් කොට තිබුණාය. ඉන්දියානු මනෝ චිකිත්සකයකු වූ උදිතා රාස්දාන් ඉරා ඛාන්ගේ සිදුවීම පසෙක සටහනක් මෙලෙස තැබුවාය.

බොහෝ වැදගත් යැයි සම්මත යහපත් බැඳීම් ඇති පවුල්වල දූවරුන්ද නිවෙසට යන එන සුහද කාමාතුරයන්ගේ ග්‍රහණයට ළමා වියේදී හසුවෙයි..,
ඉදින්, ඉරා ඛාන් යනු එහි ආරම්භක හෝ අවසාන පුරුක නොවේ.., විසිතුන් හැවිරිදි තරුණ කෙල්ලක ලෙස මෙතරම් විවෘතව ඉරා ඛාන් මානසික පීඩාවට බඳුන් වූ අන් අය වෙනුවෙන් කළ මේ සොඳුරු මෙහෙවර අගයමි.
කොයික කෙසේ වුවද, ආමීර් ඛාන් දියණියගේ පමණට වඩා වූ මේ විවෘත බව හමුවේ, නිහඬ කම්පනයකට බඳුන්ව ඇතැයි යන්න බොහෝ දෙනකු අනුමාන කොට හමාරය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉස්සර නටපු නැටිලි දැන් බැහැ

Next Post

සෙලාන් බැංකුව සෙලාන් ටිකිරි ලෝක ළමා මාසය සමරයි

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.