• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඩ්‍රීම් ස්ටාර්වලින් මට ලැබුණු දෙයක් නෑ

November 8, 2020
in Heart
Reading Time: 4 mins read
A A
ඩ්‍රීම් ස්ටාර්වලින් මට ලැබුණු දෙයක් නෑ
Share on WhatsAppShare on Facebook

ඔක්සිජන් හරහා මගේ හීනය සැබෑවුණා…

මට ඕනෙ වුණේ අලුත් හඬක් රසිකයන්ට දෙන්න…

හතු පිපෙනවාක් මෙන් බිහිවන සංගීත කණ්ඩායම් අතර වෙනස් හඬක් තුළින් රසිකයන් පිනවන්නට උත්සාහයක යෙදෙන සංගීත කණ්ඩායමක් ලෙස ‘ඔක්සිජන්’ හඳුනාගත හැකිය. ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායම් ඇසුරෙන් ලත් ආභාෂය ඇතිව එම වෙනසට මුලපිරූ ‘ඔක්සිජන්’ නියමු තුෂාර සුබසිංහ මෙතෙක් ආ ගමනේ රසමුසු තැන් ගැන අප හා කීවේ මෙලෙසින්.
ඔබව බොහෝදෙනා හඳුනාගන්නේ රියැලිටි වැඩසටහනක් තුළින්?
ඇත්තටම රියැලිටි වැඩසටහනට සහභාගි වෙන්න කලින් ඉඳලම මම සංගීත ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරමින් තමයි හිටියෙ. මහින්ද සිල්වා ප්‍රමුඛ ‘සුපර් ස්ටාර්’ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට මම ඊට පෙර ඉඳන්ම වැඩකටයුතු කළා. මම හිතන්නෙ නෑ රියැලිටි ෂෝ එකින් මට මහලොකු ජනප්‍රියත්වයක් ලැබුණ කියල.
අවසන් තරග වටයට යන්න බැරිවුණ දුකෙන්ද ඔබ ඔය කතා කරන්නෙ?
එහෙම දෙයක් නෑ. මම එම රියැලිටි වැඩසටහනෙ අවසන් තරගකරුවන් 16 අතර හිටිය. ඇත්තටම රියැලිටි වැඩසටහනින් මට ලැබිච්ච දෙයක් නෑ. මම මගේ උත්සහයෙන් කට්ට කාල බෑන්ඞ් ගහල තමයි මේ තත්ත්වෙට ආවෙ. ඔය රියැලිටි වැඩසටහන්වල කී දෙනෙක් අද වෙනකොට ජයග්‍රහණය කරල තියෙනවද. ඒ කී දෙනෙක් අද ක්ෂේත්‍රයේ ඉන්නවද. මම මහන්සිවෙලා හදාගත්ත දෙයක් මිසක් මගේ ගමනෙ වෙන කිසිම දෙයක් නෑ.
‘ඕල්රයිට්’ එක්ක ඔබේ සංගීත ගමනෙ අලුත් පිටුවක් පෙරළෙනව?
ඔය රියැලිටි වැඩසටහනට සහභාගි වෙලා අවුරුදු තුනකට විතර පස්සෙ තමයි මම ඕල්රයිට් එක්ක සම්බන්ධ වෙන්නෙ. ඇත්තම ඕල්රයිට් නිසා තමයි මගේ සංගීත ජීවිතය වෙනස් වෙන්නෙ. ඒ හරහා තමයි රසිකයන් මාව හඳුනගන්නෙ. මට ආදරය කරන්න පටන් ගන්නෙ.
ඕල්රයිට් ලංකාවේ ජනප්‍රියම බෑන්ඞ් එක බවට පත්වන්න ඔබගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව?
මම ඕල්රයිට් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක්. මුලින්ම සංගීත කණ්ඩායමේ නිවේදකයා ලෙස වැඩ කරනව. ඒ කාලෙ ජෝතිපාලයන්ගෙ ගීත වෙනස්ම ආරයකින් ඉදිරිපත් කිරීම හරහා තමයි මට ලොකු ජනප්‍රියත්වයක් ලැබෙන්නෙ. ඇත්තටම බෑන්ඞ් එක ඒ තත්ත්වයට එන්න මගෙන් ලැබෙන්න ඕනෙ සහයෝගය සියයට සීයක්ම ලබාදුන්න කියල මම හිතනව.
නම හදාගත්තට පස්සෙ ඔබ ඕල්රයිට් බෑන්ඞ් එකෙන් අයින්වෙනව?
ඇත්තටම මට ගායකයෙක් වශයෙන් ඉදිරියට යන්න ලොකු ආසාවක් තිබුණ. ඊට පස්සෙ බෑන්ඞ් එකත් එක්ක මම කතා කරල බෑන්ඞ් එකෙන් ඉවත් වුණා.
තනියෙන් ගමනක් යන්න හිතුවට ඔබ ආයි බෑන්ඞ් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනව?
තනියෙන් ගමනක් යන්න කියල හිතාගෙන අයින් වුණාට මට තේරුණා එහෙම යන එක ලේසි නෑ කියල. ඊට පස්සෙ තමයි මම ෆීඞ්බැක් සහ පර්පල් රේන්ජ් කියන බෑන්ඞ් එක්ක ටික කාලයක් වැඩ කරන්නෙ.
ඊට පස්සෙ ඔබ ‘ඔක්සිජන්’ එක්ක අලුත් ගමනක් යන්න පටන් ගන්නව?
ගායකයෙක් වෙනව වගේම බෑන්ඞ් එකක් හදන එක මගේ තිබුණ තවත් හීනයක්. ඒත් එක්කම ‘ඔක්සිජන්’ හරහා මට ඕනෙ වුණේ අලුත් නමක් එක්ක අලුත් හඬක් රසිකයන්ට දෙන්න. ඔක්සිජන් හැදුණට පස්සෙ තමයි ලංකාවෙ බෑන්ඞ් හතු පිපෙනව වගේ හැදෙන්න පටන් ගත්තෙ. අනිත් එක තමයි ලංකාවෙ බෑන්ඞ් හැදුනනම් හැදුණෙ ජනප්‍රිය චරිත ගොඩක් එක්ක. නමුත් ඔක්සිජන්වල ජනප්‍රිය චරිතයකට හිටියෙ මම විතරයි. ඒ අවදානමත් අරගෙන තමයි මම ඔක්සිජන් හැදුවෙ.
ඒ ගත්ත අවදානමත් එක්ක මේ වෙනකොට ඔක්සිජන් සාර්ථකයි කියල හිතෙනවද?
‘ඔක්සිජන්’ බෑන්ඞ් එක හදල මේ වෙනකොට අවුරුදු හයක් විතර වෙනව. අපි සංගීත කණ්ඩායම් ක්ෂේත්‍රයේ කරපු වෙනසත් එක්ක අපිට මේ වෙනකොට ලොකු රසික පිරිසක් හැදිල ඉන්නව. අපිට හොඳ ඉල්ලුමක් තියෙනව. ඉතින් මම හිතනව මම ගත්ත අවදානමේ ප්‍රතිඵල තියෙනව කියල.
දැන් බෑන්ඞ්වල ගායකයන්ට තියෙන චෝදනාවක් තමයි මල් සින්දු හරහා ජනප්‍රිය වෙන්න හදනවා කියන එක?
මම නම් විවිධ ශෛලීන්වල ගීත ගායනා කරල තියෙනව. මම ඒකට හරි විරුද්ධයි. නමුත් ටේ‍රන්ඞ් එක හින්ද තමයි අකමැත්තෙන් වුණත් ඒ වැඬේ කරන්න වෙලා තියෙන්නෙ. දැන් බලන්නකො අමරදේව මාස්ටරුත් අවසාන කාලෙ උමාරියත් එක්ක සින්දුවක් කිව්වනෙ. එහෙම කළෙත් ටේ‍රන්ඞ් එක හින්දනෙ. නමුත් මම පෞද්ගලිකව හරි අකමැතියි දැන් නිර්මාණය වන ගීතවලට. ඇත්තටම ඒවට ගීත කියල කියන්න බෑ. මම කවදාවත් අඬන සින්දු කියල නෑ. මම කියන්නෙ ඒ චෝදනාවෙ ලොකු කොටසක් මාධ්‍යයත් භාරගන්න ඕනෙ. මාධ්‍ය තමයි මල් සින්දු හිට් කළේ.
ඇයි හොඳ නිර්මාණවලින් ටේ‍රන්ඞ් එකක් හදන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?
ඇත්තටම මමත් ආසයි හොඳ ගීපද රචකයන්ගෙ ගීත කියන්න. නමුත් අපිට එහෙම අවස්ථාව ලැබෙනව බොහොම අඩුයි. මම ගීත ගොඩක් කියන්නෙ තෝරා බේරාගෙන. මට හරි නෑ කියල ප්‍රතික්ෂේප කරල වෙන අය කියල හිට් වුණු ගීත ගොඩක් තියෙනව. නමුත් ඒ ගැන මට දුක නෑ. මම පුළුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ හොඳ නිර්මාණයක් රසිකයන්ට දෙන්න.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

මීගමු කොරෝනා ආසාදිතයාට ඩෙංගුත් හැදිලා

Next Post

ඉස්සර නටපු නැටිලි දැන් බැහැ

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.