• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රනිල්ගෙ පන්සලෙන් රනිල්ටම ගහපු කැරැල්ල

September 8, 2019
in Politics
Reading Time: 3 mins read
A A
රනිල්ගෙ පන්සලෙන් රනිල්ටම ගහපු කැරැල්ල
Share on WhatsAppShare on Facebook

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව වාර්තා වූයේ පසුගිය සතියේය. කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ දායක සභාව ඒකමතිකව එම තීරණය ගනු ලැබූ බවට වූ පුවත දිනපතා ජාතික පුවත්පත් සියල්ලේම ප්‍රධාන පුවත විය. නමුත් එදිනම නිවේදනයක් නිකුත් කළ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබුණේ දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට වන පුවත අසත්‍ය බවය. එම නිවේදනයේ දැක්වුණේ දේපොළ වංචාවක් සම්බන්ධයෙන් කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ලවී ඇති චෝදනාවෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා ටික කලකට පෙර තීරණය කර තිබූ බවය.
රනිල් වික්‍රමසිංහ මහතා සහ කැලණිය විහාරය අතර පවතින සම්බන්ධය ආරම්භ වන්නේ වසර ගණනාවකට පෙරය. වික්‍රමසිංහ පවුල සහ කැලණි විහාරය අතර සම්බන්ධයේ පළමු පුරුක ලෙස සඳහන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මීමිත්තණියන වන හෙලේනා වීරසිංහ මහත්මියය. ඇයගේ ස්වාමිපුරුෂයා වූ දොන් පිලිප් විජේවර්ධන මුහන්දිරම්ද කැලණිය විහාරයේ ප්‍රධාන දායකයකු විය. හෙලේනා වීරසිංහ මැතිනියට නූතන කැලණියේ විශාඛාව බවට පත්වීමට ඉඩකඩ විවර වන්නේ ඒ හරහාය. 1888 වසරේ එක් පුන් පොහෝ දිනෙක තම ස්වාමිපුරුෂයා සමඟ මහා වර්ෂාව මධ්‍යයේ කැලණිය විහාරයට ගිය ඇය දුටුවේ සැදැහැවතුන්ගේ පයට පෑගෙමින් මඩ ගොහොරුවක් බවට පත්වී ඇති විහාර භූමියයි. වහා ක්‍රියාත්මක වූ ඇය තම පෞද්ගලික ධනයෙන් කැලණි විහාරයේ බිමට ගඩොල් ඇතිරීමට තීරණය කළාය. එතැන් පටන් කැලණි විහාරයේ ප්‍රධාන දායිකාව ලෙස කටයුතු කළ ඇය 1902 වසරේදී කැලණි විහාරයට කිරිගරුඬ පූජාසනයක් පූජා කර ඇත. කැලණි විහාරයේ ප්‍රතිමා මන්දිරයේ ඉදිකිරීම් මෙන්ම වර්තමානයේ බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍රව ඇති දුරුතු මහා පෙරහැර ආරම්භවී ඇත්තේද හෙලේනා මැතිනියගේ ප්‍රධානත්වයෙන්ය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ මව වන නාලනී විජයවර්ධන මැතිනියගේ පියා වන්නේ ඩී. ආර්. විජයවර්ධන මැතිඳුන්ය. ඩී. ආර්. විජයවර්ධන මැතිඳුන් යනු අප කතාකළ හෙලේනා වීරසිංහ මැතිනියගේ එක පුතණුවකුය. හෙලේනා වීරසිංහ මැතිනියගේ පටන් ඩී. ආර්. විජයවර්ධන මැතිඳුන් මෙන්ම නාලනී විජයවර්ධන මැතිනියද කැලණි විහාරයේ ප්‍රධාන දායක දායිකාවන්ය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එස්මන්ඞ් වික්‍රමසිංහ මහතාගේ පරපුරටද කැලණිය විහාරස්ථානය සමඟ ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. 1948දී ලංකාව බි්‍රතාන්‍යයෙන් නිදහස ලබාගත් බව රනිල් වික්‍රමසිංහ මහතාගේ මීමුත්තන් ප්‍රකාශකර ඇත්තේද කැලණි විහාරයේදීය. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට කැලණි විහාරය සමඟ ඇති සම්බන්ධය සුළු පටු එකක් නොවන්නේය. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනය අනුව 1970 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය ආසනය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසෙන්නේද කැලණි විහාරස්ථානයේ පූර්ණ ආශීර්වාදය ඇතුවය.

රනිල් වික්‍රමසිංහ මහතා දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ අවස්ථාවේ අදහස් දැක්වූ කැලණිය විහාරස්ථානයේ දායක සභාවේ සමලේකම් සමන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ සභාපති ධුරයේ වැඩ කටයුතු නිසියාකාරව ඉටුකිරීමට අගමැතිවරයා අසමත්වීම එම තීරණයට හේතුවූ බවය.
“වර්තමාන සභාපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන සේවය පන්සලේ කටයුතුවලට ලැබෙන්නේ නැති බැවින්, සභාපති තනතුරින් එතුමා ඉවත් කොට සුදුසු පුද්ගලයෙක් එම තනතුරට පත් කරන්න ඕනේ කියලා යෝජනාවක් ආවා. මම ඒ යෝජනාව ස්ථිර කළා. ඡන්දයක් විමසූ අවස්ථාවේ හත්දෙනෙක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා. එම යෝජනාවට පක්ෂව විශාල පිරිසක් ඡන්දය භාවිත කළා. කොහොම වුණත් දායක සභාවේ විධායක කමිටුවේදී තමයි මේ සම්බන්ධ අවසන් තීරණය ගන්නේ.” සමන් රණසිංහ මහතා අදහස් දැක්වූයේ එසේය.
එක්සත් ජාතික පක්ෂය පවසන ආකාරයට අගමැතිවරයා කල් තියාම කැලණි විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්වී ඇත්තේ විහාරාධිපති හිමියන්ට එල්ල වී ඇති චෝදනාවක් නිසාය. කැලණිය වැනි ඓතිහාසික විහාරස්ථානයක හිමිනමකට එල්ලවී ඇති එම චෝදනාවද ඉතා බරපතළය. වාර්තා වන අන්දමට විහාරාධිපති සංඝරක්ඛිත හිමියන්ට එම චෝදනාව එල්ල වන්නේ නිදහස් සටනේ පුරෝගාමියකු වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක හෙවත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන්ට අයත්ව තිබූ වලව්වක් සම්බන්ධවය. වර්තමාන වෙළෙඳපොළ වටිනාකම අනුව කෝටි ගණනක් වටිනා ඩී.බී. ජයතිලක මැතිඳුන්ට අයත්ව තිබූ වේරගොඩ වලව්ව තම මරණයෙන් පසු සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා රජයට පවරා ගන්නා ලෙස එතුමන්ගේ අන්තිම කැමැති පත්‍රයේ සඳහන්ව ඇත. වාර්තා වන අන්දමට කැලණි විහාරාධිපති හිමියන්ගේ උත්සාහයවී ඇත්තේ රජයට පවරා ඇති වේරගොඩ වලව්ව කැලණි විහාරයට පවරාගැනීමය. උන්වහන්සේ ඒ සඳහා උදවු ලබාගෙන ඇත්තේ හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් බවද සඳහන්ය. ඩී.බී. ජයතිලක මහතාගේ අන්තිම කැමැති පත්‍රය වෙනස් කොට වේරගොඩ වලව්වේ අයිතිය රජයට නොව කැලණි විහාරයට හිමිවිය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටද ඒ අනුව රාජපක්ෂ මහතා කටයුතු කර ඇතත් අගමැතිවරයා ඒ සඳහා තදින් විරුද්ධවී ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා සහ කැලණිය විහාරාධිපති ඇතුළු දායක සභාව අතර විරසකය ඇතිවී ඇත්තේ ඉන් අනතුරුවය. ඩී.බී. ජයතිලක මහතාගේ අන්තිම කැමැත්ත කොයි හැටි වෙතත් කෙසේ හෝ වේරගොඩ වලව්ව කැලණිය විහාරස්ථානයට පවරාගැනීමට අගමැතිවරයා කැමැති නොවීම විහාරාධිපති හිමියන්ගේ සහ දායක සභාවේ දැඩි විවේචනයට හේතුවී ඇත. කැලණි විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස අගමැතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි ඇතැම් විට ඒ කිසිවකු නොසිතන්නට ඇත. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි නොවුණද ඉන් නොනැවතුණු විහාරාධිපති හිමියන් වලව්වේ අයිතිය කෙසේ හෝ විහාරස්ථානයට ලබාගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමටද කටයුතු කර ඇත. නමුත් මියගිය පුද්ගලයකුගේ අන්තිම කැමැති පත්‍රය වෙනස් කිරීමට හෝ අන්තිම කැමැති පත්‍රයේ සඳහන්ව ඇති කරුණු කාරණා වෙනස් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළ අධිකරණය එම නඩුව අවසන් කර ඇත. දායක සභාවේ සභාපති තනතුරින් ඉවත්වීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ මේ ක්‍රියාකලාපය මතය. කෝටි ගණනක් වටිනා වේරගොඩ වලව්ව කොයි ආකාරයෙන් හෝ කැලණි විහාරයට පවරාගැනීමට විහාරාධිපති හිමියන් දරන උත්සාහය මේ වන විටද නතරවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට එල්ලවී ඇති චෝදනාවන්ද ඉතා ප්‍රබලය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආශීර්වාද ලබාගැනීම සඳහා පළමුව ගමන් කළේද කැලණිය රජමහා විහාරස්ථානය වෙතය. ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය විහාරස්ථානය වෙත ගියේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් හිමිවූ අගෝස්තු 11 වැනිදා රාත්‍රියේ වීමත් විශේෂත්වයක් විය. එහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් කැලණිය විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රකාශ කළේ සමස්ත මුස්ලිම් ජනතාවට සැක බියකින් තොරව ඉදිරියට යෑමේ අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නිර්මාණයවී ඇති බවය.
“මේ රටේ ජනතාව තුළ ඔබතුමා කෙරෙහි පැහැදීමක් ඇතිවී තිබෙන බව මේ රැස්වෙලා ඉන්න ජන සන්නිපාතයෙන් පේනවා. අවශ්‍ය ඉලක්කය වෙත ගමන්කිරීම ට අවශ්‍ය ශක්තිය නිර්භීතභාවය ඇති කර ගනිමින් කටයුතු කිරීම අපගේ ප්‍රසාදයට හේතු වෙනවා. ඔබතුමා තීරණ ගන්න ඕනෙ තැනදි තීරණ අරගෙන ඒ තීරණය ක්‍රියාත්මක කරන්න ශක්තිය තියෙන කෙනෙක්. මේ රටට මේ වෙලාවේ අවශ්‍ය ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබන නායකයෙක්. අපේ රටේ කෘෂිකර්මාන්ත, අපේ රටේ කර්මාන්ත දියුණු කරමින් ඒ වගේම අපේ රටේ බුද්ධිමතුන්ගේ සේවය ලබාගනිමින් ස්වශක්තියෙන් මේ රට දියුණු කරන්න අවශ්‍ය යුගයකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාගේ නම නිර්දේශ කළේ. මේ වෙලාවේ මම ආමන්ත්‍රණය කරන්න කැමැතියි අප සමඟ සහෝදරත්වයෙන් ජීවත්වන මුස්ලිම් ජනතාවට සහ දෙමළ ජනතාවටත්. මේ උචිත අවස්ථාව මැනැවින් දකින්න. මේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව අපේ විහාරස්ථානය සමඟත් ඉතා සමීපව කටයුතු කරනවා. ඒ මධ්‍යස්ථ ප්‍රජාවට අපි ආමන්ත්‍රණය කරනවා. මේ රටේ ජනතාව තුළ තියෙන භීතිය සැකය දුරුකරගන්න අවස්ථාවක් අද උදාවෙලා තියෙනවා. පැරැණි වාහනයෙන් බැහැලා අලුත් වාහනයෙන් ගියොත් මේ රටේ ජනතාව ඔබව විශ්වාස කරාවි.”
දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කිරීමට විහාරාධිපතිවරයා ඇතුළු දායක සභාව තීරණය කළේද උන්වහන්සේ සඳහන් කළ පරිදි පැරැණි වාහනය ඉවත් කර අලුත් වාහනයට ගොඩවීමේ අදහසින් විය හැකිය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සමඟ කැලණි විහාරයට පවතින සම්බන්ධයද ඉතා ඈතට දිවගිය එකකි. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය මෙහෙයවූයේද කැලණි විහාරය තුළදීය. එහි මහමොළකරු වූයේ කැලණි විහාරයේ හිටපු විහාරාධිපති බුද්ධරක්ඛිත හිමියන් බව පසුව අනාවරණ විය. එබැවින් වර්තමානයේදී කැලණි විහාරය තුළ ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයේ දේශපාලන න්‍යාය පත්‍රයක්ද යන්න තෝරාබේරාගත යුතුව ඇත. එමෙන්ම එම න්‍යාය පත්‍රය සහ වේරගොඩ වලව්වේ අනාගතය අතර පවතින සම්බන්ධයද සීරුමාරුවට තේරුම් ගතයුතුව ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපතිලා අගමැතිලා වැන්ද යාල කැලේ මැද රහස් ‌බෝධිය

Next Post

යූඑන්පිය ඇතුළේ කැරලි ගහන මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් ලැබුණද? නැද්ද?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.