• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මොරිසන් සමාගම විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කරයි

October 17, 2020
in Business
Reading Time: 1 min read
A A
මොරිසන් සමාගම  විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කරයි
Share on WhatsAppShare on Facebook

මෙරට විශාලතම ඝන ඖෂධ නිෂ්පාදකයාවන හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධිත මොරිසන් පීඑල්සී සමාගම, 2020 ඔක්තෝබර් මස 02 වැනිදා නවීන තාක්ෂණයෙන් අනූන ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. සෞඛ්‍ය ඇමතිනී ගරු පවිත්‍රා වන්නිආරච්චි, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ වෙළෙඳ අමාත්‍ය ලේකම් ආචාර්ය සුනිල් නවරත්න ඇතුළු කැබිනට් අමාත්‍යවරු සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. හෝමාගම, පිටිපන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ උද්‍යානයේ පිහිටි මෙම කර්මාන්තශාලාව මොරිසන් සමාගමේ දෙවන නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්‍රයයි. ප්‍රථම වලංගු ඖෂධ තොග නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා එම කර්මාන්තශාලාව මේවන විට සූදානමින් පවතින අතර අත්‍යවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වත්මන් රජයේ ඉලක්කයට සවියක් වෙමින් මීළඟ වසරේ ආරම්භයේදී වාණිජ වශයෙන් ඖෂධ නිෂ්පාදනය ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

සියලු ශ්‍රී ලාංකිකයන් හට උසස් ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම සඳහා කැපවී කටයුතු කරන මොරිසන් සමාගම මෙරට ඖෂධ පෙති අවශ්‍යතාවයෙන් 20%ක් සම්පාදනය කිරීමේ හැකියාවෙන් යුතු වෙයි. දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක්වන මොරිසන් සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා සිදුකරන ලද ඇ.ඩො. මිලියන 18.5ක ආයෝජනය මෙරට සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය යුරෝපා සංගමයේ යහපත් නිෂ්පාදන ක්‍රමවේද (EU-GMP)වලට අනුකූල ප්‍රථම ඝන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවද වේ.

SendShareShare
Previous Post

දීමනා රැසක් සමඟ HNB සිඟිති ඉතුරුම් වසන්තය යළිත්

Next Post

OPPO Watch සහ OPPO Enco W51 ශ්‍රී ලංකාවට හඳුන්වා දේ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.