• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කාරණාව ගැළපෙන හෝරාව තෝරාගමු

September 12, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කාරණාව ගැළපෙන හෝරාව තෝරාගමු
Share on WhatsAppShare on Facebook

සුබ කටයුත්ත එහෙමත් නැත්නම් අලුත් වැඩක්, අලුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඊට සුදුසු වෙලාවක්, නැකැතක් සකසා ගැනීම අදක ඊයෙක සිදුවන්නක් නොවේ. එය බොහෝ කාලයක සිට එනම් ඈත අතීතයේ සිටම සිදුවෙන්නක්. එහිදී එම කාර්යයේ හැටියට ඊට ගැළපෙන හෝරාවක් තෝරාගත යුතුය. එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වඩාත් හොඳ වන බව ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ අනුව විවිධ කාරණාවන්ට සුදුසු කුමන හෝරාවක්ද යන්න සලකා බලමු.

කැති, උත්‍රසල, උත්‍රපල් යන නැකැත් ත්‍රිත්වය රවි ග්‍රහයාට අයත්ය. මේෂ සහ සිංහ රාශිගත වූ රවි සමඟ කැති, උත්‍රපල, උත්‍රපල් නැකැතේ යෙදුණු විට රවි හෝරාවෙන් සිදුකරන කාර්යයන් වඩා සුබඵල ගෙනෙන බව සත්‍යයකි. පීතෘ කාරක ග්‍රහයා මෙන්ම රාජ්‍යකාරක ග්‍රහයාද වූ රවි ග්‍රහයාගේ හෝරාවක් තුළ පියා සම්බන්ධ කටයුතු මෙන්ම, රාජ්‍ය නිලධාරීන් හමුවීමට යෑම, රාජ්‍ය ආයතන ඔස්සේ සිදුකරගත යුතු කාර්යයන් යුහුසුළුව ඉටුකරගත හැකි වීම විශේෂය. එමෙන්ම ගිවිසුම් අස්සන් කිරීමට, අන්තිම කැමැති පත්‍ර ලිවීමටද, නැතිවූ දෙයක් පිළිබඳ රාජ්‍ය අංශවල සහාය පැතීමද, මන්ත්‍ර-ශාස්ත්‍ර කටයුතු ආරම්භයද, රෝගවලට බෙහෙත් ලබා ගැනීමද, උසස්වීම් ලබා ගැනීමද, දෙවියන් සමඟ කරනු ලබන වැඩවලටද, දේශපාලන කටයුතුවලටද යහපත් වෙයි.
සඳු හෝරාව

රෙහෙණ, හත, සුවණ යන නැකැත් ත්‍රිත්වය පිළිබඳ අධිපතිත්වය දරන්නේ මාතෘ කාරක හා මවුකාරක වශයනේ පෙනී සිටිනා ග්‍රහලොව දෙවැනි ආලෝක ග්‍රහයා වන සඳු ග්‍රහයාය. කටක රාශියටද, වෘෂභ රාශියටද සඳු බලවත් වෙයි. එම රාශි දෙකෙන් එකක් සුබ වෙලාවට අදාළව තත්කාල රාශිය කරගනිමින් ඉහත සඳහන් නැකැතක් ඇති දිනයක (සඳුදා දිනය නම් ඉතා යහපත්ය.) සඳු හෝරාව තුළ වනිතා කටයුතු පිළිබඳව ගැටලු නිරාකරණය කර ගැනීමටද, විදේශ සංචාරවලටද, ළිං කැපීම් ඇළ-දොළ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම්ද, දරුවන්ගේ කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමද, හෙදියන් ලෙස වැඩ භාර ගැනීමටද, ගීත ප්‍රබන්ධය හා ගී තනු නිර්මාණයන්ද සිදුකළ හැකිය. එමෙන්ම සාගර ගවේෂණයටද, අලුත් වස්ත්‍ර ඇඳීමටද, වගුරු බිම් මිලදී ගැනීමටද සඳු හෝරාව ඉතා වැදගත්ය. සඳු සියලුම සුබ කාර්යයන්ට යහපත්ය.
කුජ හෝරාව
මුවසිරස, සිත, දෙනට යන නැකැත් ත්‍රිත්වය තුළ කුජ ග්‍රහයා ගමන් කරන විට කුජ අධිපතිත්වය දරන මේෂ, වෘශ්චික හා මකර යන ලග්නයක් උදාවෙත්ම කුජ හෝරාව ඉතා ප්‍රබලය. කුජ යනු සෙන්පතියාය. සටනට අධිපතියා කුජ දිනයක කුජ හෝරාව තුළ සටනක් ඇරැඹීම එම සටනින් ජය අත්පත්කර දෙන්නා වූ මූලිකම පියවරය. සතුරන් පරාජය කිරීමට, හේන් ගිනි තැබීමට, ගඩොල් පෝරණුවලට ගිනි දැල්වීමට පොලිසි සහ හමුදා ආශ්‍රිත කටයුතුවලටද වගාවන්ට පොහොර යෙදීමටද, මුද්‍රණ කටයුතුවලටද, කුජ හෝරාව බලවත් වෙයි. තරග විභාග කටයුතුවලටද, කුජ හෝරාව අනගි රුකුලක් ලබාදෙනු ඇත. මේ අනුව සහෝදර කාරක ග්‍රහයා වූ කුජ ග්‍රහයාගේ හෝරාවන් තුළ ඉහත සඳහන් කාර්යයන්හි යෙදීම ඉතාම සුබදායක වෙයි.
බුධ හෝරාව
දෙට, අස්ලිය, රේවතී යන නැකැතක් උදාව පවතින බුධ දිනයක බුධ හෝරාව ඇති ප්‍රබලය. එමෙන්ම මිථුන හා කන්‍යා රාශියක බුධ සමඟ මෙවැනි නැකැතක් යෙදේ නම් එය ඉතා ප්‍රශස්ත වෙයි. නුවණ වඩවන සියලුම කටයුතු සඳහා බුධ හෝරාව ඉතා ප්‍රශස්ත බව පුරාණ ඍෂි මතය වෙයි. බුද්ධියට අධිපතිත්වය දරන බුධ ග්‍රහයාගේ බුධ හෝරාවෙන් විශේෂයෙන්ම අකුරුකරණයට බලවත් තැනක් පිළියෙල කරගත හැකිය. එමෙන්ම පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමටද, නීතිය හැදෑරීමටද, ඕනෑම විෂය කටයුත්තක මූලික පියවර තැබීමටද, ග්‍රන්ථකරණයටද, ලිපි ලේඛන සකස් කිරීමටද, පළමු කොට පොත්, පත්තර එළිදැක්වීමටද, ස්නායු දුර්වලතා පවතින පුද්ගලයන්ට ප්‍රතිකාර සඳහා යොමුවීමටද බුධ හෝරාව ඉගෙනීම් කටයුතුවලටද වඩාත් යහපත්ය.
ගුරු හෝරාව
පුනාවස, විසා, පුවපුටුප නැකැත් උදාව පවතින විට ධනු, මීන, කටක තත්කාල ලග්නයක් උදාවෙත්ම ගුරු දිනයක යෙදෙන ගුරු හෝරාව ඉතා ප්‍රබල සුබඵල ගෙනදෙන කාලයක් වන්නේය. තවද ගුරු හෝරාව සියලුම සුබ කාර්යයන්හි සුදුසු බව ඍෂි මතය වී ඇත. ගුරු දිනක ගුරු හෝරාව තුළ සිදුවන අවාහ විවාහ කටයුතු ඉතා යහපත් වෙයි. ජ්‍යොතිෂ වැනි විෂයන් ඉගෙනීමට, ගුප්ත කටයුතුවලට මුල පිරීමට, වෙහෙර, විහාර, පන්සල්, කෝවිල්වල කටයුතුවලට ගුරු හෝරාව ප්‍රශස්තය. එමෙන්ම අලුතින් බැංකු ගිණුමක් විවෘත කිරීමට, වෛi විiාව ඉගෙනීමට, වාණිජ මධ්‍යස්ථාන විවෘත කිරීමට, ගෙට ගෙවදීමට, නිවාස මුල්ගල තැබීම ඇතුළු නිවෙස්වල කෙරෙනා සියලු කටයුතුවලටද, පුස්තකාල ආරම්භයටද ගුරු හෝරාව තුළ වැදගත්ය. ණය මුදලක් ඉල්ලා ගැනීමට, බැංකු ආශ්‍රිතව කෙරෙන කටයුතු, රක්‍ෂණ ඔප්පු බාර ගැනීමට ඇතුළු සුබ කටයුතුවලටද ගුරු හෝරාව වැදගත්වෙයි.
සිකුරු හෝරාව
සිකුරාදා දිනක සිකුරු හෝරාව තුළ වෘෂභ, තුලා, මීන, තත්කාල ලග්නයක් උදාවන විට එදින හිමි නැකැත සිකුරුගේ නැකැතක් වන බෙරණ, පුවපල්, පුවසල යෙදී තිබේ නම් ඉතා ප්‍රශස්ත වෙයි. සිකුරාදා දිනෙක සිකුරු හෝරාවෙන් කාර්යයක් ආරම්භ කළ විට සිතේ සතුට හා දියුණුව තීව්‍ර වන බව පොදු මතයකි. මංගල කටයුතු සඳහාද, මංගල දැන්වීමක් පළ කිරීමටද, ඡායාරූප ගැනීමටද, මධුසමයට පිටත් වීමටද සිකුරු හෝරාව සුබදායකය. එමෙන්ම කිරිපට්ටි ආරම්භයටද, වහල සෙවිලි කිරීමටද සිකුරු හෝරාව යහපත්ය. ලක්‍ෂ්මී පූජාව තැබීමට, යමෙක් තමාට තනතුර ගැනීමට, වශී කර්මයන් සඳහාද, විසිතුරු භාණ්ඩ අලෙවියටද, මිලට ගැනීමටද සිකුරු හෝරාව ඉතාම යහපත් වෙයි.
ශනි හෝරාව
පුස, අනුර, උත්‍රපුටුප යන නැකැතක් උදාවෙත්ම සෙනසුරාදා දිනයක ශනි හෝරාව බලවත් වෙයි. ශනි හෝරාව බොහෝ විට යොදාගන්නේ ලෝකෝත්තර නොහොත් ආධ්‍යාත්මික සුවය පතා සිදුකරන්නා වූ වැඩකටයුතුවලටයි. විශේෂයෙන්ම පැවිදි කිරීමට ශනි හෝරාව ඉතා යහපත් බව පොතපතෙහි සඳහන් වෙයි. කෘෂිකාර්මික කටයුතුවලටද ශනි හෝරාව සුබදායක වෙයි. තවද යෝගී ව්‍යායාම ආරම්භයට, පතල් වැඩවලට, දරදඬු සහායකයන් මෙල්ල කිරීමට, සිල්සමාදන් වීමට, භාවනා වැඩීමට, ශනි හෝරාව යහපත්ය. මෙසේ බැලූ කල හෝරාවන් තුළ එම ග්‍රහයින්ට හිමි කාර්යයන් කිරීම මත උසස් ප්‍රතිඵල ලබාගත හැකි බව සත්‍යයක් ලෙස පෙනී යයි. ඔබත් ඔබගේ කටයුතු සාර්ථකත්වයට පත්කර ගැනීම සඳහා සුදුසු හෝරාවක් තෝරාගන්න. එයින් ජීවිතය තුළ කරදර පසෙකදා ජයලබාගත හැකිය.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී

Next Post

නිලියක් කියලා සරුව පිත්තල හැඟීම් මං ළඟ නෑ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.