• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිලියක් කියලා සරුව පිත්තල හැඟීම් මං ළඟ නෑ

September 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
නිලියක් කියලා සරුව පිත්තල හැඟීම් මං ළඟ නෑ
Share on WhatsAppShare on Facebook

ලස්සන පාට පාට දේදුන්නක එතී ආ සමනලියක ලෙස දිල්හානි සිංහල සිනමා අම්බරය වර්ණවත් කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ යසපාලිත නානායක්කාරගේ ආරාධනය හේතුකොට ගෙනය. තරුවක වීමේ සිහිනය තුළ නොසිටියද තරුවක වූ දිල්හානි අශෝකමාලා වාණිජ රැල්ල අනුව තැනෙන චිත්‍රපටවලට නැතුවම බැරි සොඳුරු නිළි කැකුළක වූවාය. හිටි අඩියේම වාගේ යොවුන් වයසේදීම දිල්හානි වාණිජ රැල්ල අතහැර දමා සංකීර්ණ චරිතවලට මැදිවූයේ නිරායාසයෙනි.
බිඳී නොගිය කාලානුරූපී ප්‍රතිරූපයකට තවමත් හිමිකම් කියන දිල්හානි අශෝකමාලා සොයා ‘මව්රට’ අපට යන්නට සිතුණේ මේ දිනවල ඇගේ කිසිදු කතාබහක් නැති නිසාය.
කියන්න දිල්හානි මේ දවස්වල ඇයි ඔබ නිහඬතාවක මැදිව ඉන්නේ?
මම නිහඬව සිටින බව ඔයාලට දැනුණේ ඇයි කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මම නිහඬ නම් නැහැ.
කොවිඞ් උවදුර නිසා හැම දෙයක්ම ආපස්සට ගිය කාලයක නම් මඳත් කලාකටයුතුවලින් ඈත්වෙලා උන්නා. නමුත් නැවැතත් වැඩ ආරම්භ කළ නිසා අනෙක් හැමෝම වාගේම මමත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුළ සුනිල් කොස්තාගේ ‘කැන් යූ හියර් මී’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා දිගටම කාලය වැයකළා.
සැකයක් තිබුණා ඔබ යම් කලකිරීමක් මත නිහඬවෙලාවත්ද කියා?
ලොකු වැරැදීමක්. මම කවදාවත්ම වෘත්තීමය වශයෙන් මා නියැළී සිටින කලා ක්‍ෂේත්‍රය ගැන කලකිරීමට පත්වෙන්නේ නැහැ. ඒ වගේම කලකිරීම කියන වචනය කොහොමවත් මම භාවිතයට ගන්නේද නැහැ.
එහෙම නම් දිල්හානි ඔබ මාධ්‍යවලින් මුවාවී සිටිනව කිව්වොත් හරිද?
නැහැ, එයද සම්පූර්ණ වැරැදි අදහසක් මාධ්‍යයෙන් වහං වූවා නම් මම මෙහෙම ඔබ හා ‘මව්රට’ පත්තරයට කතා කරන්නේ කොහොමද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මම නිතර මාධ්‍ය හරහා සැරිසරන්නියක නම් නෙවෙයි. විශේෂයෙන් සමාජජාලා වෙබ්අඩවි හරහා කැපී පෙනෙන චරිතයක් වෙන්න හෝ එහි උණුසුම් පුවත් මවන්නියක වෙන්න මම කැමැති නැහැ. දිල්හානි අශෝකමාලා කියන්නේ වෘත්තීය වශයෙන් නිළියක්. එම නිළි වෘත්තිය හරහා මට ලැබෙන ආරාධනා ඔස්සේ මම රංගනය හරහා ප්‍රේක්‍ෂකයන් අතරට එනවා. මාධ්‍යය භාවිතයට ගෙන පිම්මේ කලාව මා තුළ ඊයේ, අද මෙන්ම හෙටද ඇති වූවක් හෝ වෙන්නක් නොවේ.
ඔබ සිනමාවේ තරුවක වූයේ වාණිජ රැල්ල හරහායි?
සත්තකින්ම එය එහෙමයි. කවදාවත් කොතැනකවත් මම එය නැහැ කියන්නේ නැහැ. දිල්හානි අශෝකමාලා කියන කලාකාරිය අද සිටින්නේ කොතැනද? ඒ තැන සඳහා ඉවහල් වූයේ මා රඟපෑ වාණිජ චිත්‍රපට පෙළයි. සරලවම කියනව නම් කතාබහට ලක්වන නිළියක වීම සඳහා මට ඉණිමඟ වූයේ ඒ වාණිජ රැල්ලයි. ඒ තැනට මා ගෙන ආ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ යසපාලිත නානායක්කාර මහතාට අද මේ මොහොතේද මම ස්තුතිවන්ත වෙනවා.
හිටි අඩියේම ඔබ වාණිජ රැල්ලෙන් ඔබ්බට ගියා නේද?
ඔබ්බට ගියේ නැහැ. ගුණාත්මක චිත්‍රපට රංගනය සඳහා දායක වන ආරාධනා මට ලැබුණාය කිව්වොත් හරියටම හරි. ඇත්තටම කියනව නම් එවකට තරුණ නළුවන් සමඟ මුහුදු වෙරළෙහි, මල්ගස් වටෙහි දුවන කොට හැමෝම හිතුවේ මම වාණිජ තරුවක් පමණය කියලයි. නමුත් අශෝක හඳගම කියන අපූරු නිර්මාණකරුවා එය සම්පූර්ණ වෙනස් කරවමින් ‘මේ මගේ සඳයි’ සිනමාවට ගෙන ආවා. ‘මේ මගේ සඳයි’ කියන්නේ ‘මගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයි. එයට පසුව නොසිතූ ලෙස ගුණාත්මක චිත්‍රපට සඳහා මට ඇරැයුම් ලැබෙන්න ගත්තා. පරාක්‍රම ජයසිංහ, රෝයි ද සිල්වා, බෙනට් රත්නායක වැනි සිනමාකරුවන්ගේ උසස් නිර්මාණ සඳහා දායක වීමේ වරම මට ලැබුණා. අන්න එතැනදී දිල්හානි අශෝකමාලා ‘වාණිජ තරුවක් පමණය’ කියන ලේබලය ගැලවී ගියා. හැබැයි, ඒ ගුණාත්මක චිත්‍රපට සඳහා පයතැබීමේ භාග්‍යය මට උදාවුණේ යසපාලිත නානායක්කාර කියන ප්‍රවීණ කලාකරුවා මට දුන් ආභාෂය මතයි.
චිත්‍රපටවලින් හිඟයක් නොවන්නට හේතුව වූයේ ඔබේ සුහද මිත්‍රශීලී බවද දිල්හානි?
ඔව්. එයද හේතුවක් වූවා වෙන්නට පුළුවන්. ඒ වගේම මම කා සමඟවත් ආරවුල් හදාගත්තේ නැහැ. ආරවුල් යැයි මම මෙතැනදී අදහස් කරන්නේ අරයා මට කැපිලි දානවා, මෙයා මට ගරහනවා, මට විරුද්ධව අර කට්ටිය කුමන්ත්‍රණයක යෙදෙනවා කියන කතා මම කාටවත් කිව්වේ නැහැ. සත්තකින්ම මට එහෙම කැපිල්ලක් ආවෙත් නැහැ. කවුරුත් මට අභියෝගයක් වුණෙත් නැහැ. මගේ ගමන මම පටන්ගත්තේ බොහොම පුංචි තැනින්. හැබැයි ඒ ගමන හරිම ශක්තිමත්. කිසිම කෙනකුට ‘දිල්හානි අශෝකමාලාව’ නැතිකර දාන්න බැරි තරමට මගේ අත්තිවාරම ශක්තිමත් වුණා.
තවමත් ඔබට චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ගෙන් ආරාධනා ලැබෙන බවට ආරංචියි?
ඔව් අනේ, සමහර චරිත මට හරි යන්නෙත් නැති තරමට තරුණයි. මම ඔවුනට විහිළු කරනවා. මාව දැන් ඕවට හරියන්නෙ නැහැ. තරුණ නිළියකට ආරාධනා කරන්නය කියලා.
එතකොට ඔවුන් කියනවා අයියෝ දිල්හානි මේ චරිතයට හරියන වෙන විකල්පයක් නැහැ කියලා.
එතකොට නම් ඔබට ආඩම්බරයක් දැනෙනවා ඇති. ‘මම තාම තරුණයි නේද කියලා?’
එහෙමමත් නැහැ. මම බොහොම සාමාන්‍ය කෙනෙක්. මම යථාර්ථවාදීව මගේ වටපිටාව දකින්න කැමැතියි. මම ලොකු පුතෙක් ඉන්න මැදිවියේ අම්මා කෙනෙක්. මගේ පුතාගේ විවාහයත් සිද්ධවෙලා ඉවරයි. රංගනයෙන් බැහැරව ගත්කල මම සාමාන්‍ය ගැහැනියක ලෙස තමයි ඉන්න කැමැති. නාලා කරලා තෙල් ටිකක් ගාලා ඔළුව පීරලා සමහර වෙලාවට මම බුලත් විටකුත් හපනවා. ‘මම නිළියක්ය… මම ඉන්න ඕනෑ ඒ නිළිය විදියට නේද කියන අසාමාන්‍ය සරුවපිත්තල හැඟීම හිත තුළ තියාගෙන මම වදවිඳින්නේ නම් නැහැ.
තරුණ අම්මා කෙනකුගේ චරිතය ලැබුණොත් එය බාර ගන්නවද?
ඒ ගැන කිසිම අමනාපයක් නම් නැහැ. හැබැයි ‘දිල්හානි දැන් හොඳ තරුණ අම්මා කෙනකුට කියන ලේබලය’ මැද රඟපානවට වැඩිය, මට දැනෙන යමක් කරන්න පුළුවන් ගැඹුරට හිතන්න යමක් තියෙන අම්මා කෙනකුගේ චරිතයකට මැදිවෙන්න මම ආසයි.
ඉලක්ක සහ අනාගත බලාපොරොත්තු ගැන කතා කරන්න කැමැතිද ඔබ?
කලා ලොවේ ‘දිල්හානි අශෝකමාලා’ කියන අය ගැන තවදුරටත් කෙනකුට කතාබහ කරන්නට හැකි යමක නිරත වෙන්න පුංචි ආශාවක් තියෙනවා. ඒ වගේම මගේ මහත්තයා ප්‍රියංකර සමඟ සැඳෑසමය ගතකරන ආකාරය සහ එහි නිදහස සුවසේ අත්විඳින ආකාරය ගැන ප්ලෑන් කරන බලාපො-රොත්තුව තුළ මම කළු – සුදු හීනයක් දකිනවා. දැනට මා තුළ තියෙන ඉලක්ක එපමණයි.
ප්‍රේක්‍ෂකයන්ට කියන්නට යමක්?
ප්‍රේක්‍ෂකයන්ට හැමදාම, හැම මොහොතකම ස්තුතියි කියනවා. දිල්හානි අශෝකමාලාව මේ තැන තැබූ එකටත්, මගතොටේදී දැක්කම ළඟට ඇවිදින් දක්වන ආදරණීය ප්‍රතිචාරයටත් ඔවුනට හැම මොහොතකම ස්තුති කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කාරණාව ගැළපෙන හෝරාව තෝරාගමු

Next Post

එක එක විදියට කතා කරන වාස්තුවේ මූලික රහස් මෙන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.