• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී

September 12, 2020
in Holiday
Reading Time: 2 mins read
A A
ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී
Share on WhatsAppShare on Facebook

සංචාරකයන්ගේ තෝතැන්නක් බඳු සීතල නුවරඑළියේ ඔබ සංචාරය කිරීමට කැමතිම ස්ථානය කුමක්දැයි කවරෙකු හෝ මාගෙන් විමසුවහොත් එය නිසැකවම බෝඹුරු ඇල්ල ලෙස මම පවසමි. ශ්‍රී ලංකාවේ මා සංචාරය කළ ස්ථාන අතරින් දුටු මනස්කාන්තම දිය ඇලි අතරින් බෝඹුරු දිය කොමලිය ඉදිරියේ පසුවන බව විවාදයකින් තොරව කිව හැක.

බෝඹුරු ඇල්ල පිහිටා ඇත්තේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මෙම ප්‍රදේශය පේරවැල්ල ලෙසද හඳුන්වයි. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇති මෙම දිය ඇල්ල වැලිමඩ සිට කිලෝමීටර් 15ක දුරකින්ද නුවරඑළියේ සිට කිලෝමීටර් 17ක පමණ දුරකින්ද පිහිටා ඇත. බෝඹුරු ඇල්ල වෙත ළඟා වීමට මාර්ග කිහිපයක්ම ඇත. ඔබ නුවරඑළිය ප්‍රදේශයේ සිට පැමිණෙනවානම් හක්ගල මාර්ගයේ හක්ගල උද්‍යානය පසු කර ටික දුරක් ගමන් කරන විට හමුවන තෙමංසලින් වම් පැත්තට ඇති රේන්දපොළ මාර්ගයේ කිලෝමීටර් 4.5ක ගමනකින් පසුව රථගාල අසලටම ළඟාවිය හැක. නුවරඑළිය නගරයේ සිට ත්‍රිරෝද රථයකද පැමිණිය හැකි අතර චසජනපැ ප්‍රවාහන සේවයෙන් රුපියල් 400කට අවම මුදලකට ඔබට රථගාල අසලටම පැමිණිය හැක. ඔබ වැලිමඩ සිට එන අයෙක් නම් උඩුවර මාර්ගයේද නැතිනම් වැලිමඩ -උඩුපුස්සැල්ලාව මාර්ගයේ පැමිණ අඹගස්දෝව හන්දියෙන් හග්ගල මාර්ගය ඔස්සේද බෝඹුරු ඇල්ල වෙත ළඟාවිය හැක. වැලිමඩ නගරයේ සිට බෝඹුරු ඇල්ල වෙත පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකය. පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් පැමිණෙනවා නම් දිය ඇල්ලට කිලෝමීටරයක් පමණ මෙපිටින් පිහිටි රථ ගාල අසලටම පැමිණිය හැක.

සංඛ්‍යාන අනුව මෙය ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකුවද මාගේ පෞද්ගලික මතය නම් උඩුදුම්බර හසලක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රත්න ඇල්ල මීට වඩා පළලින් වැඩි බවයි. කෙසේ නමුදු මෙම දිය දහර මීටර් 50ක උසකින් හා මීටර් 20ක පමණ පළලකින් යුතුව කඩා හැලෙයි. මහවැලි රැජිනගේ ප්‍රධාන අතුගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ මීටර් 1842ක් උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පව්වකින් කොටස් 4කින් ඇදහැලීමෙන් මෙම මනස්කාන්ත දිය ඇල්ල නිර්මාණය වේ. මෙම අතු ගංගාව දිය ඇල්ලෙන් පහළ ප්‍රදේශයේදී උමා ඔය ලෙසද හඳුන්වයි.

බෝඹුරු ඇල්ලෙ නම සැදීම පිළිබඳව ඉතා සුන්දර ජනප්‍රවාදයක් ඇත. දෙවැනි රාජසිංහ රජුගෙ ඇතා වරෙක කුලප්පු වී දම්වැල් කඩාගෙන වන වැදී ඇත. නම්දැරූ කිසිවෙකුට ඇතා ඇල්ලීමට නොහැකි වූ නිසා රජු විසින් ඇතා ඇල්ලීම ප්‍රසිද්ධ කරන ලදී. ඇතා අල්ලන අයට ගම්වරයක්ද ලබදෙන බව රජු පැවසීය. මෙම ප්‍රදේශයේ සිටි වනසිංහ මුත්තා නම් අයෙකු ඇතා අල්ලා බෝගසක මුලක බැඳ දමන ලදී. ඇතා බැන්දේ බෝමුලක නිසා මෙම ප්‍රදේශය බෝමුලේ ලෙස ව්‍යවහාර වී පසුව බෝඹුරේ විය. මාර්ග තැනී ගම දියුණු වූ පසු ගම රටෙහි ජනප්‍රිය වීම උදෙසා ඇල්ලේ නමද ඈඳා බෝඹුරු ඇල්ල ලෙස නම තැබූ බව ජනප්‍රවාදයේ එයි.

මෙම බෝඹුරු ඇල්ල වටා ප්‍රදේශය ඉතා අලංකාරවත් තණකොළ පිහිටි ඉවුරකින්ද යුක්තය. ඇල්ල පිහිටි ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල්වීම, ගිනි තැබීම හෝ කූඩාරම් ගැසීම තහනම්ය. දේශීය සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපය ඊට හේතු වී ඇති බවද මෙහිදී කිව යුතුමය. ප්‍රාදේශීය සභාවෙන් බෝඹුරු ඇල්ල නැරඹීමට එක් අයෙකුට රුපියල් 30ක අවසරපතක්ද නිකුත් කරයි. බෝඹුරු ඇල්ල පහළින් කුඩා දිය ඇලි කිහිපයක්ද නිර්මාණය වන අතර ඔබ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරනවානම් තවමත් නොයිඳුල් පරිසර පද්ධතියකින් යුත් බෝඹුරු මනාලිය නැරඹීමටද අමතක නොකරන්න. නමුත් රැගෙන එන සියල්ලම නැවත රැගෙන යාමටත් පා සටහන් පමණක් එහි තබා ඒමටත් වගබලා ගන්න.

SendShareShare
Previous Post

මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

Next Post

කාරණාව ගැළපෙන හෝරාව තෝරාගමු

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.