විවාහය ප්‍රමාදවීම් අද වන විට අධික වෙමින් පවතී. මෙයට ප්‍රධානතම සමාජ විiාත්මක කරුණක් වනුයේ ශ්‍රී ලංකාවේ ජනගහන සංඛ්‍යාව අනුව නිරීක්‍ෂණය කිරීමේදී පිරිමි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීමත්, ගැහැනු සංඛ්‍යාව වැඩි වීමත් යැයි සමාජ විද්‍යාත්මකව සෙවීමේදී හෙළි වී ඇත්තේය. ලක්‍ෂ දහයකට අධික සංඛ්‍යාවක් අවිවාහක වයස 20ත්, 30ත් අතර කාන්තාවන් සිටී. මේ වන විටත් පවුලක ගැහැනු දරුවන් වැඩිය. උපදින්නේද ගැහැනු දරුවන්ය.
කරුණු මෙසේ වුවත් විවාහ කටයුතු සඳහා කොතරම් විiුත් හා මුද්‍රිත මාධ්‍ය හා මංගල සේවා ආයතන ඇතත්, තමාට ගැළපෙන විවාහයක් කරගැනීමේ අපහසුතාවය දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතී. උසස් අධ්‍යාපනයක් හොඳ රැකියාවක්, ගේ-දොර, ඉඩකඩම් දේපොළ, ධන සම්පත්, බැංකු ගිණුම්, වාහන, මහල් නිවාස පහසුකම් කොතෙකුත් ඇතත්, සියලු දේ සම්පූර්ණ වුවත් විවාහ වීමේදී සමහර විට පොරොන්දම් නොගැලපෙන තත්ත්වයක් උදාවෙයි. කුජ 7 සිටින දෙපක්‍ෂයම කුජ 7 සිටින අයකුම සොයයි. අපේ සාම්ප්‍රදායික පොරොන්දම් සීහූම්වලදී සෑහෙන ගැටලු මතුවෙයි.
විවාහ දෝෂ 20ක් ඇතත් මේ සියලුම දෝෂ භංග කර විවාහයක් වන්නේ කෙසේද?
අන් සියලුම කරුණුවලට වඩා විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීම ඉතාම දුෂ්කර කටයුත්තකි. පෙම්වතුන්, පෙම්වතියන් මෙන්ම මවුපියන්ද විශාල ප්‍රශ්නයකට අද මුහුණ පාසිටින බැව් අප අත්දැක ඇත්තෙමු.
මේ සියලුම දෑ ග්‍රහයන්ට බාරදී සිටීම හරිද යන්නත් ප්‍රශ්නයකි. දෙදෙනකු එකෙකු නොව දෙදෙනෙකි. මේ ගැන නොසිතා තමා සිතන පතන අයුරින්ම අනෙකා සිතිය යුතු යැයි සිතන නිසා සමහර අයට වරදින තැන් එමටයි. එක්තරා පවුලක සැමියෙක් ඉඳිආප්ප කෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා හටගත් මුල්ම අවුල කෙළවර වූයේ දික්කසාදයෙනි.
බිරිය බුද්ධිමත්ව උපක්‍රමශීලී වූවා නම් ඉඳිආප්පවලට පැණිපොල් තබා දෙකට නවා ලැවරියා සාදා සැමියාට කන්න දුන්නා නම් දික්කසාදයක් නොවනු ඇත. (ඇත්තටම) මෙය දික්කසාදයක් නොව කෙටි කසාදයකි. එකිනෙකාව තේරුම් ගැනීමට නොහැකිව සමහර විට සැකයට මුල්තැන දී වැඩ වරද්දා ගනී. අද සැකය කොරෝනාවක් වී ඇත.
කාන්තා සිරුරෙන් වයස 30දී එක් සරු බීජයක් නිකුත් වීම අරඹන අතර වසරින් වසර සරු බීජ ඉවත් වීම හරහා විවාහයේ දී වැඩි වයස දාරක සම්පත් දෙන ප්‍රතිශතය අවමව පවතී.
එබැවින් වැඩි වයස් පරාසයක් ඉක්මවීමට පෙර විවාහ වීම යහපත් ප්‍රවණතාවයකි. අද වන විට ආයුෂ ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩුවන තැනට පත්වෙමින් ඇති නිසා නිසි කාලය එළඹෙත්ම විවාහ වීම සෑම අතකින්ම යහපත් බැව් පෙනේ. අප සිතන පතන තරම් විවාහයක් වීම පහසු නැති වුවත්, සාර්ථකත්වයට විවාහය ගෙනයෑමටද යත්න දැරිය යුතුයි. සියල්ලම පෙර කරන ලද පව්වලටම බාරදී නිසොල්මන් වීම බුද්ධිමත් නොවේ.
විවාහක සාර්ථක විවාහයක් සඳහා කුඩා අවධියේ සිටම ජීවිතය ගැන ඉතාම යහපත් කළමනාකාරීත්වයක් තිබිය යුතුවෙයි.
පිරිමින්ට වඩා අවිවාහකව සිටින තරුණයන් පොදුවේ කිසියම් මානසික පීඩනවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය.
එසේම සෑම පැත්තකින්ම ගැහැනියකට අවාසි සිදුවෙයි. රැකගත යුතු දේ අපමණය. නැතිවන දේවල් බොහෝ ඇත. ඒ අපේ සංස්කෘතිකමය ජීවන ගමනේ සෞන්දර්ය රටාවකි.
තරුණ දියණියක් සිටින මව්වරු හැඬූ කඳුළින් සිටින බැව් නොරහසකි. පියවරු ඊටත් වඩා නිහඬව මානසිකව දුක්විඳී. ඒ තම දියණියගේ කල් යන විවාහය ගැන සිතමින්ය. මව දෙඇසින් හඬයි. පියා හදවතින් හඬයි.
මේ පෙරළිය සිදුවූයේ 70 දශකයෙන් පසුවය. එදා සිටිය තරුණ පිරිමි කුරිරු යුද්ධවලින් මියගියහ අංගවිකල වී එක්තැන් වූ තරුණ පිරිසද මේ අතර විය. අද වන විට පැවිදි බිමට ඇතුළු වීමටද පිරිමි නැත. එතරම්ම පිරිමි සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇත.
කවුරු කෙසේ නොසිතුවත් මෙය ඉතාමත්ම සංකීර්ණය. මහා ගැටලුවකි. තව වසර දහයකින් දැන් හැදෙන, වැඩෙන ගැහැනු දරුවන්ට විවාහයක් සඳහා විශාල ප්‍රහේලිකාවක් විය හැකිය. මිනිපිරියන් අට දෙනකු සිටින බැවින් ඒ ගැන මා වඩාත් ගැඹුරින් සිතමි.
දෙකොන විලක්කු බැඳගත් දෙගොඩහරි වයසේ මවුපියන්ට අද සිදුවී ඇත්තේ දුම්මලවරම සිඳී ගියක් වැනි වැඩකි.
‘අනේ මහත්තයෝ පොරොන්දම් අවුරුදු 10ක ඉඳලා බලනවා. එකක්වත් හරිගියේ නැහැ. නොගිය දේවාලයක් නැහැ. යන්ත්‍ර – මන්ත්‍ර – ගුරුකම් කළා. සෙත්කවි කිව්වා. බෝධි පූජා තිබ්බා. අඳුන් බැලුවා. ශාස්ත්‍ර, පේන ඇහුවා, බැලුවා කරන්න තියෙන හැම දෙයක්ම කළා. දැන් දුවට වයස 39ක් වෙනවා. මගේ ඔළුව නරක් වෙලා. මෙහෙම යනකොට මට පිස්සු හැදේවි. මේ එක්තරා මවකගේ හදවතින් එන ආඳෝනාවකි.’
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල











