• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

June 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‍සුපුරුදු සිනහවත්, දක්ෂතාවයත් නොවෙනස්ව රැකගෙන, කලකට පසු නැවතත් ඇය අපේ ආලින්දයට ඇවිත්. කලාවෙන් මඳ විරාමයක් ගත්තද, ප්‍රේක්ෂක හදවත්වල ඇයට තිබූ ආදරයේ නම් අඩුවක් නැහැ. රංගනය මෙන්ම ගායනයටත් එකසේ පෙම් බඳින මුතු තරංගා නම් වූ ඇය තම එකොළොස්වන සිනමා ආගමනය වන ‘සූරිය සුළඟ‘ හි අමතක නොවන මතකයන් දෝතින් අරන් අප සමඟ හෘදයාංගමව දොඩමළු වූයේ මෙලෙසින්…‍Sri Lanka Latest News

ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
‘සූරිය සුළ`ඟ එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඊට අමතරව ‘ආලේ’ නාට්‍යය විකාශය වෙනවා සහ ඒකේ රූපගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම පාටිවල ගායන කටයුතු සිදුකරන්න යනවා.
කාලයක් නිහඬව හිටියේ ක්ෂේත්‍රයෙන් සමුගන්නද?
පුතා හම්බුණාට පස්සේ මං අවුරුදු 5ක් විතර වැඩ කළේ නෑ. ඊට පස්සේ තමා නැවත වැඩ කරන්න ගත්තේ. මුලින්ම භාරගත්තේ ‘ආලේ’ ටෙලිනාට්‍යය තමයි. පුතා නිසා කෙටි විවේකයක් ගත්තත් දැන් නැවත රංගනය සිදුකරනවා.
ගායන වැඩකටයුතු කොහොමද ඉදිරියට?
සංචාර කිහිපයකට කතා කරලා තියෙනවා. ඉස්සර වගේ සංගීත සංදර්ශනවලට නම් යනවා අඩුයි දැන්. ඉඳලා හිටලා යනවා. ටීවී වැඩසටහන්වලට ගියාම සිං කරනවා.
ඔබ නිර්මාණ භාරගැනීමේදී තෝරාබේරා ගැනීමක් සිදුකරනවාද?
මම ක්ෂේත්‍රයට එන කාලේ මං එහෙම තෝරාබේරා ගැනීමක් කළේ නෑ. හැබැයි දැන් ටිකක් බලනවා. හොඳ නිර්මාණ වුණත් මූල්‍යමය තත්ත්වය පොඩ්ඩක් බලනවා දැන්. හොඳ නිර්මාණයක් වුණත් නිසි වටිනාකම ලැබෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න සිදුවෙනවා. තාම 2005,2008 ගණන්වලට කතා කරනවා. හැම දේම වැඩිවෙලා තිබුණත් රංගන ශිල්පීන්ගේ මිල විතරක් පරණ විදිහටම තියෙනවා. ඒ නිසා වටිනාකම හරියටම බලනවා මං වැඩක් භාරගද්දී.

ඔබට වැඩිපුරම ප්‍රේක්ෂක ආදරය ලැබුණු නිර්මාණය මතක් කළොත්?
වසූදා එකේ ශාලිකා කියන චරිතයෙන් තමයි මාව ගොඩක් අඳුරගත්තේ. ඊට පස්සේ මං ගොඩක් නාට්‍යවල ප්‍රධාන චරිත කළේ. ඒ හැම එකක්ම වගේ ප්‍රේක්ෂකයන්‍ට මතකයි. අදටත් චරිතයේ නමින් කතා කරනවා සමහරු. ‘සිදංගනා’ ටෙලිනාට්‍යයේ සඳපානි කියලත් කතා කළා. තාමත් ඒ නිර්මාණය බලන්න පුළුවන් විදිහක් අහනවා.
ඔබ රංගන කටයුතු සිදු නොකළා නම් අද කවුද?
ඇත්තටම මං හරි ආසාවෙන් හිටියේ ගායන කටයුතුවලට. සංගීත් නිපුන් පී.වී. නන්දසිරි සර් යටතේ තමයි මං සංගීතය හැදෑරුවේ. සර් නැති වුණාට පස්සේ මං ගායන කටයුතු ඉගෙන ගැනීම නතර කළා. ඊට අමතරව චන්න විජේවර්ධනයන් ගාව නර්තනයත් හදාරලා තියෙනවා මම. රංගනය සිදු නොකළා නම් මං ගායිකාවක් වෙයි කියලා හිතනවා.
ඔබ ‘සූරිය සුළඟ’ට සම්බන්ධ වෙන්නේ කොහොමද?
‘සූරිය සළඟ’ට මට කතා කරන්නේ ඩොනල්ඩ් ජයන්ත මහත්මයා සහ ප්‍රියන්ත කොළඹගේ මහත්මයායි. මීට කලින් මම ප්‍රියත්න කොළඹගේ අයියාගේ මන්දාරා එකේ මේඝගේ මවට රඟපෑවා. මේ පාර මේඝගේ අක්කා හැටියට රඟපානවා. මට ප්‍රියන්ත අයියා ගොඩක් ඉස්සර හම්බෙලා තියෙනවා මං වෙළෙඳ දැන්වීම්වල රඟපාන කාලේ. ගොඩක් සතුටුයි කාලෙකට පස්සේ මාව මතක් වීම ගැන. මේක මගේ 11 වැනි සිනමා නිර්මාණය. ඒකත් මට ලොකු භාග්‍යයක්.
එහි රූගත කිරීම්වල අමතක නොවන සිදුවීම් මොනවාද?
තාත්තා නැතිවෙන සිදුවීම අමතක කරන්න බෑ. ඒක තාම දැනෙනවා. ඒත් එක්කම තාත්තගේ අවසන් කටයුතු කරන්න කනත්තට ගිහින් ඉන්නකොට මල්ලි එතැනට එනවා. එතකොට මිනී පෙට්ටිය තියලා තිබ්බේ පොඩි පල්ලමක් වගේ තැනක. මේඝ අත තිබ්බ ගමන් ඒක කඩාගෙන පහළට වැටුණා. අපේ තාත්තට හිටියේ ටෙරී අංකල්. අපි හැමෝම බය වුණා ඔහුට මොනවා හරි වුණාද කියලත්. ඒක අමතක නොවන සිදුවීමක්. ඒත් එක්කම අවුරුදු ගානක් ගිහිල්ලා පළවෙනි පාරට මං ‍රංගන කටයුත්තකට පුතා එක්ක ගියා. මේක්-අප් කළේ පුතාව ඔඩොක්කුවේ තියාගෙන. ඒක මට අමතක නොවනම සිදුවීමක්.
මේ නිර්මාණය ඔබට ප්‍රේක්ෂකයෙක් විදිහට බලද්දී දැනුණේ කොහොමද?
අපේ ජීවිතයේ අපි හොඳට ඉන්නවා, එකපාරට මොනවා වෙයිද දන්නේ නෑ. අපි හැමෝටම හොඳ කරනවා. ඒකෙන් අපිට ලැබෙන්නේ මොනවද කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම කරලා අමාරුවේ වැටුණු දෙයක් තමයි වෙන්නේ. ඉතින් මං ප්‍රේක්ෂකයන්ගෙනුත් ඉල්ලනවා මේ චිත්‍රපටය බලන්න අපේ ජීවිතයටත් මේ වගේ දේවල් නොවෙන්න වගබලාගන්න කියලා.
කලා ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම මගේ තාත්තා මාත් එක්ක සංගීත සංදර්ශනවලට ගියා. අම්මා තමයි මාත් එක්ක ෂූටින්වලට යන්නේ. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා නිසා තමයි මේ ගමන එන්න මට පුළුවන් වුණේ.
ඔබ ආදරය දකින්නේ කොහොමද?
ආදරය කියන්නේ මට හිතෙන්නේ කැපකිරීමක්, තමන් ගැන හිතන්නේ නැතුව අනිත් අය වෙනුවෙන් කරන කැපකිරීම. විශ්වාසය, පරිත්‍යාගය කියන හැමදේකම එකතුවක්. එක පැත්තකින් ආදරය භයානකයි. තමන් කොච්චර ආදරය කළත් තමන්ට හරි ආදරය නොලැබෙන්න පුළුවන්. මනුස්සයෙක්ව පිස්සු වට්ටන්නත් පුළුවන් දෙයක්. හරි කල්පනාවෙන් කරන්න ඕනෙ දෙයක් තමයි ආදරය කියන්නේ.
ඔබගේ ඉඳිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
නිර්මාණ කිහිපයක් ආවා. නොගැළපෙන ඒවා අයින් කළා. ඊට අමතරව ‘ආලේ’ එකෙන් පස්සේ ‘පාටකුරුල්ලෝ’ රචනා කරන බුද්ධික සේමසිංහගේ නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකත් ඉදිරියට බලාගන්න පුළුවන්. ඒකත් වෙනස්ම ලස්සනම කතාවක් වෙයි. ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා ‘සූරිය සුළඟ’ බලන්න ‘ආලේ’ සමග රැඳී ඉන්න කියලත්.

SendShareShare
Previous Post

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

Next Post

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

ඉරාජ් හින්දා හිට් වුණු ක්ලියෝ පැට්‍රා අයියා…! ජොබ් එක ටෙලිකොම් වුණාට ඉන්නේ ආට් එක ඇතුළේ…! ඉරාජ් අයියා තමයි මගේ ටර්නින් පොයින්ට් එක…! මගේ ස්ටයිල් එකට කෙනෙක් තාම ලැබුණේ නැහැ…! නන්දික සමරසිංහ I Sri Lanka Latest News

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News
Heart

දැහැනට සමවදින රජ දහන එයි…! Sri Lanka Latest News

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News
Heart

සීන්වලට නම් ආස නැහැ…! අහිමිවීම් ගැන දුකක් නැහැ…! කොටු වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ…! ප්‍රාර්ථනා සෙව්වන්දි I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News
Heart

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News
Heart

පොඩි වුණාට ලොකු වැඩ කෝටියක් කරන පට්ටි ගෙදර පුංචි නන්දනී…! කැමරාව ඉස්සරහට ගියාම මම ටි්‍රනිට් නෙවෙයි…! රෙබෙකා නැන්දත් මගේ රඟපෑම දැකලා පුදුම වුණා…! ට්‍රිනිටි ක්ලෙයාරා I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

වැඩි වෙද්දි වැඩිවෙන අඩු වෙද්දි අඩු නොවන බොරතෙල් සහ අපේ තෙල් ගැන අවුරුදු දෙකක පසුදැක්ම! Sri Lanka Latest News

ලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...

Read more
අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

අමෙරිකාවේ කපූර් හදිසියේම ලංකාවට එන්නෙ ඇයි? හදිසියේම කොළඹ වරාය බලන්න යන්නේ ඇයි? I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.