හිතේ තියෙන දේ හිනාවෙන් පේනවා කියලා කතාවට කියනවා වගේ හිතේ තියෙන දේයි, නැති දේයි, ගතිගුණයි මේ හැමදේම කියන්න ඇඟේ හැඬේ බලලා පුළුවන්. ඒ සඳහා තමයි අංග ලක්ෂණ විiාව තියෙන්නේ. එහිදී නාරිදේහ විiාවට විශේෂ තැනක් හිමිවෙනවා. ඒ අනුව කාන්තාවකගේ පා ඇඟිලිවලින් කියැවෙන ඇගේ ජීවිත රහස් මොනවා දැයි දැනගත හැකිය. කාන්තාවන් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන ඔබටත් ඔවුන්ගේ පා ඇඟිලි දෙස පරීක්ෂාවෙන් බැලිය හැකිය. ඒ ඇඟිලි හැඩය, පිහිටීම, ප්‍රමාණය, දිග, මහත විවිධාකාරය. ඇතැම් පිහිටීම් අසාමාන්‍ය වෙයි. සියල්ලෙන් එකිනෙකාට වෙනස් ගතිගුණ ගැන රහස් හෙළි කරන්නේය.
සිහින්ව හා දික්ව සියලුම පා ඇඟිලි එක්තරා රටාවකට මෙන් පිළිවෙළට පිහිටන ස්ත්‍රිය අධික ලෙස රාගාධික තැනැත්තියකි. ඇය තම සහකරුගෙන් තෘප්තිමත් නොවන තැන්හි පරපුරුෂයන් කරා යන්නට පසුබට නොවන්නීය. කෙසේ නමුත් ඇයට සැප සම්පත් විඳීමට භාග්‍ය හිමිවෙයි. ජීවිතයේ මැද භාගයේ සියලු දේ සපිරි දිවියක් හිමිකර දෙයි.
යම් ස්ත්‍රියකගේ පා ඇඟිලි මහපට ඇඟිල්ල දෙසට නැමී පවතී නම් ඇය දිළිඳු වන්නීය. කෙසේ හෝ වස්තුව, ධනය ලැබුණද ඒ සියල්ල විනාශ විය හැකිය.
යම් ලෙසකට ඇගේ ඇඟිලි අතර පරතරය වැඩි නම් හිඩැස් මෙන් පෙනේ නම් ඇයට ජීවිතයේ දුක්කරදර අඩු නැත. විවාහයෙන් පසුවද දුක්පීඩා විඳීමට සිදුවෙයි. තමන් සතු දේ පවා අහිමිව යා හැකිය.
මහපට ඇඟිල්ලේ සිට පිළිවෙළකට, ක්‍රමානුකූලව දිගින් අඩු වෙමින් පිහිටන ඇඟිලි ඇති ස්ත්‍රිය ඉතාමත් කරුණාවන්ත ගති ඇති තැනැත්තියක වෙයි. ඇගේ ඇඟිලි පිළිවෙළකට පොළොවේ ස්පර්ශව ඇත්නම් වඩාත් හොඳ වෙයි. නිහතමානී කාන්තාවකි. ඇය උසස් කුලයක ඉපිද ඇත. උසස් සැමියකු ලබා සැපවත් සතුට සපිරි විවාහ දිවියක් ලබන්නට පින ඇත.
පා ඇඟිලි ඉතාමත් කෙටිව රළු ස්වභාවයෙන් පිහිටයි නම් ඇයට අධිකව වෙහෙස මහන්සියෙන් කටයුතු කරන රැකියාවල නියුතු වීමට සිදුවෙයි. එසේම ඇඟිලි අතිශය සිනිඳු ස්වභාවයක් ගෙන මෘදු, මොළොක් අයුරින් පිහිටයි නම් ඇයට ජීවිතයේ නොසිතූ, නොපැතූ ධනයක් ලැබේ. ඇගේ විවාහය ප්‍රීතිමත්ය. සැප සම්පත් ලැබීමේ වාසනාව ඇත.
පිළිවෙළක් නැතිව විරූපීව ඇඟිලි පිහිටන ස්ත්‍රියට එක් අරමුණක් නැත. කිසිවක් ගැන ස්ථිර තීරණයකට නොපැමිණේ. සාධාරණය ගැන නොතකයි.
කෙටි පා ඇඟිලි ඇත්නම් ඇයට ස්වාධීනව වැඩ කිරීමේ භාග්‍ය නැත. අනුන් යටතේ වැඩ කිරීමට සිදුවෙයි. නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් දිවි ගෙවන්නට සිදුවෙයි.
ස්ත්‍රියකගේ පා ඇඟිලි අඳුරු පැහැ ගෙන රෝම වැවී ඇත්නම් ඇයට අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඇගේ ජීවිතයේ වැඩි කාලයක් දුකින් ගෙවන්නට සිදුවෙයි. ඇඟිලි සියල්ලම පොළොවේ ස්පර්ශ නොවන්නී අවාසනාවන්තය. ඇයට ජීවිතයේ උරුමය කරුමයකි.
ස්ත්‍රි මහපට ඇඟිල්ල මසින් පිරී ඇත්නම් ඇයගේ යුග දිවිය සාර්ථක වෙයි. ගුණවත් සැමියකු සමඟ විවාහයට අවස්ථාව උදාවෙයි. සතුට, සැපත ඉතිරේ. ඇය සැමියාට රසඳුනක් වෙයි.
සිහින් මහපට ඇඟිල්ලේ කෙළවර පළල් වී නම් ඇය චරිතය කෙළෙසා ගන්නීය. විවාහයට පෙර සිටම අනියම් සබඳතා පවත්වන්නීය. ඒවා විවාහයෙන් පසුවද පවත්වාගෙන යනු ඇත.
කෙටි මහපට ඇඟිල්ලක් හිමි ස්ත්‍රිය සතුව සම්පත් රඳා පවතින්නේ නැත. ඇයට ධනවත් වීම අපහසුය. විවාහයේදී සහකරුගේ සිතට ඇයව ප්‍රිය උපදවන්නියක නොවිය හැකිය. යුග දිවිය සැනසිලිදායක නොවේ. දුක්, කරදර අඩුවක් නැත. මහත, දිග, පිරුණු පෙනුමැති මහපට ඇඟිල්ලක් ඇත්තී ඕනෑම දෙයකට එඩිතරව මුහුණ දෙන ශක්තිමත් සිතක් ඇති තැනැත්තියකි. එහෙත් ඇයට තැන නොතැන ගැන අවබෝධය අඩුය. එනිසාම වැඩි දෙනකුගේ අප්‍රසාදයට පත්විය හැකිය. එහෙත් සියලු සැප සම්පත් ලබන්නට වාසනාව ඇත.
පොළොවේ ස්පර්ශ වෙන රතු පැහැයට හුරු පාද ඇඟිලි ඇති ස්ත්‍රිය සියලු සැපසම්පත් ලබන්නට වාසනාව ඇත්තියකි. රාජ්‍ය සම්මාන ගෞරව, ප්‍රශංසා ලබන්නීය. රජ බිසවක ලෙස ජීවත්වීම භාග්‍ය හිමිවෙයි.
මවුපිය ආදරය ලබන සැමියාට ආදරය කරන තුල සිරිත් රකින පතිභක්තිය ඇති ස්ත්‍රියක හඳුනාගත හැකි හොඳම ලක්ෂණය නම් පාදයේ දෙවැනි ඇඟිල්ල මසින් පිරී මහපට ඇඟිල්ල දෙසට නැඹුරුව තිබීමයි. ඇය සමඟ ගෙවන යුග දිවිය සහකරුට වාසනාවකි.
දෙවැනි ඇඟිල්ල මහපට ඇඟිල්ලට වඩා දික්ව පිහිටයි නම් ඇය සැමියාව නොතකයි. නිතර රණ්ඩු සරුවල්වලට මුල පුරයි. ඔහුව පාලනය කරන්නට සිතයි. යම් ලෙසකට එම ඇඟිල්ල පොළොවේ ස්පර්ශ නොවෙයි නම් ඇගේ යුග දිවිය දෙදරයි. සැමියාට රහසේ අන් පුරුෂයන් පතයි.
දෙවැනි ඇඟිල්ල තෙවැනි ඇඟිල්ලට වඩා දික්ව පොළොවේ ස්පර්ශ වේ නම් ඇය ලබන්නේ පින්වත් වාසනාවන්ත දරුවන්ය. ජීවිතය සැපවත් වෙයි. මෙම ඇඟිලි අතර හිඩැස් නොමැතිව පිහිටා ඇත්නම් ඇයට දුගී පැලක ඉපදුණද, පසුකාලෙක ධන සම්පත්, යසඉසුරු ලබන්නට වාසනාව ඇත.
උල් හැඩැති දෙවැනි සහ මැදඟිල්ලක් ලබා ඒවා අතර හිඩැස් ඇත්නම් ඇය ලබන සැමියා දුප්පතෙකි. එම ඇඟිලි පොළොවේ නොගැටේ නම් ඇය වැන්දඹු වෙයි. නැතහොත් යුගදිවිය දෙදරයි. දෙවැනි ඇඟිල්ල අනෙක් ඇඟිල්ල මත එල්ලී පිහිටයි නම් දරුවන් නොලබන්නීය.
ජ්‍යොතිෂවේදී ටී. බණ්ඩාර











