• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අංක විද්‍යාවෙන් ප්‍රීතිරාජ්ට හරිගිය හැටි

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
අංක විද්‍යාවෙන් ප්‍රීතිරාජ්ට හරිගිය හැටි
Share on WhatsAppShare on Facebook

හඳහන්, නැකැත් බලන්නේ නැතිනම් අඩුම ගානේ රාහු කාලය මරු සිටින දිශාව මඟහැරලා හරි වැඩ කටයුතු කරන්නයි අපි පුරුදුවෙලා ඉන්නේ. එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ගතකරන අය මෙන්ම ජීවිතය පුරා සුවිශේෂී කටයුතුවල යෙදෙන්නන් පවා ඒ විදියයි. චිත්‍රපට ක්‍ෂේත්‍රයේ දැවැන්ත නමක් සටහන් කරමින් අදටත් කා අතරත් ජනප්‍රිය ප්‍රීතිරාජ් වීරරත්නගේ ජීවිතයට ජ්‍යොතිෂය සම්බන්ධ කරගන්නෙ කොහොමද කියලා අපි අහලා බැලුවා. ඔහු නම් කියන්නේ ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැහැ කියලයි. ඒත් ඔහුට වෙනත් විශ්වාසයන් තිබෙන බවත් අපිත් එක්ක කිව්වා.
කවදාවත් ඔබ හඳහන් පරීක්ෂා කරලා නැද්ද?
නැහැ. ජ්‍යොතිෂය ගැන මගේ කිසිම විශ්වාසයක් නැහැ. හැබැයි අපේ අම්මලා නම් ඉස්සර මගේ හඳහන් පරීක්ෂා කරවලා ඇති.
විවාහයේදීවත් හඳහන් පරීක්ෂා කරලා නැකැත් බැලුවේ නැද්ද?
මම නම් ඒ දේවල් කළේ නෑ. වයිෆ්ගේ අම්මලා බැලුවා මං හිතන්නේ. මට ඒ දේවල් ගැන වුවමනාවක් නැහැ.
ඔබේ පුතා ඉරාජ්ගේ හඳහනවත් පරීක්ෂා කරලා නැද්ද?
එහෙම විශේෂයෙන් පරීක්ෂා කරලා නැහැ. ඉරාජ් ඉපදුණු කාලේ නම් පරීක්‍ෂා කළා. ඒ අවස්ථාවකදී නම් කිව්වා ඉරාජ් රටේ ජනප්‍රියම පුද්ගලයෙක් වෙනවා කියලා.
චිත්‍රපට අධ්‍යක්‍ෂණයේදීවත්, ජ්‍යොතිෂය හෝ ඒ ආශ්‍රිත විෂයන්ගේ සහාය ලබාගෙන නැද්ද?
මං හිතන්නේ මම වෙන්න ඇති එකම අධ්‍යක්‍ෂ මුහුරත් උළෙලක්වත් නොතියා චිත්‍රපට කරපු. මං කවදාවත් නැකැත් බලලා චිත්‍රපට පටන් අරගෙන නැහැ. චිත්‍රපට සඳහා බොහෝ විට නම දමද්දි ගණ පරීක්‍ෂා කරනවා. නමුත් මං කවදාවත් ගණ බලලා චිත්‍රපටවලට නම් දාලා නැහැ. මගේ විශ්වාසය ආත්ම විශ්වාසය විතරයි. ඒ නිසා ජ්‍යොතිෂ හෝ නැකැත් ගැන විශ්වාසයක් මට නැහැ.
හැබැයි මං චිත්‍රපට රූගතකිරීම් ආරම්භ කරද්දි මගේ සහාය අධ්‍යක්‍ෂ පොල් ගෙඩියක් ගහලයි වැඩ පටන් ගන්නේ. මං ඒ පොල් ගෙඩියට අත තියලා වඳිනවා විතරයි. මං නම් කවදාවත් පොල් ගහන්න යන්නේ නැහැ.
එතකොට ඔබේ චිත්‍රපට සාර්ථක වීමේ රහස පිටුපස නොපෙනෙන කිසිවක් ගැන විශ්වාසයක් නැද්ද?
එක දෙයක් තියෙනවා. මං අංක විද්‍යාව හොඳින්ම විශ්වාස කරනවා. හැබැයි ඒකත් මංම හදාගත්ත අංක විද්‍යාවක්. මගේ ජීවිතයේ වාසනාවන්තම අංකය අංක 17. මං අධ්‍යක්‍ෂණය කරපු “නොම්මර 17” චිත්‍රපටය සුපර් හිට් එකක් වුණා. මගේ උපන් දිනයත් ජූලි 17 වැනිදා. මගේ පශ්චාත් උපාධියේ සමත්වීම ලැබුණෙත් දෙසැම්බර් 17 වැනිදාවක. මගේ සහතික සියල්ලම අංක 17ත් එක්ක සම්බන්ධකමක් දක්වනවා. ඒ නිසා මං අධ්‍යක්‍ෂණය කරන සියලුම චිත්‍රපට ඇග්‍රිමන්ට සයින් කරන්නේ 17 වැනිදාවක උදේ 9.17ට. හැබැයි මට සමහරු කියලා තියෙනවා “නොම්මර 17” චිත්‍රපටයේ ඒ නමේ ගණ සුබ නැහැ කියලා. ඉතින් ඒ කතාව කොහොමද පිළිගන්නේ චිත්‍රපටය දුවපු දිවිල්ලෙ හැටියට. මගේ සියලුම චිත්‍රපට තිරගත කළෙත් 17 වැනි දවස්වල තමයි.
අංක විද්‍යාව ගැන ඒ තියෙන විශ්වාසය පළුදු වෙලා නැද්ද කවදාවත්?
නැහැ. කවදාවත් එහෙම වෙලා නැහැ.
එතකොට අපල සඳහා මුදු පලඳින්නෙවත් නැද්ද?
කවදාවත් නැහැ. මුදු, හක්ගෙඩි ඒ කිසිම දෙයක් ගැන මට විශ්වාසයක් නැහැ.
දෙවියන් ගැන තියෙන විශ්වාසය කොහොමද?
දෙවියන් ගැන විශ්වාසයක් තියෙනවා. විෂ්ණු, කතරගම, ගණ ආදී වශයෙන් දෙවියන්ට පූජා තියලා තියෙනවා. කතරගම ගිහින් පූජා වට්ටියක් තියනවා. එවැනි දෙයක් මිස ලොකුවට වියදම් කරලා දෙවියන්ගෙන් කිසි දෙයක් ඉල්ලන්නෙත් නැහැ. හැබැයි හැමදාම උදේට දෙවියන්ට මං පින්දෙනවා. මෙවැනි තත්ත්වයක ජීවත් වෙන්න මට වාසනාව ලබාදීම වෙනුවෙන්.
ආගම – දහමට නැඹුරුවක් තියෙනවාද?
ඔව්. අනිවාර්යයෙන්ම. මං සිංහල බෞද්ධ. ඒ වුණාට කතෝලික පල්ලි යනවා. ජේසුට ගරු කරනවා. මුස්ලිම් පල්ලිත් ගිහින් තියෙනවා. අල්ලාටත් ගරු කරනවා. හැම ආගමක් ගැනම ගෞරවයක් තියෙනවා. ඒ වගේම බෞද්ධාගම වෙනුවෙන් බොහෝ කටයුතු මං කරනවා. දිවුලපිටියේ අක්කර 4ක වීරරත්න සේනාසනය ඉදිකළේ මම. දෙව්රම් වෙහෙර ඝණ්ටාරය ඉන්දියාවෙන් ලෝහ ගෙනත් ඉදිකළේ මම. කන්දෙ විහාරයේ විෂ්ණු දේවාලයේ බුද්ධ ප්‍රතිමාවට මුල්ම ආධාරය ලබාදුන්නේ මම. ඒ විදියට බොහෝ පින්කම් කරලා තියෙනවා බෞද්ධාගම වෙනුවෙන්.

SendShareShare
Previous Post

සජිත්‌ගේ අන්තිම තීන්දුව

Next Post

වීදියෙන් මතුවූ රිදීසීනුව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න...

Read more
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.