• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වීදියෙන් මතුවූ රිදීසීනුව

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
වීදියෙන් මතුවූ රිදීසීනුව
Share on WhatsAppShare on Facebook

වාසනාව සහ අවාසනාව කියන්නේ මෙලොව උපදින සෑම සත්වයකුටම අයත් ඉතා සුවිශේෂී වූ යම් නියමයකි. “උත්සාහවන්තයා ජයගනී” යන තේමා පාඨය මෙයට වෙනස්ය. ඇතැමෙක් කියන්නේ උත්සාහය තියේ නම් ජීවිතය ජයගැනීම ඉතා සරල කාරණයක් බවය. තවත් අයකු කියන්නේ ජීවිතයේ සමහර අවස්ථා ජය ගැනීමට උත්සාහයට වඩා වාසනාව බින්දුවක් හෝ අවැසි බවය.

බටහිර බෙංගාලයේ රනගට් දුම්රිය වේදිකාවට වී සින්දු කී රානු මොන්දාල්ගේ ගීතවක් හඬ දූවිලි මාවතේ සිට පටිගත කිරීමේ මැදිරියක් කරා ඇදී ගියේ ඇගේ උත්සාහය නිසාද වාසනාවද නිසා කියන්නට අප නොදනිමු.
එනිසා,
වාසනාව සහ උත්සාහය යන නියමය සහ තේමාව ගැන තර්ක කිරීම පසෙක තබා අප රානු මොන්දාල් වෙත මඳකට හැරී බලමු. රානු මොන්දාල් කල්කටාවේ බටහිර බෙංගාලය නම් ප්‍රදේශයේ දුම්රිය වේදිකාව මත සින්දු කීවේ විනෝදාස්වාදයට නොව, ජීවිතය රැකගැනීමටය. රානු මොන්දාල්ගේ හඬ කෝකිල කූජනය සේම මිහිරි විය. දුම්රියක් එනතුරු කල් මරන මගීනට ඇගේ ගීතවත් හඬ දෙසවනට මී බිඳු මෙන් විය. රටකජු හෝ කඩල ගොට්ටක් කමින් ඇගේ ගීතයට සවන් දෙන ඔවුනට දුම්රිය ප්‍රමාදය වුවද සිත්තැවුලක් වූයේ නැති තරම්ය.
රානු ගැයුවාය, මගීන් සවන් දුන්හ.

මෙතරම් අපූරු හඬක් තියෙන තමා පදික වේදිකාවේ ගී ගයන එක ගැන හෝ තමාට අතහිත දීමට කිසිවකු ඉදිරිපත් නොවීම ගැන හෝ කිසිදු සංවේගදායී හැඟීමක් රානු මොන්දාල්ගේ සිතේ තිබුණේ නැත. සතුටින් ගී ගයන රානු කවුරුන් හේ මගියකු තමා වෙත ලබා දෙන සුළු මුදල අත මිට මොළවා ගත්තාය. කවුරුන් හෝ මුදලක් නුදුන්නද එය වගකට නොගත්තාය. යම් දීමනාවක් බලාපොරොත්තුව ගීත කීවද රානු එයින් ලද ආත්මතෘප්තිය ඉහළ විය.
කවුරුන් හෝ මගේ හඬ තුළ වූ වටිනාකම දැන එයට යම් අගයක් දීමට කවදා හෝ පැමිණෙනු ඇතැයි යන අසරණ සිහිනය තුළ රානු ඇඟිලි නොගැන්නද ඒ පිළිබඳ කිසි විටෙක නොතැවුණද රානුගේ යටි සිතෙහි එවැනි පුංචිම හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැතැයි සිතීම විටෙක අහඹුවකි.

මන්ද යත්..,
මිනිසුන් වූ අප උපදින්නේද “සිහින” සහ “බලාපොරොත්තු” දෑතේ ගුළිකොටගෙන බැවිනි. සමහර විටෙක රානු මොන්දාල් සිහින දකින්නට බිය වන්නට ඇත. ඒවා ඉටුනොවන දුක දරා ගන්නට නොහැකි බැවින් රානු උපේක්‍ෂාව තුළ සියල්ල දියකර හැර දෙවියන් තමාට දුන් හැකියාවට තුති පුදමින් කල්කටා දුම්රිය වේදිකාව තම සංගීත වේදිකාව කරගන්නට හිත හදාගන්නට ඇත.

එහෙත්..,
නොසිතූ ලෙස යම් අහඹුවක් මිනිසුන් හඹා එන අවස්ථාවන් වෙයි. මැදිවියෙහි පසුවන දූවිලි මාවතේ උපන් රානු මොන්දාල්ටද එවැනි අවස්ථාවක් උදාවිය.
එය නිතර අහන්නට, දකින්නට නැති කිසිවකු එකවර විශ්වාස නොකරන අන්දමේ වාසනාවන්ත අහඹුවකි.

ඒ අහඹුව රානු මොන්දාල් වෙත ගෙන ආයේ…
“හිමේෂ් රෙෂාමියා” නම් සුපිරි මිනිසාය. නිමේෂ් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. සංගීතවේදියෙකි. රංගන ශිල්පියෙකි. තව බොහෝ ඇසූපිරූ තැන් සපිරි කලාකරුවෙකි.
රනගට්හි රානු මොන්දාල්ගේ අද්විතීය වූ මධුර හඬ ගැනත් ඈ දුම්රිය වේදිකාවේ ගී ගයන සංවේදී පුවත ගැනත් හිමේෂ්ට අසන්නට ලැබිණි.

“අයියෝ… එයා පවු නේද?”යි කියන නිමේෂ් සිය කනගාටුව ප්‍රකාශ කොට නිකං හිටියේ නැත.
“එයා හරිම ටැලන්ටඞ්. අපි ඈ වෙනුවෙන් මොනවා හරි කරමු”
කියා ඒ වෙනුවෙන් ෆයිල් එකක් විවෘත කොට නැවත එය වසාදමා හමස් පෙට්ටියට දැමුවේ නැත.
හිමේෂ් රෙෂාමියා, “රානු” සොයා ගියේය. දුම්රිය වේදිකාවෙන් මුදා ඇයව ගීත පටිගත කිරීමේ සුපිරි මැදිරියකට ගෙන ගියේය.

අහිංසක ගැමි කාන්තාවක වූ රානුට මේ කිසිවක් අදහන්නට බැරි විය. තමා සිහිනයක සැරිසරන වගක් ඇයට සිහි විය. හිමේෂ් අබියස තම පළමු සංයුක්ත තැටිය පටිගත කරන මොහොතේ රානුගේ දෙනෙත කඳුළින් තෙත් විය.
“ඔබ දෙවි කෙනෙක්ද?”
රානු හිමේෂ්ගෙන් ඇසුවේ තම ගීත එක රැයකින් ජනප්‍රිය වීමත් සමඟය.
රානුගේ හඬට වශීවී සිටි දුම්රිය වේදිකාවේ අසන්නන් මේ සතුටුදායක පුවතින් උද්දාමයට පත්විය. හිමේෂ්ගේ මේ උතුම් වූ සද්කාර්ය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔහුට ලැබුණු පැසසුම් අසීමිත විය.

“හිමාෂ් ඔබ කොහේ හෝ සිට පැමිණි සුරදූතයකු වැනිය. රානු, පදික වේදිකාවේ සිට පටිගතකිරීමේ මැදිරියකට පැමිණියේ එනිසාය.
“ඉතින්… මිතුර ඔබට ස්තුතියි” වැනි කමෙන්ට්ස් හිමේෂ් කළ මෙහෙවර අගයමින් දිගින් දිගටම සටහන් විය. සංගීත වීඩියෝව නරඹා ඇති ප්‍රේක්‍ෂක සංඛ්‍යාව ලක්‍ෂ ගණන් වූ අතර එය සමාජ මාධ්‍ය පුරා අසුරු සැණින් බෙදාහැරිණි.

රානු හා ගයන විට මට දැනුණේ ඇගේ සංවේදී හඬ කෙතරම් නම් මනහරදැයි කියාය. දිගින් දිගටම ඈ පසුබිම් ගායිකාවක ලෙස ඉන්දීය සංගීත ඉසව් වර්ණවත් කරනු ඇත යනුවෙන් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබූ හිමේෂ්,
“සිහින සැබෑ කරගැනීමට වාසනාව තරමටම ධෛර්යයද තිබිය යුතුය. ඔබ මා වෙත දැක්වූ ආදරයට ස්තුතියි” යනුවෙන්ද වදන් කිහිපයක් එයට එක් කළේය.

ඉතින්…
“ගැහැනියගේ පින කුණු මුල්ලේය” යන වදන මෙයට ගැළපේදැයි යන්න නොදනිමු. කෙසේ වුවද අහඹු වාසනාව රානු මොන්දාල්ගේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් කළාය.
එය උත්සාහයකට වඩා වාසනාවක්දැයි සිතීම ඔබට භාරය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අංක විද්‍යාවෙන් ප්‍රීතිරාජ්ට හරිගිය හැටි

Next Post

දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.