• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

July 21, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් ඒ මහතා තබා තිබූ ෆේස්බුක් සටහන සහ ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම පිළිබඳ මගේ ප්‍රකාශය

දිගු කාලයක් ගැඹුරින් සිතා බැලීමෙන් හා බොහෝ කරුණු සලකා බැලීමෙන් පසු, එක්සත් ජාතික පක්ෂයේ මගේ දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට මම තීරණය කර ඇත්තෙමි.

මම උපතින්ම එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පවුලක සාමාජිකයෙකි.2010 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රාදේශීයව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියා කාරීව කටයුතු කල මා, මාගේ ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කිරීමෙන් පසු 2019 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ රටටත් පක්ෂයටත් යම් සේවයක් කිරීමට ඇති අවංක බලාපොරොත්තුවෙනි.

එතැන් සිට දිවයින පුරා සංචාරය කරමින් පක්ෂ සාමාජිකයින් මෙන්ම මහජනතාව දැනුවත් කිරීම සඳහා රැස්වීම් හා වැඩසටහන් රැසකට සහභාගී වී දේශන පැවැත්වූ අතර, පක්ෂයේ නායකත්වය හා ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙන යාමට මගේ දැනුම, කාලය හා ශක්තිය කැප කළෙමි.

අරගල සමයේද මම සක්‍රීයව කටයුතු කළේ අපගේ නායකතුමා රටේ ජනාධිපතිවරයා වීමේ දැක්ම කෙරෙහි තිබූ විශ්වාසය නිසාය. නායකතුමා ජනාධිපතිවරයා බවට පත්වන තුරුම අරගලය තුල ඉදිරියෙන්ම ක්‍රියාකාරීව සිටිමින් මා ක්‍රියා කල අතර, ඒ පිලිබදව නිහතමානීව සතුටුවෙමි.

අපගේ නායකතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, ව්‍යාපාරික මනෝවිද්‍යාඥයෙකු, දේශකයෙකු, පුහුණුකරුවෙකු සහ උපායමාර්ගික සැලසුම් සකස් කළ හැකි පුද්ගලයෙකු ලෙස මාගේ හැකියාවන් පක්ෂයේ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත් එය සිදු නොවීය. මට වඩා දක්ෂයන් වෙත එම වගකීම් ලබාදුන් අතර එවන් අති දක්ෂයන් අතර මා සුළු මිනිසෙකු යැයි සිතා මම සැනසුනෙමි..

කුන්ඩසාලයේ කළාප සංවිදායක දුරය ලබා ගැනීමට පක්ෂයේ මහනුවර කළමණාකරු සමග යුධ ප්‍රකාශ කිරීමට පවා සිදුවිය..

නායකතුමා ලබාදුන් සෙංකඩගල ආසන සංවිධායක දූරය ලබාදුන් මොහොතේ සිට අවධානයෙන් ඒ පිලිබදව බලාසිටි අතර.. අද වනවිට එම සංවිධායක දූරය expire වී ඇත..

කොට්ටාස සංවියකයන් වෙත පත්වීම ඉල්ලා වසරකට ආසන්න වන අතර එකදු පත්වීමක් හෝ ලබාදීමට තවමත් හැකිවී නොමැත.. පත්වීමක් නොමැතිව වැඩ කිරීමට හෝ වැඩ ගැනීම දේශපාලනය තුල අතුරේ යාමක් බැවින් නිහඩව පත්වීම් ලබාදියයුතු පිරිස නම් කර බලා සිටියෙමි.. .

කථිකත්වය සහ පුහුණුකරණය යනු මගේ වෘත්තිය මෙන්ම මගේ ජීවිතයේ විශාලතම ආශාවයි. එසේ තිබියදීත්, පක්ෂයේ කිසිදු ප්‍රධාන ජනහමුවක කථාවක් පැවැත්වීමට මට අවස්ථාවක් නොලැබුණි. අති දක්ෂ කතිකයන් සිටින පක්ෂයක එසේ බලාපොරොත්තු වීම මාගේ දුර්වල මනෝභාවයක් බව සිතා මම නිහඩ උනෙමි එසේම එය පක්ෂයේ තීරණයක් බව මම ගෞරවයෙන් පිළිගනිමි.

ශාවන්ති මහත්මිය විසින් සංවිධානය කළ කරළිය වැඩසටහන හැරුණු විට, මාහට මාධ්‍ය අවස්ථා ලැබුණේ ඉතා සීමිතවය. ෂාමල් සේනාරත්න මහතා දෙවරක් සිරස වැඩසටහන් සඳහා ආරාධනා කළද,සිරස මාගේ ක්‍රමය හා මගේ පෞද්ගලික ප්‍රතිපත්තියක් මත මම එම ආරාධනා ප්‍රතික්ෂේප කළෙමි.

පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් නව උපායමාර්ග හා සැලසුම් රැසක් මා විසින් සකස් කළද, ඒවා හෝ මාගේ වෘත්තීය දැනුම පක්ෂය විසින් ප්‍රයෝජනයට ගත් බවක් මට දැනුණේ නැත.කෘතියාධීකාරී මන්ඩලය විද්වතුන්ගෙන් හා දක්ෂයන්ගෙන් පිරී ඇති බැවින් එයට හෝ මා සුදුසු නොවීය , කාර්ය මණ්ඩල මට්ටමේවත් එම හැකියාවන්ට අවස්ථාවක් හිමි නොවීය.

මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවූ කරුණු කිහිපයක්ද මෙම තීරණය ගැනීමට මට බලපෑවේය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මාගේ හැකියාවන් හඳුනාගෙන ඒවාට වටිනාකමක් ලබා දෙන නව දේශපාලන පක්ෂයකට එක්වීමට මම තීරණය කර ඇත්තෙමි.

එම පක්ෂය විසින් මට ජාතික මට්ටමේ වගකීමක්, සංවිධායක ධුරයක්, මාධ්‍ය සහයෝගය සහ රූපවාහිනී වැඩසටහන් සඳහා අවස්ථා ලබාදීමට එකඟ වී ඇත. එමඟින් මාගේ හැකියාවන් රට වෙනුවෙන් වඩාත් ඵලදායී ලෙස යොදා ගැනීමටත්, මාගේ දේශපාලන අනාගතය ගොඩනගා ගැනීමටත් හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.

එබැවින්, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට මම තීරණය කරමි. සෙන්කඩගල ආසන සංවිධායක ලෙස මාගේ නිල කාලය අවසන් වී තිබුණද, එම තනතුරෙන්ද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

අවසානයේදී, මා සමඟ මේ ගමනේ සිටි සියලු දෙනාට මගේ ස්තුතිය පළ කරන අතර, එක්සත් ජාතික පක්ෂයට ඉදිරි කටයුතු සඳහා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි. මාගේ අනාගත දේශපාලන ගමනද ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන්ම කැප වනු ඇත.

ආචාර්ය චමින්ද මලලසේකර

SendShareShare
Previous Post

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.