• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

August 31, 2019
in Astrology
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

2019 සැප්තැම්බර් 01 ඉරිදා සිට 07 සෙනසුරාදා දක්වා


මේෂ ලග්නය – මුදල් ලාභයක්
මේ සතිය තුළදී ඔබගේ ආදායම ඉහළ යන අතර, මුදල් ලාභයක්ද ලැබීමට නියමිතය. ලග්නාධිපති කුජ පස්වැන්නේද, සඳු 6, 7, 8, 9 භාව හරහාද ගමන් ගනී, ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින අයට විශේෂ ලාභ අත්වන කාලයකි. රැකියාව දියුණු වී කාගේත් පැසසුමට ලක්වෙයි. මිතුරන්ගෙන් උපකාරද, ඥාතීන්ගෙන් කරුණාවද, සැලකිලිද ලැබේ. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින මෙම ලග්න හිමියන්ට විටින් විට කරදර බාධක ඇති විය හැකිය.
ජය අංකය : 5, ජය වර්ණය : රතු පාට

වෘෂභ ලග්නය – ආදායම් අඩුවෙයි
ඔබගේ ආදායම් තත්ත්වය පහළ යන අතර, ලැබෙන්නට තිබුණු මුදලක් කලට වේලාවට නොලැබීමෙන් මහත් අපහසුතාවකට පත්වෙයි. ලග්නාධිපති සිකුරු හතර වැන්නේද, සඳු 5, 6, 7, 8 භාව හරහාද ගමන් ගනී. දුර දිග නොබලා කතා කිරීම නිසා ඔබට ඉතාමත් හිතවත්ව සිටින කෙනකු ඔබගෙන් දුරස් වෙයි. තදබල අසනීපයක් ඇතිවීමට ඉඩ ඇති කාලයකි. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි වෘෂභ ලග්න හිමියන්ගේ එම අරමුණු ඉටුවෙයි.
ජය අංකය : 04, ජය වර්ණය : දුඹුරු පාට

මිථුන ලග්නය – අමනාපකම්
වචනයෙන් සිදුවන වරදක් නිසා සමීපතම මිතුරකු සමඟ අමනාපකමක් ඇති කරගන්නා අතර, ලග්නාධිපති බුධ තුන්වැන්නේද, සඳු 4, 5, 6, 7 භාව හරහාද ගමන් ගනී. වෙනදාට වඩා වැඩියෙන් මුදල් වියදම් වන සතියකි. රැකියාවේ, ව්‍යාපාරයේ තමන්ගේම දුර්වලතාවන් හේතුවෙන් අනවශ්‍ය කරදරයක් මතුවෙයි. තමන් සතුව තිබූ භාණ්ඩයක් මේ කාලය තුළදී නැතිවීමේ අවදානමක් පවතින අතර, මුදල් හානියක්ද සිදුවිය හැකිය.
ජය අංකය : 03, ජය වර්ණය : කොළ පාට

කටක ලග්නය – ස්ථාන වෙනසක්
රැකියා ස්ථානයේ වෙනසක් සිදුවිය හැකි අතර, එය බොහෝ විට ඔබගේ යහපත පිණිස හේතු වෙයි. ලග්නාධිපති සඳු 3, 4, 5, 6 භාව හරහා ගමන් ගනී, ඇස්වල ආබාධයකට ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. වියදම් අධික වන දුර ගමනක් යෙදුනද එයින් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් පෙනෙන්නට නොමැත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින කටක ලග්න හිමියන්ට විභාගවලින් උසස් ලෙස සමත්වීමට අවස්ථාව ලැබේ.
ජය අංකය : 05, ජය වර්ණය : සුදු පාට

සිංහ ලග්නය – ණයවීමක්
ඔබගේ ලග්නාධිපති රවි ලග්න භාවයේමද, සඳු 2, 3, 4, 5 භාව හරහාද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබට ණය මුදලක් ලබා ගැනීමට සිදුවිය හැකිය. බොහෝ විට එම මුදල ඵලදායී වැඩක යෙදීමෙන් ඔබගේ අනාගත දියුණුව සලසා ගනී. යම් යම් කරුණු ගැන නිශ්චිත නිගමනයකට එළැඹීමට නොහැකිව සිත දෙගිඩියාවෙන් පසුවන කාලයකි. ව්‍යාපාරික කටයුතුවල යෙදීසිටින සිංහ ලග්න හිමියන්ට විශේෂ ලාභ අත්වන සතියකි.
ජය අංකය : 1, ජය වර්ණය : කහ පාට

කන්‍යා ලග්නය – අසනීප
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන අතර, විශේෂයෙන්ම සෙම් රෝග, රුධිර රෝග ඇතිවිය හැකියි. ලග්නාධිපති බුධ 12 වැන්නේද, සඳු 1, 2, 3, 4 භාව හරහාද ගමන් ගනී. බලාපොරොත්තු රහිත කරදරයකට මුහුණ දීමට ඉඩ ඇති බැවින් තමන්ගේ ආරක්‍ෂාව ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු සතියකි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයටද යම් යම් බාධක එල්ල වෙයි.
ජය අංකය : 3, ජය වර්ණය : දම් පාට

තුලා ලග්නය – දියුණුවක්
සඳු 12, 1, 2, 3 භාව හරහාද, ලග්නාධිපති සිකුරු 11 වැන්නේද ගමන් ගනිමින් ගෙවී යන මේ සතිය තුළදී ඔබගේ වැඩකටයුතුවල විශේෂ දියුණුවක් දැකගැනීමට හැකිවෙයි. කලක් බලාපොරොත්තුවෙන් සිටි පිළිවෙළකට තමන්ගේ වැඩකටයුතු සකස් කරගනී, ගෘහ ජීවිතය වෙනදාට වඩා සතුටින් සාමකාමීව ගෙවී යයි. ජීවිතය වෙනදාට වඩා සතුටින්, සාමකාමීව ගෙවී යයි. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර, මිල – මුදල් අතමිට යහමින් ගැවසේ.
ජය අංකය : 2, ජය වර්ණය : කොළ පාට

වෘශ්චික ලග්නය – වියදම් අධිකයි
ලග්නාධිපති කුජ 10 වැන්නේද, සඳු 11, 12, 1, 2 භාව හරහාද ගමන් ගනිමින් ගෙවෙන මේ සතියේ ඔබට වියදම් අධික වන බවක් පෙනේ. ඉතා සමීපව ඇසුරු කළ මිතුරකුට සිදුවන කරදරයක් වෙනුවෙන් වෙහෙස වීමටද සිදුවෙයි. රැකියාවේ හෝ පදිංචියේ වෙනසක්ද මේ කාලය තුළදී සිදුවිය හැකිය. අසල්වැසියකු සමඟ ඇති වන ආරවුලක් දුරදිග යෑමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු අලුතින් ආරම්භ කිරීමට හොඳ කාලයකි.
ජය අංකය : 01, ජය වර්ණය : රතු පාට

ධනු ලග්නය – කාර්යබහුලයි
කාර්යබහුල බවින් යුතුව අවිවේකීව සතිය ගෙවී යයි. ලග්නාධිපති ගුරු 12 වැන්නේද, සඳු 10, 11, 12, 1 යන භාව හරහාද ගමන් ගනී, දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වැඩිපුර කාලය ගතකරන අතර, අමතර වියදමක්ද දැරීමට සිදුවෙයි. අසරණ අයට පිහිට වීමටත්, පින්දහම් කිරීමටත් වැඩිපුර කැමැත්තක් දක්වයි. ගුප්ත විද්‍යා කටයුත්තකින් ප්‍රයෝජනයක් ලබාගැනීමට උත්සාහයක් දරයි. පිට පළාත් සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ට විශේෂ ලාභ අත්වන කාලයකි.
ජය අංකය : 03, ජය වර්ණය : රෝස පාට

මකර ලග්නය – ගමන්-බිමන්
නිතර නිතර ගමන් යෑමට සිදුවන අතර, සඳු 9, 10, 11, 12 භාව හරහාද, ලග්නාධිපති ශනි 12 වැන්නේද ගමන් ගනී, පවුලේ කෙනකුට සෑදෙන අසනීපයක් නිසා කරදරයකට පත්වෙයි. අධික රුධිර පීඩනය වැනි රෝග තිබෙන මකර ලග්න හිමියන් මේ කාලයේදී විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. මුදල් ගනුදෙනුවකදී වංචාවකට හසුවීමටද ඉඩ ඇත. ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයටද විටින් විට කරදර බාධක පැමිණේ.
ජය අංකය : 03, ජය වර්ණය : සුදු පාට

කුම්භ ලග්නය – උසස්වීමක්
රැකියාවේ, ව්‍යාපාරයේ හෝ සමාජයේ දරන තනතුරුවල උසස් වීමක් ලැබෙන කාලයක් වන අතර, ලග්නාධිපති ශනි 11 වැන්නේද, සඳු 8, 9, 10, 11 භාව හරහාද ගමන් ගනී. තමන්ගේ තනි මතයට අනුව වැඩකිරීමට හැකිවන අතර, මේ කාලය තුළදී ගන්නා තීරණ බොහෝ විට නිවැරැදි වෙයි. අනාගත දියුණුව සැලසෙන වැඩ පිළිවෙළක් අලුතින් ආරම්භ කරයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින කුම්භ ලග්න හිමියන්ට ඉහළ මට්ටම කරා යෑමට අවස්ථාව සැලසේ.
ජය අංකය : 03, ජය වර්ණය : කහ පාට

මීන ලග්නය – සිතට සතුට
ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානය වන නව වැන්නේද, සඳු 7, 8, 9, 10 ඊාව හරහාද ගමන්ගනී, මෙතෙක් පැවති සුළු සුළු කරදර බාධක ඉවත්වී සිතට සතුට, සැනසීම ඇතිවෙයි. නිවෙසට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමට අවස්ථාව යෙදේ. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි මීන ලග්න හිමියන්ට මේ කාලය තුළදී රැකියා ලැබීමේ ඉඩකඩ පවතී, මෙතෙක් පැවති අසනීප සුවවී ශරීර සෞඛ්‍යය යහපත් වෙයි.
ජය අංකය : 06, ජය වර්ණය : සුදු පාට
ජ්‍යොතිෂ විද්‍යා විශාරද, ජ්‍යොතිෂ ශිරෝමනී,
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි
0775-489695

SendShareShare
Previous Post

සජිත්ලා අම්පාරේ ආවොත් ගහලා පන්නනවා- දයා කට්ටියගේ මූණටම කියයි

Next Post

මෛත්‍රි-‌ගෝඨා-බැසිල් හමුවක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.