ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර අතිශය තීරණාත්මක හමුවක් බ්‍රහස්පතින්දා (29) රාත්‍රියේ සිදුව ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව ඉදිරි මහමැතිවරණයකදී දෙපාර්ශ්වය එක්ව තරග වදින ආකාරය, ශ්‍රීලනිපයට ලබා දිය හැකි අපේක්ෂක ප්‍රතිශතය, සිරිසේන මහතාට ලබාදිය හැකි තනතුරු වැනි දෑ සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.
කෙසේවෙතත් සන්ධානයේ නව සලකුණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිවී නැති අතර ශ්‍රීලනිපය පෙන්වා දී ඇත්තේ පොදු ලකුණක් යටතේ තරග කළ යුතු බවකි.