බදුල්ලේ හා මාතර කළාක් මෙන් අම්පාරේද සජිත් වෙනුවෙන් රැස්වීම් පැවැත්වීමට කිසිවකු හෝ කටයුතු කරන්නේ නම් ඔවුන්ට අම්පාරේදී කොසු පහර දී එළවා දමන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (30) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාපයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදීය.
එවැන්නක් කිීමට තමන්ට තවමත් හයිය පවතින බව මෙහිදී රනිල් ඇතුළු කණ්ඩායමේ මුහුණටම කියා සිටි දයා ගමගේ මහතා මේ බව තමන් කල්තියාම පක්ෂයට දැනුම් දී සිටින බවද සදහන් කර සිටියේය.
එසේම එවැනි තත්ත්වයක් ඇති නොකරන ලෙස තමන් සජිත් පිලෙන් ඉල්ලා සිටින බවද හෙතෙම අවධාරණය කර සිටියේය.
මෙම සාකච්ජාවට සජිත් පිල නියෝජනය කරමින් මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන මහත්වරු එක්ව සිටියහ.