ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමාණය සහ එමගින් ඉදිරිපත් කරන භාණ්ඩ පරාසය දිනෙන් දිනම වර්ධනය වීම හමුවේ මෙරට ඊ-වාණිජ්‍යය කටයුතු සඳහා පහසුකම් සැපයීමේ දැවැන්තයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ සැකසූ මස් නිෂ්පාදන අලෙවිකරන ප්‍රමුඛතම සමාගමක අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සපයන්නා ලෙස තෝරාගෙන තිබේ.
Keells Krest සහ Elephant House සන්නාමවල නිශ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා පිහිටුවා ඇතිි Meat House’ ’ සමාගම කොමර්ෂල් බැංකුවේ නවතම අන්තර්ජාල ගෙවීම් ද්වාර සේවා ගැනුම්කරුවා බවට පත්වී ඇත. මෙම සමාගම කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. (KFPL) සමාගම පූර්ණ අනුබද්ධ ව්‍යාපාරයකි. මෙම නවතම ඒකාබද්ධවීම සමග ගනුදෙනුකරුවන්ට මෙම සමාගමෙන් අන්තර්ජාලය ඔස්සේ නැවුම් සහ සැකසූ මස් නිෂ්පාදන මිලදීගැනීමේ අවස්ථාව උදාවී තිබේ. මෙහිදී, ඇනවුම් කරන සියලුම නිෂ්පාදන කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමේ කර්මාන්ත ශාලාවේ සිටම අමතර පිරිවැයකින් තොරව නැවුම්ව සහ ආරක්ෂාකාරීව මෙන්ම කරදරයකින් තොරව සියලුම ගැනුම්කරුවන් වෙතට පැමිණ භාරදෙනු ලබයි.
මෙම සේවාව මගින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් අනුමත කරන අතර වීසා, මාස්ටර්කාඞ් සහ යුනියන්පේ සන්නාමවලින් යුතු කාඞ්පත් මගින් සිදුකරන සෘජු ගෙවීම්ද සකසමින් කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. ගනුදෙනුකරුවන්ට නැවුම් මස් වර්ග, සොසේජස්, මීට්බෝල්ස් සහ අනෙකුත් ආහාර වර්ග නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීමේ අවස්ථාව ලබාදෙයි.











