‘කොවිඞ්-19’ ව්‍යසනයත් සමඟ අකර්මණ්‍ය වූ ව්‍යාපාර, නිෂ්පාදන හා කෘෂිකර්මය නැවැත පණගන්වමින් ශ්‍රී ලංකා රජයේ නව දැක්ම හා අනුගත වෙමින් ලංකා බැංකුව ආකර්ෂණීය සහ අවම පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාදීමේ පියවර සාර්ථකව දියත් කර ඇත.
මේ යටතේ කෘෂිකාර්මික හා ආශ්‍රිත කර්මාන්ත සහ අඩු ආදායම්ලාභීන් සඳහා වූ පරිභෝජන ණය කෙරෙහි විශේෂ අවධානය යොමු කරලීම මෙමඟින් අරමුණු කෙරේ.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙන්ම කෘෂිකාර්මික අංශයේ දැවැන්ත පිබිදීමක් අපේක්‍ෂා කරමින් රජය ඒ සඳහා බැංකුවල දායකත්වය අපේක්‍ෂා කර සිටි අවධියේදී රාජ්‍ය බැංකුවක් ලෙස එම කර්තව්‍යයට සක්‍රියව දායකත්වය දැක්වීම සඳහා ලංකා බැංකුව මෙම පියවරයන් රැගෙන ඇත.
අතීතයේ සිටම කෘෂිකාර්මික මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයෙහිලා විශේෂ කාර්යභාරයක් ඉටුකරන ලංකා බැංකුව මෙම තීරණාත්මක මොහොතේදී ‘කොවිඞ්-19’ හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් ලබා දීමත්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් සැපයීමක් මගින් විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී.











