ශ්‍රී ලංකාවේ පිට්සා හට් අවන්හල් ජාලයේ මේ වන විට වරලත් එකම සමාගම වන්නේ ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගමයි. දශක දෙකහමාරකටත් අධික කාලයක් මුළුල්ලේ තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය තහවුරු කළ පිට්සා හට් ආයතනය, සෑම මොහොතකම උසස් මට්ටමේ සේවාවක් සැපයීමට ඇප කැපවී සිටින ආයතනයක් වෙයි. පසුගිය මාස කිහිපයක කාලය තුළ මුළු රටටම මුහුණ දීමට සිදුවූ වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික බහුතර ජනතාව තම පරිභෝජනයට අවශ්‍ය බෝග වර්ග හැකිතාක් තම ගෙවත්තේම වගාකර ගැනීමට උත්සුක විය. රටේ පිළිගත් ආයතනයක් ලෙස එම ධනාත්මක චින්තන හැරවුමට සහාය පළ කරමින් සමාජ ආයතනික මෙහෙවරකට දායක වීමට ඔවුන් තීරණය කළේය. ඒ අනුව 2020 ජුනි මස 03 වැනිදා සිට ‘අස්වැද්දුම’ නමින් නොමිලේ එළවළු බීජ ලබා දීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කරන ලද්දේය. ශ්‍රී ලාංකීය ජනතාව ගෙවතු වගාවන් සඳහා දිරිමත් කිරීම තුළින් ස්වයංපෝෂිත මවුබිමක් නිර්මාණය කිරීම මෙහි මූලික පරමාර්ථයයි.
මෙම ව්‍යාපෘතිය හරහා නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ගෙවතු වගාවන් ව්‍යාප්ත කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් සිදුකෙරේ. සමෘද්ධිමත් රටක් කරා ළඟා වීමේ ඉලක්කය ප්‍රමුඛ කරගත් ශ්‍රී ලාංකීය දැක්ම, ඔබ වෙත ගෙන ඒමේ අරමුණින්, නොමිලේ එළවළු බීජ බෙදාහැරීම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. පිට්සා හට් ක්‍ෂණික ඇමැතුම් අංක 0112 729729 හෝ www.pizzahut.lk ඔස්සේ පාරිභෝගිකයන් ඇණවුම් කළ ආහාර, ඩිලිවරි කිරීමේදී පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත එළවළු බීජ පැකැට්ටුවක්ද නොමිලේ ලබාදෙනු ඇත. මෙම වැඩසටහන සීමිත කාලයකට පමණක් ක්‍රියාත්මක වෙයි.











