පරිපූර්ණ වානිජ බැංකු සේවාවක නිරත DFCC බැංකුව, සිය ගනුදෙනු කරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ක්ෂණිකව සම්පූර්ණ කරදීමේ අරමුණින් DFCC රන්වරම’ උකස් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙම සේවාව යටතේ කැරට් 18 සිට 24 දක්වා වන රන් හෝ ස්වර්ණාභරණ උකස් තැබීමේ හැකියාව ලබාදී ඇති අතර, මෙහිදී නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ භාවිතයෙන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ කාර්යය සිදුවේ. එහිදී ඔබගේ භාණ්ඩයේ තක්සේරු වටිනාකමට සාපේක්ෂව ආකර්ෂණීය පොලී අනුපාත යටතේ මාස 12ක ගෙවීම් කාලයකට යටත්ව උපරිම අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ අවස්ථාව ද උදාවේ.
මෙම සේවාව යටතේ කැරට් 24 රන් භාණ්ඩ සඳහා රු. 56,000ක සහ කැරට් 22 රන් භාණ්ඩ සඳහා රු. 50,000ක උපරිම අත්තිකාරම් මුදලක් ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති අතර, එය වාර්ෂික පොලී අනුපාතය 12%ක වැනි තරඟකාරී පොලී අනුපාතයක් යටතේ ලබාගැනීමට හැකිවීමද සුවිශේෂී කරුණකි. මෙයට අමතරව ඔබේ රත්තරන්වලට සහතික කළ ආරක්ෂාවක් සහ එහි රහස්‍යභාවය සුරැකීම, ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක බේරාගැනීමේ පහසුව වෙනුවෙන්ම සකස්කළ නමශ්‍යශීලී ගෙවීම් ක්‍රමවේදයන්ගෙන් යුතුවීම, පූර්ව දැනුම්දීමකින් තොරව උකස් භාණ්ඩ බේරාගැනීමේ හැකියාව, සතිඅන්ත බැංකු පහසුකම්, සතියේ දිනවල දීර්ඝ කරනු ලැබූ බැංකු සේවා කාලසීමාව වැනි සුවිශේෂී අංගයන් රැසක් මෙම සේවාව ඔස්සේ සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට DFCC බැංකුව ඉදිරිපත්ව ඇත.











