රජයේ සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික Covid-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය.
‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවලද Covid -19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ හා සමාන වැඩසටහන් ක්‍රියාත්මක කරයි.











