• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රුද්‍රාක්ෂ ගැන කවුරුත් නොකියන ඇත්ත

May 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
රුද්‍රාක්ෂ ගැන කවුරුත් නොකියන ඇත්ත
Share on WhatsAppShare on Facebook

රවි ග්‍රහයා අධිපතිකම දරන ඒක් මුඛී රුද්‍රාක්‍ෂය දෙවියන් අතර මහා බලවත් දෙවි කෙනෙක් වන මහා දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ බැල්ම වැටෙන බීජ විශේෂයකි. ඒක් මුඛී රුද්‍රාක්‍ෂයට පමණක් නොව 21 මුඛී දක්වා ඇති සියලුම රුද්‍රාක්‍ෂවලට ශිව දෙවියන්ගේ ආරක්‍ෂාව, බැල්ම ආශීර්වාදය හිමි වෙයි. මෙම රුද්‍රාක්‍ෂ බීජවලට ශබ්ද තරංග උරා ගැනීමේ විශේෂ හැකියාවක් පවතී. ඒ නිසාම එම බීජ නොයෙකුත් මන්ත්‍ර, ස්තෝත්‍ර, පිරිත් මඟින් ජීවම් කර ජනයා පැලඳීම සිදු කරයි. තවද වතුර වීදුරුවක බහා රෑ පහන් වන තුරු තබා එම ජලය පානය කිරීමද දැකිය හැකිය. එසේ කිරීම තුළින් ලෙඩ රෝග, දුරුවීම, කරදර නිවාරණය වීම ආදිය දැකගත හැකිය. ඒ නිසා මෙම රුද්‍රාක්‍ෂ ජන්මීන්ගේ ලග්න අනුව, ජන්ම පත්‍රයේ ප්‍රබල ග්‍රහයන් මෙන්ම දුබල ග්‍රහයන් අනුව ජන්ම නැකැත අනුව, දෛව අංකය අනුව ආදී නොයෙකුත් සංසිද්ධීන් පදනම් කරගනිමින් පැලඳීම සිදුකරයි. ඒක් මුඛී රුද්‍රාක්‍ෂය යනු එක මුහුණතක් සහිත රුද්‍රාක්‍ෂ බීජයයි. මෙයට ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන රවිගේ බලය හිමි බැවින් ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා දුබල වී එනම් රවි භංග නොවන නීචයක සිට හෝ සතුරු හෝ සතුරු මුඪ වී සිට රවිගෙන් ඇති වන අපලකාරී තත්ත්ව මගහැරීමට ස්තෝත්‍ර මඟින් ජීවම් කළ ඒක් මුඛී රුද්‍රාක්‍ෂයට හැකිය. එමෙන්ම ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා උච්ච, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර මෙන්ම රවි සුබ දෘෂ්ටි ලැබී බලවත් නම් එම ජන්මියා ඒක් මුඛී රුද්‍රාක්‍ෂයක් පැලඳීම තුළින් රවිගෙන් උදාවන සුබ ඵල තීව්‍ර වෙයි. එමෙන්ම එම සුබඵල පලදීමද ඉක්මන් වෙයි.

එමෙන්ම ජන්ම පත්‍රයේ රවි දුර්වල වූ විට මෙන්ම විවිධ හේතූන් මත අක්‍ෂි රෝග, හමේ රෝග, මුත්‍රාශය ආශ්‍රිත රෝග, ශරීරයේ ඇති වන ලේ සම්බන්ධ රෝග ආදිය සමනය වීමට ස්තෝත්‍ර හෝ පිරිත් මඟින් ජීවම් කළ ඒක් මුඛී රුද්‍රාක්‍ෂයක් පැලඳීම බොහෝ වටී.

කැති නැකැත, උත්‍රපල් නැකැත හා උත්‍රසල නැකැත රවි ග්‍රහයාට අයිති නැකැත් තුන වෙයි. මෙම නැකැත් හිමියන්ද ඒක් මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම තුළින්ද බොහෝ වාසි ගෙන දෙනු ඇත. එමෙන්ම ජන්ම පත්‍රයේ සිටින ග්‍රහයන් වැඩි දෙනෙක් රවිගේ නැකැතක් වේ නම් ඒක් මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම තුළින් එම ග්‍රහයන්ද බලවත් වීම සිදුවෙයි. යම් හෙයකින් රවිගේ නැකැතක සිටින ග්‍රහයකුගෙන් අසුබ ඵලයක් ගෙන දේ නම් එයද ඒක් මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම තුළින් සමනය වනු දැකගත හැකිය.

උපන් දිනය, උපන් මාසය හා උපන් වර්ෂය එකිනෙක එකතු කර තනි අංකයක් ලෙස ගන්නා ජය අංකය හෙවත් ජන්ම අංකය 1 වන ජන්මීන්ටද රවි ග්‍රහයා අධිපතීත්වය දරන සිංහ ලග්න හිමියන්ටද ස්තෝත්‍ර හෝ පිරිත් මඟින් ජීවම් කළ ඒක් මුඛී රුද්‍රාක්‍ෂයක් ගෙලට හෝ මැණික් කටුවට හෝ බාහුවට පැලඳීම ඉතා යහපත් වෙයි. ඒක් මුඛී රුද්‍රාක්‍ෂ 3ක් මෙම ස්ථාන තුනටම පැලඳීමද ඉතා සුබ ඵල ලැබිය හැකි කරුණකි. ඇතැමුන් මෙම ස්ථාන තුනට අමතරව හිස මත පැලඳීමද දැකිය හැකිය. එයද වරදක් නැත.

මුහුණත් දෙකක් සහිත රුද්‍රාක්‍ෂ බීජය ද්වි මුඛී රුද්‍රාක්‍ෂය වෙයි. මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය සඳු ග්‍රහයාගේ බලය හිමිකර ගනී. එනම් මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂයට සඳු ග්‍රහයා අධිපතිත්වය දරයි. විෂ්ණු දෙවියන් හා ලක්‍ෂ්මී දෙවඟනගේ ආරක්‍ෂාව හා ආශීර්වාදය හිමි මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය හෘද රෝග ඇත්තන්ට, සෙම් රෝග ඇත්තන්ට මතක ශක්තිය දුර්වල අයට, විවාහ නොමැති අයට, විවාහ ජීවිතයේ ආරවුල් ඇති අයට දරු සම්පත් ප්‍රමාද අයට පැලඳීම ඉතා වටී. ඉහත සඳහන් ප්‍රශ්න හා ගැටලු සියල්ල සමනය කිරීමේ විශේෂ හැකියාවක් ද්වි මුඛී රුද්‍රාක්‍ෂයට ඇත.

එමෙන්ම මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය ව්‍යාපාරවල නියැළෙන අයට පැලඳීම ඉතා වටී. මන්ද ඔවුන් ගනුදෙනු කිරීමේදී ගැනුම්කරුවන් අතර, සුහදත්වය වැඩි වන බැවිනි. ඒ නිසාම ද්වි මුඛී රුද්‍රාක්‍ෂ පලඳින ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වීම දැකිය හැකිය. එමෙන්ම මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය භාවනා යෝගීව, සිටින්නන් මෙන්ම ධර්මානුකූලව ජීවත් වන්නන් පැලඳීම තුළින් ඔවුන්ගේ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගැනීමට මහඟු පිටිවහලක් වනු ඇත.

එමෙන්ම ජන්ම පත්‍රයේ සඳු ග්‍රහයා උච්ච, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර බලයෙන් සිටී නම් ද්වි මුඛී රුද්‍රාක්‍ෂය ජීවම් කර පැලඳීම තුළින් ග්‍රහයා බලවත් වීමෙන් ලැබෙන්නා වූ සුබඵල තීව්‍ර වනු ඇත. එමෙන්ම සුබ ඵල ලැබෙන කාල සීමාවද ඉක්මන් වනු ඇත. සුබ මෙන්ම අසුබ බලයෙන් සිටින සඳු ග්‍රහයා එනම් ජන්ම පත්‍රය තුළ සම්මුඛ හෝ භංග නොවන නීචයක සිටින විට අදාළ ජන්මියාට අසුබ නරක ප්‍රතිඵල දීම නිතැතින් සිදු කරන අතර එවන් ජන්මීන් ද්වි මුඛී රුද්‍රාක්‍ෂයක් පැලඳීම තුළින් එම නරක ප්‍රතිඵල අවම කරගැනීමට පහසු වනු ඇත. එමෙන්ම රෙහෙන, හත, සුවන යන සඳු ග්‍රහයා අධිපතීත්වය දරන නැකැත් හිමියන්ටද මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීමෙන් බොහෝ වාසි මෙන්ම බොහෝ ජය අත්පත්කර ගතහැකිය. එමෙන්ම රෙහෙන, හත, සුවන යන නැකැත්වල සිටින ග්‍රහයන් දුබල වීමෙන් ඇති වන හානිදායක ප්‍රතිඵල අවම කරයි. එමෙන්ම එම නැකැත්වල සිටින ග්‍රහයන්ගේ රාශිගත බලය ප්‍රබල නම් එම සුබඵල තව තවත් තීව්‍ර වනු දැකිය හැකිය.

ජන්ම අංකය, ජය අංකය හෙවත් වාසනා අංකය 2 වන ජන්මීන්ට ද්වි මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම බොහෝ සුබය. ජීවිතයට වාසනාව, ජය, මානසික සතුට නිතැතින් හිමි වෙයි. සඳු ග්‍රහයා අධිපතිත්වය දරන කටක ලග්න හිමියන්ටද මෙම ද්වි මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම ඉතා යහපත් බව පුරාණ පොත පතේ සඳහන් වෙයි.

ශිව දෙවිඳුන් ලොවට දයාද කළ රුද්‍රාක්‍ෂ බීජය මැණික් මෙන් නොව ජන්ම පත්‍රයේ ග්‍රහයා ප්‍රබල වුවද, දුබල වුවද පැලඳිය හැකිය. ස්තෝත්‍ර මඟින් ජීවම් කළ රුද්‍රාක්‍ෂ පැලඳූ විට එම රුද්‍රාක්‍ෂයේ බලය බිඳ නොගෙන සිටිය යුතුයි. ඒ සඳහා මළ ගෙවල්වල යෑම, කොටහළු ගෙවල්වල යෑම, රෝහල්වල යෑම ආදිය නොකළ යුතුයි. එසේ යන්නේ නම් රුද්‍රාක්‍ෂය ගලවා තබා යා යුතුය. පැමිණ දිය නා පිරිසුදු වී දෙහි හිස හා ඇඟ ගා නැවත පැලඳිය යුතුයි. එමෙන්ම නිර්මාංශ වීමද ඉතා වටී. මස්, මාළු කෑවද හරක් මස්, ඌරු මස් කිසිවිට නොකෑ යුතුය. මෙලෙස කිලි අහුවීමට නොදී රැක ගන්නා රුද්‍රාක්‍ෂය ඉතා බලසම්පන්න වනවා ඇත.
ජ්‍යොතිෂවේදීනි මංජුල පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්

Next Post

මෝඩි හදිසියේම ගෝඨාට කතා කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.