• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ශීර්ෂ රේඛාව කැඩිලද එහෙනම් මාරක අනතුරක්

August 22, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
ශීර්ෂ රේඛාව කැඩිලද එහෙනම් මාරක අනතුරක්
Share on WhatsAppShare on Facebook

අත්ලේ පිහිටන ප්‍රධාන රේඛා හය අතුරින් ප්‍රධානකොට සලකන ජීවන රේඛාව පිළිබඳ පසුගිය කේන්දරේ තුළින් විස්තර කළා ඔබට මතක ඇති. අදත් එවැනිම රේඛාවක් පිළිබඳවයි මේ විස්තර කරන්නේ. එය තමයි ශීර්ෂ රේඛාව. සමහරු මෙම රේඛාවට මානසික රේඛාව සහ චිත්ත රේඛා ලෙසද හඳුන්වති. ශීර්ෂය කියන්නේ හිසට. එසේ නම් ශීර්ෂ රේඛාව කියන්නේ හිසට සම්බන්ධ රේඛාවක් බව ඔබට පැහැදිලි වෙන්න ඕනෙ. පුද්ගලයාගේ මානසික තත්ත්වය මෙන්ම පුද්ගලයාගේ ඥානය, රෝගපීඩා සහ විශේෂයන් මොළයේ ඇතිවන ආබාධද මෙම රේඛාවේ පිහිටීම තුළින් නිශ්චය කළ හැකිවේ.

ශීර්ෂ රේඛාව පටන්ගන්නේ ජීවන රේඛාව පටන්ගන්නා ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපටැඟිල්ලටත්, දබරැඟිල්ලටත් අතර ඇති ප්‍රදේශයෙන්. කුජ තලාව (අතටිලේ මැද) හරහා විහිද යන ශීර්ෂ රේඛාව බොහෝ විට චන්ද්‍ර මණ්ඩලය දෙසට නැඹුරු වෙමින් තම ගමන්මඟ අවසන් කරයි. රූප සටහනින් ඔබට එය පැහැදිලි වනු ඇත. ශීර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදීයන අතර ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත්, මැණික් කටුව දෙසට විහිද යන පහළ කොටස භෞතික කොටස යනුවෙනුත් හඳුන්වයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැකගත හැකි වන අතර කෙනකුගේ ශාරීරික ක්‍රියාකාරීත්වය, ආයුෂ, සමාජීය බලපෑම්, ධනය වැනි කරුණු භෞතික කොටසින් දැනගත හැකිය.

බාධක රේඛාවලින් නොකැපී, ඍජුව, ගැඹුරුව දික්ව පිහිටි ශිර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්තියක් ඇති කෙනකු හඳුන්වා දෙයි. නොසපුබට උත්සාහයන්, අප්‍රතිහත ධෛර්යයත් උපතින්ම පිහිටවන එවන් අත්ල හිමියෝ මනා ශිල්ප ශාස්ත්‍ර අවබෝධය ඇතිකරගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපායන මාර්ග දියුණු කරගනිති. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම්, බිඳීම්, දූපත්, දම්වැල් ආකාර සලකුණු කතිර, කුරුස වැනි සලකුණු ඇත්නම් එමඟින් පෙන්නුම් කරන්නේ මොළයට සම්බන්ධව ආබාධ ඇති බවකි. හිසරදය. පීනස, නාසයේ හා කනේ ලෙඩ රෝග වැලඳීමටත් එම පිහිටීම් හේතුවනු ඇත. මෙම ලකුණු අත් දෙකේම ශීර්ෂ රේඛාවල එක සමානව පිහිටියේ නම් එම කරුණු ස්ථීර ලෙසම සිදුවෙයි. ශීර්ෂ රේඛාව හා ජීවන රේඛාව ඉතාමත් ළඟින් පටන්ගැනීම මොළයේ උණ වැනි අසනීප සෑදීමට හේතුවෙයි. හෘදය රේඛාව හා ශීර්ෂ රේඛාව අතර පරතරය ඈත්වූ විට ඇදුම රෝගය හා සෙම් රෝග වැළඳීමේ ප්‍රවණතාවක් ඇත. මෙම රේඛා දෙක අතර වඩාත්ම පුළුල් පරතරයක් පිහිටියේ නම් හෙතෙම අතෘප්තිකර හැඟීම්වලින් යුත් අහංකාර ගතිගුණ ඇත්තෙක් වෙයි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් අවසන් වීම තීක්ෂණ මනසක් ඇති බව ප්‍රකට කරයි. ශීර්ෂ රේඛාව ඇදවෙමින් විහිද ගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්තියක් ඇති බව පෙන්නුම් කරයි. එම රේඛාව ඍජුව විහිද යෑම ස්ථිර අදහස් ඇති අයකු බව හෙළිකරයි. තම මතයටම අනුව ක්‍රියාකිරීම එම අයගේ ලක්ෂණයකි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලය දෙසට විහිද යෑමත්, සෙනසුරු ඇඟිල්ල (මැදඟිල්ල) මැද තාරකා ලකුණක් ඇතිවීමත් උමතු බව ඇතිවීමට හේතුවේ. මෙය අත්ල දෙකේම එක ලෙසටම පිහිටියේ නම් එම කරුණු ස්ථිර ලෙසම සිදුවිය හැකිය.

ශීර්ෂ රේඛා දෙකක් ඇති අතක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාගේ අත් එවැන් දුර්ලභ පිහිටීමක් තිබුණු බව පතපොතේ සඳහන්ය. අසහාය බුද්ධි බලයේත්, අවිහිංසකභාවයේත් සංකේතයක් වශයෙනුයි එය විග්‍රහ කළ හැක්කේ. ශිර්ෂ රේඛාවෙන් මතුවෙන රේඛාවක් ගුරු මණ්ඩලය දෙසට (දබරැඟිල්ලේ මුල) විහිද යෑම ඉතාම වාසනාවන්ත පිහිටීමක්. උසස් අධ්‍යාපනයක් ලැබීම මෙන්ම රජයේ ඉහළ තනතුරු ලැබීමටත් එය හේතුවෙයි. ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කීපයකට බෙදී යෑමද ඒ වගේම සුබය. උපතින්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන්ද ඔවුන් තුළින් දැකිය හැකිය. ජීවන රේඛාවට දුරස්ව නැතිනම් ගුරු මණ්ඩලයෙන් කොතෙකුත් ශීර්ෂ රේඛාව ආරම්භ වූයේ නම් හෙතෙම කඩිසර නිර්භීත එමෙන්ම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නකුද වෙයි. මොවුහු ත්‍යාගශීලී, කාර්යශූර වගේම නායකත්වයටද සුදුස්සෝ වෙති. ජීවන රේඛාවෙන් ඈත්වන ප්‍රමාණය අනුව මෙම ගතිලක්ෂණ දැඩිව පෙන්නුම් කරයි.

යම් අයකුගේ ශීර්ෂ රේඛාව අත් දෙකේම කැඩී ඇත්නම් හෙතෙම මරණයට ළංව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් කැඩී තිබේ නම් හිසේ ආබාධයක් හෝ ඇති අයකු විය හැකිය. ශීර්ෂ රේඛාව මත හතරැස් කොටු සලකුණක් වැටී ඇත්නම් හදිසි අනතුරකට මුහුණපෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්ෂා වෙයි. යමකුගේ අත්ලේ ශීර්ෂ රේඛා දෙකක් පිහිටියේ නම් ඔහු හෝ ඇය දෙයාකාරයක සිත් ඇත්තකු වෙයි. එක් අවස්ථාවක නපුරු කෙනෙක් ලෙසද, තවත් විටෙක කාරුණික අයෙක් වශයෙන්ද පෙන්නුම් කරයි. මෙයින් ශක්තිමත් රේඛාවේ බලය වැඩිය. මෙසේ තිබෙන අයෙක් සම්පූර්ණයෙන් වෙනස් වෘත්තීන් දෙකක යෙදී සිටිය හැකිය. මෙයද බහු දක්ෂතාවන් පෙන්නුම් කිරීමකි. කුමන වෘත්තියක් තෝරාගනු ලැබුවද ඔවුනට අන් අයගේද සහයෝගයෙන් ජයග්‍රහණය කරා යා හැකිය.
හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
0716212020

SendShareShare
Previous Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ?

Next Post

අනුෂාගේ විවාහය වළක්වපු ජ්‍යොතිෂයේ ඇත්ත

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.