මේ දිනවල ලෝකයේම අවධානය කොරෝනා වෛරසය සම්බන්ධව කාරණාවලට කොටුවෙලා තියෙන්නේ. විවිධ රටවල් මේ සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ අත්හදාබැලීම් අතිවිශාලයි. ඒ වගේම කොරෝනා සම්බන්ධව දක්වන අදහස් උදහස්ද විවිධාකාරයි. ඇතැම් විට වසරක් දෙකක් මිනිසාට කොරෝනා සමඟ ජීවත් වීමට සිදුවනු ඇති බවටත්, විවිධ මත පළකෙරෙමින් පවතිනවා. මේ තත්ත්වය ශ්‍රී ලාංකික අපටත් පොදුයි. අපටද කොරෝනා සමඟ කාලයක් ජීවත්වීමට සිදුවනු ඇති බවට මේ වන විට හඳුනාගෙන ඇති තත්ත්වයෙන් පැහැදිලි වෙයි.
ලෝකයට මෙවැනි රෝග තත්ත්වයන් කෙලෙස බලපෑවද දිගු ඉතිහාසයක් මෙන්ම ගුප්ත සහ දේශීය වෛද්‍ය විද්‍යාවක් ඇති හෙළයන්ට සිය අතීත මුතුන් මිත්තන් මෙවැනි වසංගත අවස්ථාවන්හි කළ කී දෑ අනුව කටයුතු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල අත්විඳීමට අවස්ථාව උදාවනු ඇත. රාවණ පරපුරෙන් පැවැත එන ගුප්ත විද්‍යාවෙන් උරුම වූ මහා බලගතු මන්ත්‍ර භාවිතා කොට ඕනෑම වසංගත රෝගයකින් බේරී සිටින්නට හැකි බවද රහසක් නොවේ.
අතීතයේදී සරම්ප, පැපොල වැනි රෝග පැතිර යන අවස්ථාවන්හි හෙළයන් එයින් ආරක්ෂා වීමට කළේ පෙරුම්කායම් ස්වල්පයක් ගෙන එය ගුළියක් සාදා සුදු රෙදි කඩක ඔතා වමතේ උරහිසට ආසන්නයෙන් එනම් සිය නාසයට එහි පෙරුම්කායම් සුවඳ දැනෙන අයුරින් ගැටගැසීමයි. එය කළ යුත්තේ මේ ආකාරයටයි.
කිළිකුණුවලින් වැළකී හොඳින් පිරිසුදු වී, පිරිසුදු සුදු රෙදි පටියක් පීරිසියක් මත තබා ඒ මත පෙරුම්කායම් ගුළිය තබන්න. ඉන්පසු පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන ආරක්ෂාව අවශ්‍ය අයගේ අතෙහි ගැටගසන්න. මෙය විශාල පිරිසකට කරනවා නම් ඒ සියල්ල එකට පීරිසිය මත තබා මන්ත්‍රය මතුරාගත හැකිය.
මන්ත්‍රය
ඕං ජීවක ශසත්‍ය විද්‍යාභවේ
බුදෙධා භගවතාය ධාතු ධරණේ
ආරක්ෂා බන්ධ ස්වාමි ස්වහා…
ජයශ්‍රී නන්දකුමාර











