ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම ඇඳිරිනීති සීමාවන් පනවා තිබියදී පවා මෝටර් රථවාහන රක්ෂණ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීම් 1,964ක්, රෝහල් ගතවීම් 281ක් සහ රෝහල්වලින් පිටව යාම් 290ක් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. එමෙන්ම රක්ෂණ හිමිකම් මුදල් ඉල්ලීම් 1,400ක්, සෞඛ්‍ය රක්ෂණ හිමිකම් මුදල් ඉල්ලීම් 3,316ක් සහ රථවාහන හා සෞඛ්‍ය රක්ෂණ කාණ්ඩයට අයත් නොවන හිමිකම් මුදල් ඉල්ලීම් 80කට වඩා පියවා ඇත. තවද මේ වන විට රක්ෂණ සැලසුම් 5,000කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීම්, අලුත් කිරීම් හා සංශෝධනය කිරීම් කටයුතු සිදුකර තිබේ. අපගේ 1,200 කට අධික කාර්ය මණ්ඩලය අතරින් 80%ක්ම තම නිවෙස්වල සිටම රාජකාරි කරමින්, අඛණ්ඩව සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත. මෙම අවිනිශ්චිත කාලයේ පවා ගනුදෙනුකරුවන්ට නිශ්චිත රැකවරණයක සැහැල්ලුව ලබාදීම මෙම සියලු උත්සාහයන්හි අරමුණ වී තිබේ.











