කොවිඞ්-19 වසංගතය ලොවපුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන මේ මොහොතේදී අන්තර්ජාලය හරහා තමන් බෙදාගන්නා තොරතුරු මොනවාදැයි පිළිබඳව ජනතාව වෙන කවරදාකටත් වඩා කල්පනාකාරී විය යුතුය. එම නිසා ශෙයාර් අයිකනය ක්ලික් කිරීමට ප්‍රථමයෙන් ඔබේ ෆීඞ් එකට ලැබෙන තොරතුරු සත්‍ය දැයි විමර්ශනය කිරීමේ සරල පියවර 5ක් ෆෙස්බුක් පහතින් හඳුන්වාදී තිබේ.
පියවර 1 : පෝස්ට් එක පරීක්ෂා කරන්න, පියවර 2 : වෙබ් අඩවිය පිළිබඳ විමර්ශනයක් කරන්න, පියවර 3 : අදාළ කතාවට මිනිසුන් දක්වා ඇති අදහස් පිළිබඳ අවධානය යොමු කරන්න, පියවර 4 : අනෙකුත් සිරස්තල සහ සටහන් සමඟ සංසන්දනය කරන්න, පියවර 5 : ගෝලීය සහ දේශීය නිල සෞඛ්‍ය බලධාරීන්ගෙන් පමණක් කොවිඞ්-19 පිළිබඳව අලුත්ම සහ නිල තොරතුරු ලබාගන්න.
පහත සඳහන් වෙබ් අඩවි තුළින් සියලුම නිල සහ නිරවද්‍ය තොරතුර ඔබට ලබාගැනීමේ අවස්ථාව සලසාදී ඇත.
කොවිඞ්-19 සම්බන්ධව ඇති රජයේ නිල වෙබ් අඩවිය :
(https(//www.hpb.health.gov.lk/en) ත්‍රිභාෂා සෞඛ්‍ය ක්ෂණික ඇමතුම් අංකය : 1999 / 071-0107107 අමතා ”සුවසැරිය” සම්බන්ධ කරගන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා කොවිඞ්-19 පිටුව : (https(//www.who.int/srilanka/covid-19).











