සිංහල වෛi ක්‍රමයේ රෝග නීර්ණය උදෙසා වෛiවරයා විසින් ත්‍රිවිධ පරීක්‍ෂා, අෂ්ඨවිධ පරීක්‍ෂා, දසවිධ පරීක්‍සා විධි භාවිත කරනු ලැබේ. ඒ අතරින් අෂ්ඨවිධි පරීක්‍ෂාවේ එන නාඩි පරීක්‍ාව සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නාඩි පරීක්‍ෂාව පිළිබඳ පුරාණ නාඩි පොත, අෂ්ඨ පරීක්‍ෂාව පොත යන ග්‍රන්ථවල යම් කරුණු දැක්මක් සඳහන් වෙයි. මෙම ග්‍රන්ථවල කර්තෘවරුන් පිළිබඳ සටහනක් නැත්තේ එම ග්‍රන්ථ පුස්කොළපොත් බැවින්ය. එමෙන්ම නාඩි තරංගනී නම් ග්‍රන්ථයේද යම් තොරතුරු සඳහන් වෙයි. මරයෝගරත්නාකරය නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් වෙයි.
ආයුර්වේද සිද්ධාන්ත අනුව නාඩියේ මූලස්ථානය හදවත නොව පෙකණියයි. එය ඉදිබු රූපයකට සමානව ධමනි රාශියකින් නිර්මාණය වූවකි. පිරිමින්ගේ මේ ඉදිඹු රූපය ඌර්ථ මුඛවත් (හිස උඩට) ගැහැනුන්ගේ අධෝ මුඛවත් පිහිටයි. ඌර්ධ මුඛව ඉදිඹු රූපයෙන් දිවෙන ප්‍රධාන ධමනිය දකුණු අතටත්, අධෝ මුඛව පිහිටි ඉදිඹු රූපයෙන් දිවෙන ප්‍රධාන ධමනිය වම් අතටත් පිහිටයි. මෙ අනුව පිරිමියාගේ දකුණතත්, ගැහැනියකගේ වමතත් නාඩි පරීක්‍ෂාවට යොදා ගැනෙයි.
පිරිමින් දකුණ අල්ලා
ඇඟිලි හිරි හැර
ගැහැනුන් වම් අතද
ගෙන එම ලෙසට කර
සැකෙවින් ඒ හස්තයෙ වූ
නාඩි කිවි යර
පවසම් ලකුණු කයකට
පැමිණි තොර තුර
වරයෝගරත්නාකරයේ නාඩි විධි චිකිත්සා අධ්‍යායේ නාඩි පරීක්‍ෂාව පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.
මහපට ඇඟිලි මුල සඳ
නවතන තැනට
හරිමින් දැගුලක් අල්ලා
ඉන් මෙපිට
එක්වෙති – දෙවෙනි –
තුන් වෙනි වෙද ඇඟිල්ලට
ක්‍රමයෙන් දැනෙනු වෙයි
දනු වා-පිත් සෙමට
වාත දෝෂ ඇති කළ කූඩැල්ලන්, සර්පයන් ගමනට නාඩි ස්පර්ශ වෙයි. පිත් කෝප ඇති කළ කපුටා, මැඩියා යන සතුන්ගේ ගමනට නාඩි ස්පර්ශ වෙයි. එය සෙම් කෝපයේදී හංස, පරෙවි ගමනට සමානය. මැණික්කටු සන්ධියෙන් දැගුලක් පමණ මෑත්කර අඟල් භාගයක් පමණ පහතට කර දකුණු අතේ දඹරැඟිල්ල, මැදඟිල්ල, වෙදැඟිල්ල තබා දකුණු අත මඳක් තදින් යටට ඔබා නාඩි දැනෙනා පමණට ඇඟිලි ලිහිල් කළ යුතුය.
වරයෝගරත්නාකරයේ දවස, පරිසරය අනුව නාඩිය ක්‍රියාත්මක වන ආකාරය මෙලෙස සඳහන් කර ඇත.
උදයට සෙම් නාඩිය
වැඩිවන්නේ
මැදය දවල් පිත් නාඩිය
වන්නේ
සවසට වා නාඩිය
දැනගන්නේ
රෑටත් මේ ලෙසමයි
පවතින්නේ
රෝග විනිශ්චයේදී පිරිමියකු, ගැහැනියක අත අල්ලන විට ගැහැනිය තමනට වඩා වැඩිමහල් නම් මේ මගේ මෑණියෝය, සම වයසේ නම් මාගේ සහෝදරියක්ය, බාල වයසේ නම් මාගේ දියණියකය යන හැඟීමෙන් සහ ගැහැනියක පිරිමි අතක් අල්ලන විට තමනට වා වැඩිමහල්නම් මාගේ පියාණෝය සම වයසේ නම් මාගේ සහෝදරයාය බාල වයසේ නම් පුත්‍රයාය යන හැඟීමෙන් නාඩි පිරික්සිය යුතුය. එය ආයුර්වේදයේ මූලික සිද්ධාන්තයකි.
කැඩුම්-බිඳුම් වෙදකමේදී නාඩි පිරික්සීමට සමානව වෛiවරයා විසින් විමසුම්කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් ඇත. කැඩුම්-බිඳුම් ආබාධයක් වෙනුවෙන් රෝගියා පැමිණි බව සැබෑවකි. රෝගියාගේ රුධිර පීඩනය සහ රුධිරගත සීනි මට්ටම (දියවැඩියා සොබාවය) විමසුම් කිරීම වැදගත්ය. රුධිර පීඩනය සහ රුධිරගත සීනි මට්ටමේ අඩු-වැඩි වීමක් මත රෝගියා වැටීමෙන් පීඩාවට පත්වී නම් මූලික රෝග සොභාවයට ප්‍රතිකාර පළමුව අවැසි වෙයි.
වීණා වාදකයා දක්‍ෂ ලෙස සියලු රාගයන් වාදනය කරන්නේය. එලෙසින්ම දක්‍ෂ වෛiවරයා නාඩි පරීක්‍ෂාවෙන් සියලු රෝග තත්ත්වයන් වටහාගන්නේය. හෙළ වෙදකම වර්තමානයේද එවන් දක්‍ෂ හෙළ වෙදැදුරන්ගෙන් සුපෝෂිතය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති











