නමක් යනු සෙත් කවියක් බඳුය. එය කියවන වාරයක් පාසා එයින් නාම හිමියාට යහපතක් සිදුවිය යුතුය. ජ්‍යොතිෂයට අනුව එවැනි නමක් තැබීමට මූලික කර ගන්නා එදින පවතින නැකැතට හා දිනයට හිමි අක්ෂර මෙහි සඳහන් වෙයි. අක්ෂර වේද නොවන සේ සුබ ගණයකට අනුව ග්‍රහ ප්‍රබලතාවද සලකා අර්ථාන්විත නමක් දූ පුතුන්ට තැබීමට මාපියන් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා ජ්‍යොතිෂවේදියකුගේ සහාය ලබාගන්න.
2020/03/09 සිට 2020/03/15 දක්වා සතිය තුළ උපත ලබන දූපුතුන්ට නම් තැබීම සඳහා සුදුසු අක්ෂර මෙසේය.
09 වන සඳුදා
මෙදින පෙ.ව. 4.10 දක්වා පවතින මා නැකැතට අනුව ම, මි, මු, මෙ යන අක්ෂරද, ඉන් පසුව ලබන පුවපල් නැකැතට අනුව මො, ට, ටි, ටු යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.20න් පසුව ජ්‍යොතිෂයට අනුව සඳු දිනය ලබන බැවින් දිනට හිමි ය, ර, ල, ව, ශ, ෂ, ස, හ, ළ අක්ෂර ද සුබදායක වේ.
10 වන කුජදා
මෙදින පෙ.ව. 1.09 දක්වා පවතින පුවපල් නැකැතට අනුව මො, ට, ටි, ටු යන අක්ෂරද, පසුව ප.ව. 22.03 දක්වා පවතින උත්‍රපල් නැකැතට අනුව ටෙ, ටො, පු, පි, යන අක්ෂරද ඉන් පසුව ලබන හත නැකැතට අනුව පු, ප, ණු, ඨ යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.20න් පසුව ජ්‍යොතිෂයට අනුව කුජ දිනය ලබන බැවින් දිනට හිමි ක, ඛ, ග, ඝ, ඩ යන අක්ෂර ද සුබදායක වේ.
11 වන බුධදා
මෙදින ප.ව. 19.04 දක්වා පවතින හත නැකැතට අනුව පු, ෂ, ණු, ථ යන අක්ෂරද, ඉන් පසුව ලබන සිත නැකැතට අනුව පෙ, පො, ර, රි යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.19න් පසුව ජ්‍යොතිෂයට අනුව බුධ දිනය ලබන බැවින් දිනට හිමි ට, ඨ, ඩ, ඪ, ණ යන අක්ෂර ද සුබදායක වේ.
12 වන ගුරුදා
මෙදින ප.ව. 16.21 දක්වා පවතින සිත නැකැතට අනුව පෙ, පො, ර, රි යන අක්ෂරද, ඉන් පසුව ලබන සා නැකැතට අනුව රු, රෙ, රො, ත යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.19න් පසුව ජ්‍යොතිෂයට අනුව ගුරු දිනය ලබන බැවින් දිනට හිමි ත, ථ, ද, ධ, න යන අක්ෂර ද සුබදායක වේ.
13 වන කිවිදා
මෙදින ප.ව. 14.02 දක්වා පවතින සා නැකැතට අනුව රු, රෙ, රො, ත යන අක්ෂරද, ඉන් පසුව ලබන විසා නැකැතට අනුව ති, තෙ, තු, තො යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.18න් පසුව ජ්‍යොතිෂයට අනුව කිවි දිනය ලබන බැවින් දිනට හිමි ච, ජ, ඡ, ඤ, ඣ යන අක්ෂර ද සුබදායක වේ.
14 වන ශනිදා
මෙදින ප.ව. 12.26 දක්වා පවතින විසා නැකැතට අනුව ති, තු, තෙ, තො යන අක්ෂරද, ඉන් පසුව ලබන අනුර නැකැතට අනුව ත, ති, නු, නෙ යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.18න් පසුව ජ්‍යොතිෂයට අනුව ශනි දිනය ලබන බැවින් දිනට හිමි ප, ඵ, බ, භ, ම යන අක්ෂර ද සුබදායක වේ.
15 වන රවිදා
මෙදින පෙ.ව. 11.29 දක්වා පවතින අනුර නැකැතට අනුව න, නි, නු, නෙ යන අක්ෂරද, ඉන් පසුව ලබන දෙට නැකැතට අනුව නො, ය, යි, යු යන අක්ෂරද යොදා ගත හැකිය. මෙදින පෙ.ව. 6.17න් පසුව ජ්‍යොතිෂයට අනුව රවි දිනය ලබන බැවින් දිනට හිමි අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ යන අක්ෂර ද සුබදායක වේ.
ජ්‍යොතිෂවේදී ඩී.එම්. සුනේත්‍රා











