• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කඩොලාන ගැන නොදන්න කතාව

March 7, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
කඩොලාන ගැන නොදන්න කතාව
Share on WhatsAppShare on Facebook

මේ දිනවල අපේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ මාතෘකාව වන්නේ කඩොලානයි. ඒ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක නම් වූ යකඩ ගැහැනියට පින්සිදු වෙන්නටය. ඇය සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අතර පසුගියදා ඇති වූ උණුසුම් කතාබහක් නිසාවෙන් එම තත්ත්වය පැන නැඟී තිබේ. කෙසේ හෝ මීගමුවේ වූ කඩොලාන කලාපයක් ඉවත් කිරීමට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක නම් මහත්මිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ විරෝධය පළ කිරීමත් සමඟ අද කඩොලාන පද්ධති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබීම සතුටට කරුණකි. එසේම ඒ සිදුවීම හරහා කඩොලාන වනාන්තරවල වැදගත්කම සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය ජනතාව අතරද ලොකු කතාබහක් ඇතිව තිබෙන අයුරු නිරන්තරයෙන් අපට දැකගත හැකිය. ඉතින් මෙම හේතු නිසාවෙන්ම අපේ අද කතාවද කඩොලාන ගැනය.

මොනවද මේ කඩොලාන…?
සැබෑවටම කඩොලාන යනු අන්තර් උදම් කලාපය තුළ ඵනම් ගොඩබිම සහ ජලය එක්වන මායිම් වෙන ගංගා මෝය සහ කලපු ආශ්‍රිත වඩදියට යටවී බාදියට නිරාවරණය වෙන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාකයකි. මෙම කඩොලාන ඇතැම් ශාක සහ සත්ව විශේෂයන් සඳහා රැකවරණය සැපයෙන නිවහනක් බඳුය. නීරක්ෂීය වෙරළබඩ තීරුවෙන් තුනෙන් දෙකක් පමණ මෙම කඩොලාන ප්‍රජාව විසින් අත් කරගෙන ඇති අතර ලෝකයේ ඇති සියලුම කඩොලාන ප්‍රජාවල විශාලත්වය හෙක්ටෙයාර් මිලියන දෙකකට ආසන්න බව සඳහන් වෙයි. කඩොලාන ගත්කල නිතර නිතරම දර්ශීය ලෙස දක්නට ලැබෙන ශාක “සත්‍ය කඩොලාන ශාක” ලෙස හැඳින්වෙයි. සත්‍ය කඩොලානවලට යාබද වඩාත් ගොඩතර ප්‍රදේශවලද වැඩෙන වෙනත් ශාකද ඇත. ඒවා හැඳින්වෙන්නේ “කඩොලාන ආශ්‍රිත ශාක” ලෙසයි. සත්‍ය කඩොලාන හා කඩොලාන ආශ්‍රිත ශාක “සපුෂ්ප ශාක” වෙන අතර ඵසේ නොවනා වූ යම් ශාක විශේෂයන්ද කඩොලාන පරිසරයක දැකිය හැකිය.

කඩොලාන පරිසරයක් කොයි වගේද?
සාමාන්‍යයෙන් කඩොලාන ආශ්‍රිත ප්‍රදේශ රැසකම පොළොව වඩදිය බාදියට භාජනය වී තිබේ. එම නිසා එවැනි ප්‍රදේශවලින් සමහර ප්‍රදේශ දවසේ එක්තරා වූ කොටසකදී ලවණ ජලයෙන් වැසී ඇත. කඩොලාන බොහෝ විට දක්නට ලැබෙන ගංගා සහ කලපු ආශ්‍රිත ප්‍රදේශවලට මිරිදිය ගලා ඒම නිසා එම ප්‍රදේශවල ඇති ජලයේ ලවණත්වය මුහුදු ජලයේ ලවණත්වය තරම් අධික නැත. කඩොලාන ශාකවල පාංශු ද්‍රාවණයේ වන ආශ්‍රැති පීඩනය සාමාන්‍ය පසේ ඇති පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනයට වඩා වැඩිය. කඩොලාන ආශ්‍රිත පාංශු ද්‍රාවණයේ ආශ්‍රැති පීඩනයද ඡ්‍ය අගයද (අම්ල ගතිය) කලින් කලට වෙනස් වෙයි. එහි පසද නිරන්තරයෙන්ම ජලයෙන් වැසී තිබෙන නිසා පසේ ඔක්සිජන් හිඟයක් ඇති අතර පොළොව ජලයෙන් වැසී නොතිබෙනා කල මෙම පස මොළොක් ස්වභාවයක් ගනියි. බොහෝ විට මේ පස කළු පැහැයෙන් යුක්තය. කාබනික ද්‍රව්‍ය බහුල ලෙස මෙහි දක්නට ලැබෙන අතර නොයෙක් වර්ගයේ කකුළුවන් වාසය කරන ගුල්වලින් සපිරුණු ප්‍රදේශයක් ලෙසද කඩොලාන පරිසරයක් හඳුන්වා දිය හැකිය.

කඩොලානවල වැදගත්කම මොකක්ද?
කඩොලාන පරිසරයක් යනු වැදගත්කමක් ඇති පරිසර පද්ධතියකි. විශේෂයෙන්ම වෙරළ ඛාදනයෙන් එම වෙරළ ආරක්ෂා කිරීමත් කලපු හා ගං මෝයවල සිදුවන සෝදා පාළුව වැළැක්වීමත් ගංගා සහ ඉවුරු සංරක්ෂණයත් වෙරළබඩ ප්‍රදේශවල වැලි කඳු ආදිය නිර්මාණයට ඉඩ සැලැස්වීමත් මසුන් මෙන්ම වෙනත් ජලජ ජීවීන්ගේ ප්‍රජනනයට හා වර්ධනයට වඩා සුදුසු උපස්තරයක් සැකසීමත් ධීවර යාත්‍රාවන් නැවැත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමත් පක්ෂීන්ට සේම මසුන්ට ආහාර සැපයීම හා වාසස්ථානයක් ලෙස සහ ප්‍රජනනයට සුදුසු ලෙස පරිසරය සැකසීමත් ඒ අතරින් ප්‍රමුඛය. එමෙන්ම කඩොලාන දැව කෘමි හානිවලටත් ඔරොත්තු දෙන බැවින් ඉදිකිරීම් සඳහාද යොදාගැනීම කළ හැකිය. ධීවර කර්මාන්තය සඳහාද කඩොලාන පරිසරය වැදගත්ය. මේ අතර ඇතැම් විදෙස් රටවල කඩොලාන ප්‍රජාවේ වැඩෙන ගිංපොල් නම් කඩොලාන ශාකය මද්‍යසාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව කිව යුතුය. ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ මැලේසියාව, ඕස්ටේ්‍රලියාව එම රටවල්ය.

අපේ රටේ කඩොලාන මොනවද?
ශ්‍රී ලංකාවේ කඩොලාන මුලදී අප සඳහන් කරන ලද ආකාරයට සත්‍ය කඩොලාන හා ආශ්‍රිත කඩොලාන විශේෂයන් තුළින් සමන්විතය. ඒ අනුව දැනට ප්‍රධාන වශයෙන් කඩොලාන වර්ග දාහතක් පමණ අප රටෙන් සොයාගෙන ඇත. මේ අතර අප රටේ ඇති කඩොලාන පරිසර භූමි ප්‍රමාණය හෙක්ටයාර දසදහසක් පමණ බව පැවසෙයි. පහළින් අප සඳහන් කරන්නේ එම භූමි ප්‍රමාණය වසා ඇති කඩොලාන විශේෂයි.

(01) කඩොල්/මහා කඩොල්
(02) මල් කඩොල්
(03) පුංකණ්ඩ/රතු ගස්
(04) මට්ටි කඩොල්
(05) කොන්තාලන්
(06) බැරිය
(07) රත මිල්ල
(08) කිරල
(09) කටු ඉකිලි
(10) කැරන් කොකු
(11) තෙල
(12) මණ්ඩ/මඬ ගස්
(13) ගිං පොල්
(14) හීන් කඩොල්
(15) එටුන/හෝ මැදිරිය

කඩොලාන මෙච්චර වැදගත් ඇයි?
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව වෙනත් ශාකවලට වඩා කඩොලාන කෙරෙහි වැඩි අවධානයක් වත්මනේ නොදැක්වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝකයේ වෙනත් රටවල් තම කඩොලාන වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා විශාල අවධානයක් යොමු කොට තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස වැඩසටහන තුළ ක්‍රියාත්මක කඩොලාන සංරක්ෂණ වැඩසටහන් මෙන්ම 2010 වර්ෂය තුළදී ජපානය තුළ එළිදක්වනු ලැබූ ලෝක කඩොලාන සිතියමත් 2017 වර්ෂයේදී ඉන්දුනීසියාවේදී පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළුවත් ඒ සඳහා සමීප නිදසුන් කිහිපයකි.

කඩොලානවල අමතර වාසි තියෙයිද?
මෙම කඩොලාන පරිසරය නිසා ලැබෙන අමතර වාසි රැසක්ම තිබේ. ඒ අතරින් ලොකුම වාසිය වන්නේ භූමිය හෙවත් වෙරළ ආරක්ෂා වීමයි. විශේෂයෙන්ම සුළි සුළං, මුහුදු රළ, සුනාමි වැනි තත්ත්වයන්ගෙන් වෙරළ ඛාදනය අවම වීම කඩොලානවලින් සිදුවෙයි. ඉහතින් පැවසූ ආකාරයට භූමිය හෙවත් වෙරළ ආරක්ෂා වෙයි. ඊළඟ වාසිය වන්නේ ධීවර කර්මාන්තයට පහසුවක් වීමයි. මසුන් වැඩිපුර මෙම කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව ගැවසීම ඊට හේතුවයි. මේ අතර කඩොලාන ප්‍රයෝජනවත් ඖෂධීය ශාකයක් ලෙසද යොදාගනියි. ඒ වාසීන්ට අමතරව සාමාන්‍ය ශාකයන්ට වඩා වැඩිපුර කාබන් ගබඩා කර ගැනීමේ හැකියාව මේ කඩොලාන ශාකයට තිබේ. 2017 වසරේදී ඉන්දුනීසියාවේ පැවති තිරසර කඩොලාන පරිසර පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සමුළු වාර්තාව දක්වන්නේ කඩොලාන හෙක්ටයාර් එකක කාබන් ටොන් 1023ක් ගබඩා වෙන බවයි. එය සාමාන්‍ය ශාකයක කාබන් ගබඩා කිරීමේ හැකියාවට වඩා පස් ගුණයකි.

කඩොලාන විනාශයට හේතු දන්නවද?
ලෝකයේ කඩොලාන පරිසර පද්ධති වර්තමාන කාලයේදී අවසන් ගමන් යමින් තිබේ. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ ඉස්සන් කොටුය. එයින් කඩොලාන පරිසරයන්ට තර්ජන එල්ල වී ඇත. එය නම් අහිතකර තත්ත්වයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වන ගහනයට වඩා කඩොලාන ගහනය සෑහෙන්න අඩුය. එය රටට එතරම් හිතකර දෙයක් නොවේ. මන්ද කඩොලාන යනු රටට වැදගත් ශාක පද්ධතියකි. එම නිසා කඩොලාන සංරක්ෂණය කිරීම කළ යුතුය. මේ අතර ලෝකය පුරා දැඩි තර්ජනයට ලක්ව ඇති වාසස්ථාන අතරින් එකක් ලෙස කඩොලාන වනාන්තර පද්ධති සැලකෙයි. 2010 වසරේදී එළිදක්වන ලද ලෝක කඩොලාන සිතියමට අනුව ලෝකයේ මුළු කඩොලාන වනාන්තර ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,52,362කි. මෙය දැන් තවත් අඩුව ගොස් ඇත. මේ අතර කඩොලාන වනාන්තර සම්පූර්ණ වශයෙන්ම ආරක්ෂා කරන පළමු රට ශ්‍රී ලංකාව බව මීට වසර කීපයකට පෙර සඳහන් විය. එහෙත් වටිනා කියන එම ලේබලයද දැන් අපි විසින්ම ගලවා විසිකර දමා ඇත.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

දන්න සිරිපාදෙට නොදන්න ගමනක්

Next Post

අලුත් බබාට අලුත් නමක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.