• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලියද සජිත්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

March 7, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අලියද සජිත්ද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1947 මහ මැතිවරණයට පෙර ලංකාවේ යූ.ඇන්.පී. කියල පක්‍ෂයක් තිබුණේ නැත. තිබුණේ ලංකා ජාතික සංගමයය. එකල ලංකාවේ ප්‍රබලතම පක්‍ෂය වූයේ ලංකා ජාතික සංගමයය. එහි ඩී. ඇස්. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජේ. ආර්.ලා, ඩඞ්ලිලා හැමෝම සිටියහ. හරි නම් 1947 මහ මැතිවරණයට තරග කොට ලංකාවේ පළමු නිදහස් ආණ්ඩුව පිහිටුවිය යුතුව තිබුණේ ලංකා ජාතික සංගමයය. එහෙත් ලංකා ජාතික සංගමයේ නිර්මාතෘවරයකු වූ කාලයක් එහි සභාපති වූද ඩී. ඇස්. සේනානයකම ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී නව පක්‍ෂයක් ආරම්භ කරන්න තීරණය කළේය. ඔහු ලංකා ජාතික සංගමයේ සම ලේකම්වරයකු වූ පුත් ඩඞ්ලිවත් එයින් ඉවත්කර ගත්තේය. ඒ වෙලාවේ ඩී. ඇස්. හැප්පුණේ ලංකා ජාතික සංගමයේ අනෙක් සම ලේකම් වූ ඔහුගේ පුත් ඩඞ්ලිගේ මිතුරු ජේ. ආර්. සමඟය. ඩී. ඇස්. ලංකා ජාතික සංගමයෙන් ඉවත් වෙමින් ලියන ලද ලිපියේ මෙසේ සඳහන් විය.
‘රාජ්‍ය මන්ත්‍රණ සභාවට සාමාජිකයන් යැවීමේ වගකීම දරන පක්‍ෂයක් හැටියට ජාතික සංගමය තවදුරටත් ක්‍රියාකරනවාද යන ප්‍රශ්නය ගැන තීරණයක් නොමැතිවීම අනුමත නොකරමි. මෙම ක්‍රියාවලියට අනුග්‍රහය දක්වන තාක් කල් සංගමයේ බලය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වී එය මුළු රටම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් නොව එක් කොටසකට පමණක් දේශපාලන බලය ලබා ගැනීමට වැඩ කරන පක්‍ෂයක තත්ත්වයට ඇද වැටෙනු ඇත.’
ඩී. ඇස්. තමාගේම පක්‍ෂය වන් ජාතික සංගමයෙන් ඉවත් වෙන්න තීරණය කළේ එහි තමාටත් තමාගේ මතවාදයටත් තැනක් නැති බව තේරුම්ගෙනය. ඊටත් වඩා සංගමය තුළ තිබූ ගැටුම් විනය විරෝධී ක්‍රියා ඔහුගේ කලකිරීමට හේතු විය.
ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී අලුත් පක්‍ෂයක් හදන්න ඩී. එස්. තීරණය කළ විට සංගමයේ සම ලේකම් ජේ. ආර්. අසරණ විය. මේ ඩී. එස්. ගේ උත්සාහය ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.
‘1946 වසරේ මුල්භාගයේදී ලංකා ජාතික සංගමයේ අනාගතයට අදාළ අප්‍රසන්න තීරණයක් ගැනීමට ජේ. ආර්.ට සිදුවිය. මේ දිනවල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නව ප්‍රබෝධයකට මුලපුරමින්, ජාතියේ එක්සත් භාවය පිළිබිඹුවන මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට සේනානයක අරඅඳිමින් සිටියේය. එවැන්නකින් ප්‍රධාන ජන කොට්ඨාසය ප්‍රමාණවත් පරිදි නියෝජනය විය යුතු අතර, සුළු ජන කොටස්වලටද එය පිළිගත හැකි පක්‍ෂයක් විය යුතු බව ඔහු විශ්වාස කළේය. ලංකා ජාතික සංගමයට ඒ අවශ්‍යතාව සපුරාලිය නොහැකිද? සේනානායකට ඒ ගැන එතරම් විශ්වාසයක් තිබුණේ නැත. සුළු ජාතීන්ගේ සහයෝගය ඊට නොලැබෙන නිසාත්, අනාගතයේදී හෝ ඔවුන්ගේ විශ්වාසය දිනාගත හැකිවෙතැයි සිතිය නොහැකි නිසාත් එම විකල්පය පැහැර කිරීමට ඔහු තීරණය කළේය. ජේ. ආර්. ප්‍රමුඛ ජාතික සංගම් තරුණ රැල්ල, ප්‍රබල වෑයමක් දරා, බොහෝ වෙහෙස මහන්සි වී, එම සංවිධානය ප්‍රවර්ධනය කළ නමුත්, බොහෝ සාමාජිකයන්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි සියලුම ලංකා ජාතික සංගමිකයන්, මැතිවරණය අතළඟ තිබියදී ‘එක්සත් ජාතික පක්‍ෂය’ නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීමට ඩී. එස්. සේනානායක කළ ඇරැයුම පිළිගැනීම නිසා ජාතික සංගමය අසරණ විය. එම අවස්ථාවේදී ඉතාම දුෂ්කර තිරණයක් ගැනීමට ජේ. ආර්.ට සිදුවිය. අනෙකුත් සාමාජිකයන් අනුව යමින් එක්සත් ජාතික පක්‍ෂයට එක්වනවා හැර ඔහුට වෙනත් විකල්පයක් නොවීය. ඒ. ආර්. ඒ. රාසික් සමඟ නව පක්‍ෂයේ සම භාණ්ඩාගාරික පදවියකට ඔහු තේරී පත්විය.
ඩී. එස්. සේනානායකට එවකට රටේ තිබූ සැලකිල්ලත්, කිත්යසසත් නිසා සිංහල ජනතාව එක්සත් ජාතික පක්‍ෂය වටා රොක්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද, නව පක්‍ෂයට වැඩි අනුභාවයක් ආරූඪ වූයේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සහ ඔහුගේ සිංහල මහා සභාවේ සහභාගිත්වය නිසයි. කුඩා ආගමික සංචිතයක් වුවද ක්‍රිස්තියානි ආගමිකයන්ගේ සහයෝගයද, එක්සත් ජාතික පක්‍ෂයට ලැබිණි. දේශපාලන කටයුතුවලදී නිතරම ද්‍රවිඩ නායකත්වය අනුගමනය කළ මුස්ලිම් (ඉස්ලාම්) ආගමිකයෝද එම ප්‍රවණතාවය බිඳගෙන එක්සත් ජාතික පක්‍ෂය වැලඳ ගත්තේය.
ඩී. එස්.ගේ උත්සාහය සාර්ථක විය. යූ.ඇන්.පී.ය ලංකාවේ ප්‍රධානතම පක්‍ෂය බවට පත්වී 1947 මහ මැතිවරණය ජයග්‍රහණය කළේය. ටික කලකට පසු ලංකා ජාතික සංගමය ලංකාවේ දේශපාලනයෙන් අතුරුදන් විය.
‘ඩී. එස්. ලංකා ජාතික සංගමයට කළ වැඬේ සජිත් ප්‍රේමදාස යූ.ඇන්.පී.යට කරයිද..?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ලංකාවේ දේශපාලන ඉතිහාස කතාවේ ප්‍රධාන චරිත රඟදක්වන්නේ පක්‍ෂ නොව නායකයන්ය. 1919 බිහි කළ ලංකා ජාතික සංගමය 1948 නිදහස ලබන විට ලංකා දේශපාලනයෙන් අතුරුදන් කරන්නේ ඩී. එස්. සේනානායකවය. ඩී. එස්.ට ලංකා ජාතික සංගමය එපා වූවා සේ බණ්ඩාරනායකට යූ.ඇන්.පී.ය එපා වන්නේ 1951දීය. ඒ යූ.ඇන්.පී.ය තුළ තමාට සහ තම ප්‍රතිපත්තිවලට තැනක් නැති බව බණ්ඩාරනායක තේරුම් ගත් විටදීය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය සමඟ එක් වන්නේ ඔහු නායකත්වය දෙමින් සිටි සිංහල මහ සභාවත් සමඟය. හැබැයි ඔහුට යූ.ඇන්.පී.යට නොයා සිංහල මහ සභාවෙත් 1947 මහ මැතිවරණය තරග කරන ලෙස ඔහුගේ අනුගාමිකයන් බල කරනු ලැබීය. ශ්‍රීලනිප.ය පිහිටුවීමේ පුරෝගාමියකු වූ ශ්‍රී නිශ්ශංක බණ්ඩාරනායකට මෙසේ කී බව සිරිමාවෝගේ චරිතාපදානයේ සඳහන්ය.
‘බණ්ඩා නුඹ මෝඩයෙක්. ඔබ කවදා හරි යූ.ඇන්.පී.යට එක්වීම ගැන කනගාටු වෙයි. නුඹ හරියට අලියෙක් වගේ නුඹේ තරම නුඹ දන්නේ නැහැ.’
මේ එහි සඳහන් නිශ්ශංකගේ වචනය. 1948 නිදහස ලබා ටික කලකින්ම බණ්ඩාරනායක ශ්‍රී නිශ්ශංක හරි බව තේරුම් ගත්තේය. ඩී. එස්.ගේ සැලසුම ඔහුගෙන් පසු ඔහුගේ පුතා ඩඞ්ලි අගමැති කිරීම බව ඔහු තේරුම් ගත්තේය. 1947 අගමැති ධුරයට පත් වෙන්න ඩී. එස්.ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතර බලය දුන්නේ බණ්ඩාරනායකය. ඒ එක් පොරොන්දුවක් මතය. ඩී. එස්.ගෙන් පසු බණ්ඩාරනායක අගමැති කරන පොරොන්දුව මතය. ඩී. එස්. ඒ පොරොන්දුව කැඩුවේය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය සහ ආණ්ඩුව හැර යා යුතු බව සිංහල මහ සභා නායකයෝ තීරණය කළහ. බණ්ඩාරනායක විපක්‍ෂයට යන විට බණ්ඩාරනායක පිටුපසින් ගියේ මහින්ද රාජපක්‍ෂගේ පියා ඩී. එම්. රාජපක්‍ෂ ඇතුළු කිහිප දෙනෙක් පමණි. බණ්ඩාරනායක බලාපොරොත්තු වූ සහාය බණ්ඩාරනායකට ලැබුණේ නැත. බණ්ඩාරනායක යූ.ඇන්.පී.යට සහ ආණ්ඩුවට එක් කළ සිංහල මහා සභාවේ ඇතැම් සංවිධාන බණ්ඩාරනායක ආණ්ඩුව හැර යන විට බණ්ඩාරනායක පසුපස ආවේත් නැත. වෙනකක් තබා බණ්ඩාරනායක මැතිනියගේ රත්වත්තේ පවුලේ නියෝජනය කළ කෑගල්ල මන්ත්‍රී අනුරුද්ධ රත්වත්තේගේ පියා හැරිසන් රත්වත්තේ ආවේත් නැත.
‘බණ්ඩාට පිස්සු… මිනිහා ඉවරයි…’
ඔවුහු කීහ. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් එළියට ඇවිත් ශ්‍රීලනිප.ය ආරම්භ කළාට පසු ඩී. එස්. අශ්වයා පිටින් වැටී මිය ගියේය.
‘අපරාදේ බණ්ඩා ගියේ…’
ඒ වෙලාවේ යූ.ඇන්.පී.කාරයෝ බණ්ඩාරනායකට හිනා වූහ. ඒත් ඩී. එස්. මියගියේ ඩඞ්ලිට අගමැති ධුරය භාර ගැනීමට බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා සමඟ සැලසුම් සකස් කිරීමෙන් පසුව බව දැනගත් විට බණ්ඩාරනායක තමන් ගත් තීරණය හරි බව වටහා ගත්තේය. ඩී. එස්.ගේ මරණයේ අනුකම්පාව මත මහ ඡන්දයකට යන්න නව අගමැති ඩඞ්ලි තීරණය කළේය. 1952 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප.ය අන්ත පරාජයකට ලක් වූයේ බණ්ඩාරනායකව උස්සලා පොළොවේ ගසමින්ය. බණ්ඩාරනාකගේ ශ්‍රීලනිපයට ලැබුණේ ආසන 9කි. නමුත් බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප.ය ලංකාවේ දේශපාලනයෙන් දෙවැනි ප්‍රධාන බලවේගය බවට පත් වූයේ එතෙක් දෙවැනි බලවේගය ලෙස සිටි ලංකා සමසමාජ පක්‍ෂය තෙවැනි තැනට පත්කරමිනි. ල.ස.ස.ප. නායක ඇන්. ඇම්.ගේ විපක්‍ෂ නායක ධුරය බණ්ඩාරනායකට හිමි විය. 1952 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක ලද ජය වූයේ ශ්‍රීලනිප.ය ප්‍රධාන විපක්‍ෂය වීමත් ඔහුට විපක්‍ෂ නායක ධුරය ලැබීමත්ය.
මෙතැන් සිට යූ.ඇන්.පී. ආණ්ඩුවේ අර්බුද ලියලන්න පටන් ගැනුණි. අගමැති ඩඞ්ලිට එරෙහිව සර් ජෝන් අවි අමෝරා ගත්තේය. ජේ. ආර්.ට එරෙහිව ආර්. ජී. සේනානායක අවි අමෝරා ගත්තේය. 1951 බණ්ඩාරනායක ආණ්ඩුව හැර යන විට එහු පසුපස ආපු නැති මන්ත්‍රිවරු, සංවිධාන යූ.ඇන්.පී. ආණ්ඩුව ගැන කලකිරී බණ්ඩාරනායක පසුපස එන්න පටන් ගත්හ. 1956 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක අති විශිෂ්ට ජයක් ලැබීය.
‘බණ්ඩාරනායක වගේ සජිත් මේ මහ ඡන්දෙන් පැරැදිලා 2025 දිනයිද?’
ඒකත් තවම කියන්න බැරිය. හැබැයි ලංකාවේ දේශපාලනය වෙනස් කළ සන්ධිස්ථාන තුනක් තිබේ. පළමු වැන්න ඩී. එස්. ලංකා ජාතික සංගමයෙන් ඉවත් වී කොළඹ ඇල්බර්ට් ක්‍රසන්ට්හි ‘පාර්ම් කෝට්’ මන්දිරයේ යූ.ඇන්.පී.ය බිහි කිරීමය. ඒ 1946දීය. දෙවැන්න 1951 බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් ඉවත් වී ශ්‍රී නිශ්ශංකගේ ‘යමුනා’ නිවෙසේ ශ්‍රීලනිප.ය බිහිකිරීමය. තෙවැන්න බැසිල් රාජපක්‍ෂ ශ්‍රීලනිප.යෙන් ඉවත් වී මහින්ද වෙනුවෙන් 2016දී බත්තරමුල්ල ‘නෙලුම් මාවතේ පොදුජන පෙරමුණ බිහිකිරීමය. 1946 ඩී. එස්. ජාතික සංගමයෙන් ඉවත්වී පෙන්නුවේ ලංකාවේ පළමු ආණ්ඩුව හදන්නේ ලංකා ජාතික සංගමය කියන පක්‍ෂය නොව ඩී. එස්. සේනානායක කියන මිනිසා බවය. බණ්ඩාරනායක 1951 යූ.ඇන්.පී.යෙන් ඉවත් වී පෙන්නුවේ යූ.ඇන්.පී. කියන පක්‍ෂයට වඩා තමන් ශක්තිමත් කියන එකය. 2016 නිර්මාණය කරපු පොදුජන පෙරමුණට 2018දී එක් වෙලා මහින්ද පෙන්නුවේ ශ්‍රීලනිපය කියන්නේ මහින්ද කියන මිනිසා බවය. අත ලකුණට, පුටුව ලකුණට, බුලත් කොළයට වඩා මහින්ද ලකුණ ශක්තිමත් කියන එකය.
ලකුණක් කියන්නේ කොළ කැබැල්ලක ඇඳපු චිත්‍රයකි. මේ චිත්‍රයට ලක්‍ෂ ගණනක් ජනතාව ආකර්ෂණය කරගෙන ආණ්ඩු හදන්නත්, ආණ්ඩු පෙරළන්නත් බැරිය. මිනිස්සු ආකර්ෂණය කරගත්තත් ආණ්ඩු හදන්නේ හෝ පෙරළන්නෙත් ඒ ලකුණට පණ දෙන නායකයන්ය. 1994 සිට අලියාට පණ දෙන්න යූ.ඇන්.පී. නායකයන් අසමත් විය. ඒ නිසා අලියාට දිනන්න බැරි විය. ඒ නිසාම 2010 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.ය අලියාත් එපා යූ.ඇන්.පී.යත් එපා කියා හංසයා තෝරා ගත්තේය. ඒත් හංසයාට පණ දෙන්න 2010 හංසයාගෙන් ඉදිරිපත් වූ ෆොන්සේකාට නොහැකි විය. මේ නිසාම 2015 යූ.ඇන්.පී.ය තමන්ගේ ප්‍රධාන හතුරා වූ ශ්‍රීල.නි.ප.යේ මහ ලේකම්ව අපේක්‍ෂකයා කොට යූ.ඇන්.පී.යත් එපා අලියත් එපා කීවේය. 2015 මෛත්‍රිපාල හංසයාට පණ දුන්නේය. 1998 ජනාධිපතිවරණයට පසු පළමු වරට හංසයාට පණ දී යූ.ඇන්.පී.ය ජනාධිපතිවරණයක් දින්නේය. එහෙම බලද්දී දිනන්න නම් ශක්තිමක් විය යුත්තේ ලකුණ නොව ලකුණට පණ දෙන නායකයාය. සජිත් 2010 සිට කියන්නේ අලියාට පණ දෙන්න ඔහුට නායකත්වය දෙන්න කියාය. ඒත් රනිල් අලියා පිටෙන් බහින්න සූදානම් නැත.
‘යූ.ඇන්.පී.යෙන් ඉවත් වී අලියාට වඩා සජිත් ශක්තිමත් කියල පෙන්වන්න සජිත් ප්‍රේමදාස සමත් වෙයිද?’
ඒක කියන්න ලෙහෙසි නැත. හැබැයි ඔහු එහෙම පෙන්නුවොත් ලංකා දේශපාලනයේ හතර වැනි සන්ධිස්ථානය නිර්මාණය කරන්නේ ප්‍රේමදාස ලකුණය. ඩී. එස්. ලකුණද එක්සත් ජාතික ධනපතියන්ගේ ලකුණය. බණ්ඩාරනායක ලකුණ සේම මහින්ද ලකුණද සිංහල බෞද්ධ ලකුණය. ප්‍රේමදාස ලකුණ කියන්නේ තැළෙන පෑගෙන පීඩිත පොඩි මිනිහාගේ ලකුණය.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලුත් බබාට අලුත් නමක්

Next Post

මට ආදරේ ඕන තරම් ලැබෙනවා

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.