• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතියේ දෙව්දුව ලෙන් දොර හරියි, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දීම අරඹයි, ජනාධිපතිවරු තිදෙනෙක් රෙදි හකුලා ගනියි…

March 14, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
නීතියේ දෙව්දුව ලෙන් දොර හරියි, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දීම අරඹයි, ජනාධිපතිවරු තිදෙනෙක් රෙදි හකුලා ගනියි…
Share on WhatsAppShare on Facebook

‘නඩු යන්නෝ වැනසෙන්නෝ’ කියලා පැරැණි මිනිසුන් අතර ප්‍රසිද්ධ කතාවක් වේ. එහෙම කියන්නේ යම් කාරණයක් හෝ සිදුවීමක් හේතුකොට ගෙන නඩු මඟට බහින අයට ලෙහෙසියෙන් ගැළවීමක් නැති නිසාය…’ තවත් විදියකට කියනවා නම් ගෙවල් දොරවල්, හරකා බාන සියල්ල උකසට සින්න වෙනතුරුම බොහොමයක් මිනිසුන්ට ඒ තම තමන්ගේ නඩුහබවලින් ගැළවීමක් ලැබෙන්නෙ නැති නිසා නඩු යන්නෝ වැනසෙන්නෝ කියන කියමන එදා වාගෙම අදත් ප්‍රසිද්ධය.

හැබැයි ඉතින් නඩු මඟට බහින්නේ නැතුව විසඳාගන්නට බැරි, විසඳාගත යුතුම සිදුවීම්ද ඕනෑ තරම් වේ. විශේෂයෙන්ම හිතුවක්කාර ක්‍රියා කලාපයන් තුළ ඒකාධිපති පාලන ක්‍රමයන් අනුගමනය කරන දේශපාලන නායකයන් හමුවේ වැනසෙන්නට බලාගෙන හරි නඩුවකට යායුතුම වේ. බොහෝ විට බලන කල ඒ වාගේ නඩු විසඳෙන්නේ ඒවාට අවසාන තීන්දුව ලැබෙන්නේ අසාධාරණ විදියටය. ඒක එහෙම වෙන්නේ ඉහත කී අර අත්තනෝමතික ගති පැවැතුම් ප්‍රකට කරන ඒකාධිපති මට්ටමේ හිතුවක්කාර දේශපාලන නායකයන් නීතිය තම අතට ගැනීම නිසාය. බලයට තියෙන අසීමිත කෑදරකම සහ හැන්ද තම අතට ගෙන තමා වටේ සිටින යටත්වැසියන්ට තමන්ට කැමැති විදියට බෙදන්නට තියෙන අමුතු ජාතියේ ආශාව නිසා ඔවුන් නීතිය අතට ගනියි. තමන්ට ලැබුණු බලය හෝ පාලනය අවියක් කරගනියි.

ඒ වාගේ හැසිරෙන කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තාලයට කටයුතු කරන තමාට හිමිව ඇති බලය අහිමිව යතැයි බයට නීතිය අතට ගන්නට උත්සාහ දරන පාලකයන් කිහිපදෙනකු ගැන එක විදියේ කතා කිහිපයක් පසුගිය දවස්වල රටවල් කිහිපයකින්ම අසන්නට ලැබිණි. පුදුමය කියන්නේ ඒ රටවල් හැම එකම අපට අසල්වාසීකම් කියන රටවල් වීමය. ඒ අතර ‘මේ සිංහල අපගෙ රට වූ’ ශ්‍රී ලංකාවද එකකි. නඩුවට පැටලුණේ රටවල් තුනේ අගමැති තැන සහ ජනාධිපතිවරුන්ය. නඩුව දැම්මේ රටවල් තුනේම විපක්ෂ නායකවරුන්ය. මේ වාගේ සංගදිවලදී බොහෝ විට සිද්ධ වන්නේ වත්මන් පාලනයට හෝ ජනාධිපතිවරු සහ අගමැතිවරුන්ට වාසියට අවසාන තීන්දුව ලැබෙන එකය. ඒක ඒ විදියට සිදුවන්නේ ඔවුන් නීතිය තමන්ගේ අතට ගන්නා නිසාය. යුක්තිය ශක්තිය කරගන්නා නිසාය. වඳුරකුට දැළිපිහිය ලැබුණා සේ මේ ඊනියා නායකයෝ නීතිය තමාට ඕනෑ ඕනෑ විදියට ඒ මේ අත වනති. එයින් අගතියට හෝ පීඩාවට පත්වන අය ගැන ඔවුන්ට නිනව්වක් නැත. කන්නට ඕනෑ වූ විට කබරගොයාද තලගොයා ගානට ෂේප් එකේ කෑම මේසයට ගැනීමට තරම් ඔවුන් සූරයෝය. ඒ සූරකම මතුව එන්නේ තමාට ලැබුණු බලය ලෙහෙසියෙන් අතහැර ගැනීමට අකැමැති පහත් මට්ටමේ බල තණ්හාවක් ඔවුන්ගේ හිසට ආරූඪ වන නිසාය.

මොන විදියේ තුරුම්පු ගැහුවත් මේ වතාවේ නම් ඒ කියන ජාතියේ දේශපාලන නායකයන්ට වැඩ වැරැදුණේය. විද්දේ හාවාට, වැදුණේ පඳුරට කිව්වා වාගේ ඊතලය මෑනූ පඳුරවත් කොතැනකදැයි හොයාගන්න බැරි විදියට ඉහත කී නඩුහබ අතරදී සියලු රටවල නායකයන්ට නීතිය හරහට සිටියේය. තම තමන්ගේ අතට ගන්නට බලා සිටි නීතිය ඔවුන්ටම බූමරංගයක්ව කරකැවී තමන් වෙතටම ආවේය. අහල පහළ කට්ටිය ගැන හොයන්නට පළමුව මේ සිංහල අපගෙ රටයි කියන ලස්සන ගී පබැඳුණු ශ්‍රී ලංකා දේශය ගැන මුලින්ම කතා කරමු.

මේ නායකයා අපි හැමෝම වාගේ දන්නා පරිදි රනිල් වික්‍රමසිංහය. තවත් විදියකට කියනවා නම් හුණුවටයේ කතාවේ ගෲෂාට අඳින්නට ගිය, තමා ඉතා සංවේදී මිනිසකු සහ තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ සම යැයි කියාගන්නා මට්ටමේ අසමතුලිත මානසිකත්වයකින් පිරුණු නායකයකු විය. කරකියා ගන්නට බැරි තැන්වලදී තාර්කිකව තමන් පරාද වීගෙන යන තැනදී ප්‍රතිවාදියාට ‘කට වහගෙන පාඩුවේ ඉඳගනින්’ කියන ජාතියේ තියරියෙන් වැඩ කරන මේ ඊනියා නායකයා තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආකාරයට යුක්තිය සහ නීතිය හමුවේ පැරැදුණේය.

රනිල් ජනාධිපති පුටුවේ ඉඳගත්තේ අර අවුරුදු ගානකට කලින් ඩී.බී. විජේතුංග ජනාධිපති පුටුවේ ඉඳගත්ත කණා චාන්ස් ස්ටයිල් එකටය. ඩී.බී. විජේතුංග ජනාධිපති පුටුවෙහි ඉඳගත්ත තාලය රනිල් වික්‍රමසිංහ ඉඳගත්ත තාලයට වඩා බොහෝ සාධාරණය. ඔහුට සුහද ආරාධනය සාධාරණ විදියට ලැබුණේ එවක එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටි ජේ.ආර්. ගෙන්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ ඔහුගේ යටි හිතේ චිරාත් කාලයක් තිස්සේ යටපත්ව තිබුණු හීනයක් හැබෑ කරගැනීමටය. ඒ හීනය ඔහු හැබෑ කරගත්තේ වසර ගණනක් පස්මහ බැලුම් බලලාය. ඒ පස්මහ බැලුම් බැලිල්ල අවසන් කරන පොයින්ට් එක ඔහු හොයාගත්තේ අරගලය මෙහෙයවූ කොල්ලන් කරපිටට බලෙන්ම පය තියා ගිහින්ය.

ඉතින් දෙයියනේ ඒ තරම් අමාරුවෙන් හරිබරි ගැහිලා ඉඳගත්ත ජනාධිපති පුටුව අහිමි කරගැනීමට අවස්ථාව උදාකරගන්න කැමැති වෙන්නේ මොන මෝඩයද? රනිල් වික්‍රමසිංහට වුවද එහෙම හිතුණේ නැතිනම් ඒක පුදුමය. අන්න ඒ සිතුවිල්ල තුළ රනිල් එයාගේ පුටුව රැකගැනීමට දන්න කියන දහංගැට ඔක්කොම දමන්නට පසුබට වන්නේ නැත. ඒක හරියට ‘මියුසිකල් චෙයාර්ස්’ සෙල්ලමට ඉඳගත්ත බාලාංශ දරුවකුගේ ලද බොළඳ වෑයමක් වාගේය.

‘මොන මැතිවරණයක් ගැනද ඔය කතා කරන්නේ?’

‘කොහෙද මැතිවරණයක් තියෙන්නේ…?’

‘කල් දාන්නේ මොනවද? කල් දාන්න මැතිවරණයක් තියෙන්න එපායැ…’

ඒ වාගේ මිලක් නැති තර්ක විතර්ක ඔහු ඉදිරිපත් කළේ ඒකය. අන්තිමේදී මේ හිතුවක්කාර පාලක තැන ‘කට වහගෙන පාඩුවේ ඉඳගන්නවා අයිසේ…’ කියන ජනාධිපතිවරයකුට ගැළපෙන්නේ නැති තියරිය පාවිච්චි කරන්නට ගත්තේ සමහර විට හැමදාම ඒ විදියේ හිතුවක්කාර පලිහක් ඉස්සරහට දැම්මොත් කට්ටිය සරෙන්ඩර් කියලා ඔහුට සිතුණු නිසා වෙන්නට බැරි නැත. ඒක කොට්ටෝරුවාගේ ක්‍රියාකලාපය වාගේය. කෙසෙල් ගසක් තමාගේ හොටට අහුවෙන බව කොට්ටෝරුවාට හිතෙන්නේ නැත. කවදාවත් හිතෙන්නේ නැත. හැබැයි කොට්ටෝරුවා කෙසෙල් ගස හඳුනාගන්නේ කෙටුවාට පස්සෙන් පහුවය. එතකොට ඉතින් හොට පැටලිලා ඉවරය.

‘මැතිවරණය තියන්න ඔන්න අවසර. පාඩුවේ කට වහගෙන ඉඳපන්…’ යන ඉතිහාසගත අණ රනිල්ට ලැබිණි. එතැනදී රනිල් තුන්කුදුස්ව ගියේය. දැන් ඉන්නවා ඇත්තේ ඇටිකෙහෙල් කෑ උගුඩුවාගේ ස්ටයිල් එකටය.

රනිල් වික්‍රමසිංහ විතරක් නෙමේය. නීතිය හැමදාමත් දේශපාලන නායකයාගේ පැත්තේ යැයි හිතාගෙන හිටපු ඉන්දියානු ජනාධිපතිනි, පාකිස්තාන ජනාධිපතිටද සිදුවූයේ ඒ ඇබැද්දියමය. විශේෂයෙන්ම පාකිස්තානයේ සංසිද්ධිය අපේ ජනාධිපතිවරයාට වඩා සමීපය. අරීෆ් අල්වින්ද රනිල් වාගේම තමාට වුවමනා ලෙස නීතියත් විපක්ෂය සමග සමග රටේ ජනතාවත් නටවන්නට මානබලපු දේශපාලන චරිතයකි. නීතියට පටහැනිව ක්‍රියා කළ අරීෆ්, ‘මමයි ලොක්කා. මට ඕනෑ හැටියටයි හැම දේම වෙන්න ඕනෑ…’ තාලෙට තම බලය මෙහෙයවූ නායකයෙක් විය. ඔහුද පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ නියමය අනිසි ලෙස පැහැරහැර තිබිණි. නීතියට බම්බු ගහගන්න කියන තාලෙට ඔහුද අපේ නායකයා වාගේම කොළේ වහලා ගේම ගහන්නට තැනුවේය. නොසිතූ ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඓතිහාසික තීන්දුවක් දුන්නේය. හරි සැරට තීන්දුව දුන්නේය. දවස් 90ක් යන්නට මත්තෙන් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි දුන්න ඒ නියෝගයට අරීෆ් අල්වින්ට කටඋත්තර නැතිව ගියේය. නීතිය බල්ලට ගිහින් තියෙන කාලයක දුන් ඒ නියෝගය මසුරං වටිනවා නොවේද?

ඉන්දියාවේ ජනාධිපතිනියටද සාරිය අකුළාගෙන යන්න සිද්ධ වුණේ නීතිය හරියටම සාධාරණත්වය කියන තැන බලා ඇණය ගැසූ නිසාය. ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළුව ඔහුට අනුගාමිකව සේවයේ යෙදී සිටින අනෙකුත් මැතිවරණ කොමසාරිස්වරුන් වෙනසක් සිදුකළ යුතු බවට විපක්ෂය විසින් ඉන්දියානු ජනාධිපතිනි ද්‍රෞපදි මුරුමුට කිහිප විටක්ම ඉල්ලීම් කළද ඇය විසින් එය ඉටුකිරීම සැලකිල්ලට ගත්තේ නැත. බීරි අලියා අබියස වීණා ගසන ආකාරයට හැසිරුණු ඇයට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතිහාසගත නියෝගයක් සමග තීන්දුවක් දෙනු ලැබුවේ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්වයට සාධාරණය ඉටුකරලමිනි.

‘බොහෝ අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදය නම් වචනය දේශපාලනය පෙරටුකොට නීතිය හමුවේ පුපුරා ගියද නීතිය කෙදිනක හෝ සාධාරණය ඉටුකළ විට දීන දේශපාලුවනට සියල්ල හකුළාගෙන යෑමට සිදුවීම ඉතා ලැජ්ජාසහගත වේ…’

මාධ්‍යවේදියකු සහ දේශපාලන විශ්ලේෂකයකු වූ රෂිඩ් කිඩ්වායි සිය ට්විටර් ගිණුමෙහි මෙම සිදුවීම ගැන එලෙස අදහස් ප්‍රකාශ කොට තිබිණි.

එක අතකට බලන කල ළඟ ළඟ වෙසෙන රාජ්‍යයන් තුනක එක සමාන සිදුවීමක මේ විදියට දේශපාලනය සහ නීතිය සම්බන්ධව සිදුවීම හරිම පුදුමාකාරය. හරියටම එය සැලසුම් කොට කළා වාගේය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කොම්පියුටර් ගේම්වලට ඇබ්බැහි වූ 11 වසර සිසුවෙක් ගේම් එකක තිබූ චැලෙන්ජ් එකක් බාර අරන් ඉස්කෝලේ තට්ටු තුනක බිල්ඩිමකින් පහළට පැනලා! සිසුවාගේ තත්ත්වය බරපතළයි!

Next Post

මැඩගස්කරයෙන් කෙන්යාවට! කෙන්යාවෙන් ඉන්දියාවට! ගුවන් යානය ප්‍රමාද වෙයි! හරක් කටායි-කුඩු සළිඳුයි ඉන්දියාවේ හිරවෙයි!

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.